මෛත්‍රි පම්පෝරි ගැහුවට එයාගේ තුරුම්පු ඉවරයි…… තියෙන්නේ වල් කොළ විතරයි!

0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙනි ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන යනු ලබන ක්‍රියාමාර්ග අඩපණ කිරීමට ජවිපෙ එක්සත් ජාතික පක්ෂයට හේත්තු වී ඇති බවට සමහර පාර්ශව ගෙන යන චෝදනා ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රතිකේෂ්ප කළා.

ඒ අද (09) පැවති මාධ්‍ය හමුව අමතමිනි.

මෛත්‍රීපාල සිරිසේන විසින් මහින්ද රාජපක්ෂව අගැමති කළ ආකාරය සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථා විරෝධී බව මහින්ද පිලේ නීතීඥයෙකු වූ අධිනීතීඥ ගෝමින් දයාශ්‍රී ප්‍රකාශ කරන බවත් ඔහු එම ප්‍රකාෂ කරන්නේ රනිල්ට පක්ෂවද යන්නත් තමා එම පාර්ශව වලින් ප්‍රශ්න කර සිටින බව ටිල්වින් සිල්වා මෙහිදී පවසා සිටියා.

එමෙන්ම කුමාර වෙල්ගම මහතා සිදුකරනු ලබන ප්‍රකාශවලින්ද පෙන්නුම් කරන්නේ මෙම මෛත්‍රී  මහින්ද කුමන්ත්‍රණකාරි හවුලට ඇති විරෝධය බව අවධාරණය කළ ටිල්වින් සිල්වා සඳහන් කලේ ඔවුන් එම ප්‍රකාශ කරන්නේ තමන්ගේ හෘද සාක්ෂියට අනුව බවත් එවැනි හෘද සාක්ෂියට අනුව තම තමන්ගේ මත කියා ගැනීමට නොහැකි බොහෝ පිරිසක් සිටින බවත් ය.

කෙසේවෙතත් ජනපති මෛත්‍රීපාල සිරිසේන සතු තුරුම්පු අවසන් වී ඇති බවත් දැන් ඔහුට ඇත්තේ වල් කොළ බවත් ඔහු සඳහන් කර සිටියා.

ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහාත් මෛත්‍රීපාල සිරිසේනගේ කුමන්ත්‍රණය පරාජය කිරීම සඳහාත් දැවැන්ත වගකීමක් ජවිපෙ සතුව ඇති බැවින් ඒ සඳහා පාර්ලිමේන්තුව තුළත් පාර්ලිමේන්තුව පිටතත් විශාල ක්‍රියාමාර්ග රැසක් ගන්නා බවද ඒ සඳහා මේ වනවිටත් සිවිල් බුද්ධිමතුන්, දේශපාලන පක්ෂ, සිවිල් පුරවැසියන් ඇතුළු පාර්ශව ගණනාවක් සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවද ඔහු මෙහිදි අවධාරණය කර සිටියා.

ටිල්වින් සිල්වාගේ සම්පූර්ණ හඬ පටය,


Loading…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here