තුරුම්පු කිය කියා අදින්නේම බූරු කොල…….ජනපතිට සෙල්ලම් කරන්න රට බූරු පිටියක් නෙමෙයි

0

වර්තමානයේදී සිදුවන ව්‍යවස්ථා විරෝධී ක්‍රියාකලාපය නිසා දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ශ්‍රී ලංකාව දරුණු අගාධයකට තල්ලු වෙමින් පවතින බව එක්සත් ජාතික මහ ලේකම් අකිල් විරාජ් කාරියවසම් පවසනවා.

අද (09) මාධ්‍ය වෙත අදහස් දක්වමින් තමා පාවිච්චි කළේ එක තුරුම්පුවක් පමණක් බවත් අවශ්‍ය වුවහොත් පාවිච්චි කිරීමට තවත් තුරුම්පු තිබෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කි ප්‍රකාශය සම්බන්ධයෙන් ද මහලේකම්වරයා අදහස් දක්වා සිටියා.

සැමවිටම නායකයන් ලෙස කටයුතු කළ යුත්තේ සරල සිල්ලර අරමුණු සඳහා නොව රටේ ජනතාවගේ සුබ සිද්ධිය බවත් ඕනෑම තුරුම්පුවක් ඇදගත්ත ද රට බුරුපිටියක් බවට පත් කරන සෙල්ලම වහා නතර කරන්නැයි ජනපතිගෙන් ඉල්ලා සිටින බවත් ඔහු පවසා සිටියා.