මෛත්‍රී ප්‍රසිද්ධියේ මන්ත්‍රීවරුන්ට අල්ලසක් දෙයි!

0

තමා පාවිච්චි කළේ එක තුරුම්පුවක් පමණක් බවත් අවශ්‍ය වුවහොත් පාවිච්චි කිරීමට තවත් තුරුම්පු බොහෝමයක් තිබෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටකයිවාරු ගසා තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

ඊයේ රාත්‍රී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාවේදී ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ තමන් ගෙන ඇති තීන්දු තීරණ කිසිම හේතුවක් මත අතරමග නතර නොකරන බවයි.

තමා මෙතෙක් ගත් තීන්දු තීරණ සියල්ල ගත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් නීතියටත් අනුව බව පවසා ඇති ජනාධිපති සිරිසේන ඒ සඳහා නීති විශාරදයින්ගේ හා ව්‍යවස්ථාවේ විශාරදයින්ගෙන් උපදෙස් ලබා ගත් බවද සඳහන් කර තිබේ.

ලබන 14 වැනිදා පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ වැඩ පිළිවෙළට සහයදෙන ලෙස එක්සත් ජතික පක්ෂයෙන් ඉල්ලීමක් කල බවත් එසේ නොකරන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් නීතියටත් එකඟව කළහැකි තුරුම්පු ළඟ තිබෙන බවද සදහන් කර තිබේ.

බහුතරය නැතිව නන්නාතාර සිටින මෛත්‍රී- මහින්ද නීතිවිරෝධී ආණ්ඩුව නවක මන්ත්‍රීවරුන්ට අල්ලස් දිමක් ලෙස හගවමින් ජනපති පවසා ඇත්තේ පාර්ලිමේන්තුව පවත්වා ගෙන යෑම සදහා ඉඩ දෙන්නේ නම් මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුපද බේරාගෙන පාර්ලිමේන්තුවේ සම්පූර්ණ කාලය ගත කිරීමට හැකි වන බවයි.

Loading…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here