මෛත්‍රීගේ ඒකාධිපති ගමනට එරෙහිව ජවිපෙ සටන් මගට

0

පසුගිය 26වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගසමින් ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් සදාචාර විරෝධී ලෙස නව අගමැතිවරයෙකු පත් කළ අවස්තාවේ සිට අද (09) දින ව්‍යවස්ථා විරෝධී ආකාරයට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම දක්වා ගනු ලැබූ ක්‍රියාමාර්ග නීති විරෝධී සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග බැවින් ඊට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ජවිපෙ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අවධාරණය කරයි.

මේ වනවිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පයින් ගසමින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරිම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අදහස් දක්වමින් සදහන් කර ඇත්තේ.

නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීම, කැබිනට් මණ්ඩල පත් කිරීම, පාර්ලිමේන්තුව කල් තැබීම ආදිය ඇතුළු පසුගිය 26වනදා සිට මෙ වනතුරුත් ගනු ලබමින් සිටින සියළු ක්‍රියාමාර්ග සම්ප්‍රදාය, සදාචාර්ය, ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී බවත් ඊට එරෙහි ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් රට දැනුවත් කරන බවත් ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියළු ජනතාවට ජවිපෙ ගනු ලබන ක්‍රියාමාර්ග වටා එක් රොක් වෙන ලෙසද ඉල්ලිමක් කර තිබේ.

Loading…