පාර්ලිමේන්තුව මෙලෙස විසුරුවා හැරීම ශ්‍රේෂ්ඨාධිකරණය කිසිවිටක අනුමත කරන්නේ නැහැ

0

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී බවත් එම ක්‍රියාමාර්ගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බවත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් පවසනවා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ (9) රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ මාධ්‍ය වෙත අදහස් පලකරමින් එම්.ඒ සුමන්තිරන් කියා සිටියේ අධිකරණ කටයුතු ප්‍රමාද කිරිමේ කුමන්ත්‍රණය ලෙස සති අන්තයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කල බවයි.

“පාර්ලිමේන්තුවේ ධූර කාලය වසර 4 1/2 ගත වීමට පෙර ජනාධිපතිවරයාට එය විසුරුවා හැරිය නොහැකියි. ඔහුට ඒ සදහා බලයකුත් නැහැ කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනය තුළින් පැහැදිලිවම සදහන් කරල තියෙනවා. එවන් තත්වයක පාර්ලිමේන්තුව මෙලෙස විසුරුවා හැරීම ශ්‍රේෂ්ඨාධිකරණය කිසිවිටක අනුමත කරන්නේ නැහැ. එහෙත් එක් දෙයක් තියෙනවා. මේ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ගන්න අපට ටික කාලයක් ගතවෙනවා.”

“පාර්ලිමේන්තුවේ බහුතරය නොමැතිව සිටින පාර්ශවයට මේ කාලය එක් අවස්ථාවක් උදව්වක් වේවි. මෙලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අධිකරණය අනුමත නොකරන බව දැන දැනම එය විසුරුවා හැරීම තුළින් තව ටික කාලයක් හරි ඔවුනට තියෙයි කියන හැගීම මත මෙලෙස කටයුතු කර තිබෙනවා.”

“සති අන්තයේ මෙලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් අපට අධිකරණය හමුවට යාමට තවත් දින දෙකක් ගත වන බව දැනගෙන එය අවස්ථාවක් කර ගනිමින් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබෙනවා. මෙම නියෝගයට අභියෝග කිරීමට අපි සූදානම්”

Loading…