ශ්‍රිලනීප මෛත්‍රී කණ්ඩායම පිම්මකට සුදානම්! 14 වෙනිදා දේශපාලන තීන්දුවක්…

0

ඇමැතිධූර ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටි මෛත්‍රී කණ්ඩායමේ මැති ඇමැතිවරු ඉදිරි දින කිහිපය තුළදී දේශපාලන තීරණයක් ගැනීමට සාකච්ඡා කරමින් සිටින බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කරනවා.

ඒ අනුව පාර්ලිමේන්තුව යළි කැදවන ලබන 14 වැනිදා පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ඇති පුද්ගලයා පිළිබද සොයා බැලීමේ ඡන්ද විමසීම සිදුවන අවස්ථාවේදී හෝ ඊට පෙර මෙම දේශපාලන තීරණය ගැනීමට නියමිතව ඇති බවයි දේශපාලන වාර්තාකරු සදහන් කළේ.

එක්සත් ජාතික පක්ෂය සමග මෙම පිරිස ගණුදෙනු කරමින් සිටින අතර එම සාකච්ඡා සාර්ථක මට්ටමේ පවතින බව එහි ප්‍රකාශකයෙකු මේ වනවිට අනාවරණය කර තිබේ.

දුමින්ද දිසානායක ඇමැතිවරයා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශවයේ කණ්ඩායමක් සිදුවූ දේශපාලන වෙනස්කම් පිළිබද කළකිරීමෙන් සිටින අතර නියෝජ්‍ය ඇමැතිධූරයක් ලබාගත් මනුෂ නානායක්කාර සිය අමාත්‍යධූරයෙන් පසුගියදා ඉවත් විය. ඔහු ඉවත්වූ ආකාරයට අනෙක් ඇමැතිවරුද ඉදිරි දින කිහිපය තුළදී දේශපාලන තීන්දුවක් ගැනීම සදහා වන සාකච්ඡා තීරණාත්මක තැනකට පැමිණ තිබෙන බවද අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

Loading…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here