මෛත්‍රී මේ කරන්නේ ජනවරමට නිග‍්‍රයක්… ජනතා පරමාධිපත්‍යයට නිගරු කිරීමක්

0

පසුගිය පලාත්පාලන මැතිවරණයෙන් ආණ්ඩු පක්ෂය පරාජයට පත් වූ නිසා ඒ ජනවරම අහෝසීයි කියලා මේ ආණ්ඩුවට බලේ ඉන්න සධාචාරාත්මක අයිතියක් නෑ කිව්වා…. එක් එක් මැතිවරණ වල අරමුණු වෙනස්. එහෙමනම් මුලින්ම ඉවත් වෙන්න ඕන එම මැතිවරණයේ ඡන්ද හැට දෙලක්ෂයෙන්, දාහතරදහට අඩු වෙච්ච මෛත්‍රීපාල සිරිසේන බව දර්ශනපති හැඩිගල්ලේ විමලසාර හිමියන් පවසනවා.

“ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් සග පෙරමුණ” සංවිධානය කරන ලද “ප‍්‍රජාතන්ත‍්‍රවාදය වහාම තහවුරු කරන්න” යනුවෙන් කොළඹ නව නගර ශාලවේදී ඊයේ දින (06) පැවැත්වූ මහා සඟ සමුළුවට සහභාගී වෙමින් හැඩිගල්ලේ හිමියන් සදහන් කළේ මෛත්‍රීපාල සිරිසේන සුළුතර ආණ්ඩුවක් බලෙන් හදාගෙන බහුතරය සොයමින් සිටින බවයි.

“තමන්ගේ ප‍්‍රතිපත්තිවලට, අගමැතිගේ ප‍්‍රතිපත්ති අනුකූල නැහැ කියලා අගමැතිව වෙනස් කිරීම සුදුසු නැහැ. ආණ්ඩු පිහිටුවන්නේ ඡන්දයෙන්. ආණ්ඩු වෙනස් කරන්න ඕන ඡන්දයෙන්. දැන් වෙන්නේ ඒකේ අනික් පැත්ත. සුළුතර ආණ්ඩු පිහිටුවලා පස්සේ බහුතරය හොයනවා. සල්ලිවලින් මිනිස්සුන්ව ගන්න හදනවා. මේ ක්‍රියාවන් ජනවරමට නිග‍්‍රයක් වගේම, ජනතා පරමාධිපත්‍යයට නිගරු කිරීමක්. විරුද්ධවීමක්.”

Loading…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here