සිරිසේන මහත්තයෝ ජනපති පුටුව ඔහේට අයිති නෑ….සිරිසේන දෙනවා කියලා උදුරගත්ත නිදහස වෙනුවෙන් ගෙනියන මේ සටන නවත්වන්නේ නෑ!

1

නිදහස ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් බලයට ගෙන ආ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ගෙන ඒඑම නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ලැබෙන තුරු ජනතාව සමඟ ගෙන යන සටන අත නොහරින බව රාජිත සේනාරත්න මන්ත්‍රිවරයා පවසා සිටියා.

ඊයේ (08) පැවති ජන බලය රථ පෙලපාලිය අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

“තමන්ව ජනතාව ජනාධිපති පුටුවේ වාඩි කෙරෙව්වේ නිදහස පුළුල් කිරිම්ම සඳහා එහෙම නැතුව නිදහස නැති කරන්න නෙමෙයි. ජනතාව දීපු ජන වරම අවුරුදු 4ක් යන්න පෙර අමතක කරලා එදා මහින්ද රාජපක්ෂ කරපු වැඩ පිළිවෙළ ඉදිරියට ගෙනි යන්න හදනවා නම් තමුන්නාන්සේට ඔය පුටුව අයිති නෑ. තමුන්නාන්සේ පොරොන්දු වෙච්ච ඒ නිදහස තමුන්නාන්සේගෙන් ලැබෙන තුරු අපි සටන දිගටම ගෙනියනවා. ”

“හොර පාරෙන් එලවන්න හදපු අපේ අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා නැවත එම පුටුවේ වාඩි කරන තුරු අපි දිගටම මෙම සටන ගෙනියනවා. එතනදි තමුන්නාන්සේගේ අතට අපි ලබා දුන්න ඒ බලය යොදා ගෙන නි ලජ්ජිතව අපිට එරෙහිව ක්‍රියා කරන්න තමුන්නාන්සේට හැකි වේවි. ඒති එදාට වත් අපි මේ සටන නතර කරන්නේ නෑ” ඔහු සඳහන් කර සිටියා.

Loading…


1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here