ජනපති සිරිසේන බොරුකාරයෙකු බව ඔප්පු වු දවස

0

වන්දනීය,පුජනීය මහා සංඝරත්නයෙන් අවසරයි යනුවෙන් ව්‍යාජ්‍ය ලෙස විශේෂන පද භාවිතා කරමින් කටයුතු කිරිම හරහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පොඩි බොරුකාරයෙකු බව තමන් එදාම දැනගත් බව සාධාරණ සමාජයක් සඳහා ජනතා ව්‍යාපාරයේ සභාපති මහාචාර්ය සරත් විජේසූරිය පවසනවා.

අපවත්වී වදාළ සොභිත හිමියන්ගේ තෙවැනි ගුණානුස්මරණ උත්සවයට එක්වෙමින් මහාචාර්යවරයා සදහන් කළේ

“ප්‍රජාතන්ත්‍රවාදය රකිනවා, නීතියේ ස්වාධිපත්‍ය රකිනවා කිව්වා. ඔහු අශිලාචාර ලෙස තම පොරොන්දු පාවා දුන්නා. අපි කලකට පෙර ඒක දැනගන හිටියා. සොභිත හාමුදුරුවෝ දැනගෙන හිටියා.”

ඒක දෛවයෝපගත සිදුවීමක්. මොකද මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපෙක්ෂකයා ලෙස වාඩි වුණේ මෙහි. එදා එතුමා කියපු දේවල් කන් ඇතුළේ පිළිරැව් දෙනවා. ඔහු කිව්වා හය මාසයකින් විධායක ජනපතිධුරය අහෝසිකරනවා කිව්වා.

නිදහස් පක්ෂයේ සභාපති ධූරය භාර ගැනීම තමයි ජනවාරි අට සියලු දේ වතුර මුට්ටියක් පොලොවේ ගැහුවා වගේ දෙයක්.

රනිල් වික්‍රමසිංහත් එක්ක ආණ්ඩුව කරන්න බෑ කිව්වේ අමූලික බොරුවක්. අපරාධකාරයෝ අත්අඩංගුවට ගන්න දෙනනේ නැත්තේ ජනපතිවරයයි.

සිංහල ගැමියෙක් ළඟ තිබෙන සදාචාරය මේ පුද්ගලයා ළග නෑ. ඔහු පන්සිල් ගන්නා වාරයක් වාරයක් පාසා පවු පුරවගන්නවා. ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දෙන්න කියලා මගේ කීම අසලා කවුරු හරි ඡන්දය දුන්නා නම් ඒ වෙනුවෙන් මම සමාව ඉල්ලනවා.

මේ රටේ අපිට තව කොපමණ කාලයක් ජීවත් වෙන්න වෙයිද දන්නේ නෑ. සෝභිත හිමියන්ගේ තෙවැනි ගුණ සැමරුමට අපි ජනපතිවරයාට ආරාධනා කළා නමුත් ඔහුට එන්න බෑ”

එදා ශීරාල් ලක්තිලක මෛත්‍රී ජනපතිගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස පත්කර ගත් අවස්ථාවේ සෝභිත හිමියන් කී කතාව අහන්න

Loading…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here