ජනවාරි 08 වෙනිදාට වහාම ජනාධිපතිවරයණයකට යන්න

0

සෝභිත හාමුදුරුවන් ඇතුළු මේ රටේ සාමාන්‍ය ජනතාව ලබා දුන් ජන වරමට ජනාධිපතිවරයා පිටුපා ඇති බැවින් ඔහුට තවදුරටත් ජනාධිපතිධූරයේ සිටීමට අයිතියක් නැති බව අමාත්‍ය පාඨලි චම්පික රණවක පවසනවා.

අද (08) පැවති සෝභිත හිමියන්ගේ තුන්වන ගුණානුස්මරණ උත්සවයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

“මේ රටේ පීඩාකාරි රජයක බලයට පැමිණි හැම අවස්ථාවකම උන්වහන්සේ එයට එරෙහිව අභීතව පෙනි සිටියා. ඒ පෙනි හිටපු හැම අවස්ථාවකටම වඩා 2014 උන්වහන්සේ කේන්ද්‍ර කරගෙන තමයි සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය මගින් පොදු අපේක්ෂකයෙක් ගෙන ඒමට තීරණය වුණේ. මේ වන විට ඒ ප්‍රජාතන්ත්‍රවාදී මාවත නව මානයකට ඇවිල්ලා තියනවා. ඒකට හේතුව රටේ ජනාධිපතිවරයා විසින්ම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා තියනවා. ආණ්ඩුක්‍රම සම්ප්‍රදාය විනාශ කරමින් ඒ වගේම තමන්ව බලයට පත් කරපු ජනතාවට එරෙහිව යමින් කටයුතු කරලා තියනවා. අපි බලාපොරොත්තු වෙනවා අබන 14 වෙනිදාට අපේ බහුතර බලය පෙන්වන්න. ඒ බහුතර බලයට පුළුවන් පාර්ලිමේන්තු ස්ථාවර න්යෝග අත්හිටුවමින්, න්‍යාය පත්‍රය අත්හිටුවමින් තමන්ට කැමති ඕනෑම යෝජනාවක් සම්මත කරගන්න. ඒ පාර්ලිමේන්තුව සතු සaජු ප්‍රජාතන්ත්‍රවාදී බලය එදාට අපි පරිහරණය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒකට කතානායකවරයාගේ එකඟතාව හිමිවෙලා තියනවා.”

“මේ අට පවතින තත්ත්වයෙන් එදාට ගලවා ගැනීමට කටයුතු කිරීම සෝභිත හිමියන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමක් විදියටයි අපි දකින්නේ. ඒවගේම ජනාධිපතිතුමාට සෝභිත හාමුදුරුවෝ ඇතුළු මේ රටේ සාමාන්‍ය ජනතාව, දේශපාලන පක්ෂ වල අය නෙමෙයි, ඒ අය ලබා දුන්න ජන වරමට ඉටුපෑව නිසා එතුමාට තවදුරටත් මේ ධූරය දරන්න අයිතියක් නෑ. එනිසා අපි එතුමාට කියනවා මේ ජනවාරි 08 වෙනිදාට එතුමාගේ ධූරකාලයට වසර 4 සම්පූර්ණ වෙනවා. ඒනිසා එතුමා කළ යුත්තේ ජනාධිපතිවරණයකට යාමයි. එසේ ගොස් එතුමා කළ කී දෑ වල හොද නරක පිළිබඳව මේ රටේ ජනතාවගෙන් විමසීමයි. ඒනිසා අපි එතුමාට කියනවා ජනවාරි 08 වෙනිදාට වහාම ජනාධිපතිවරයණයකට යන්න කියලා.” අමාත්‍යවරයා පවසා සිටියා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here