පොහොට්ටුවට යන්නේ නෑ .. ශ්‍රීලනිපය වෙනුවෙන් කැපවෙනවා ..

0

පාර්ලිමේන්තු මැතිවරණය ජයග‍්‍රහණය කිරීම සඳහා පොදුජන පෙරමුණේ සාමාජිකයන්ගේ ඡන්ද ලබාගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනීමට තමා සූදානම් නැතැයි නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.

ඉදිරි මහා මැතිවරණය ජය ගැනීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ හා අගමැති මහින්ද රාජපක්‍ෂගේ නායකත්වය යටතේ පොදු සන්ධානයක් ගොඩනැඟිය යුතු බවත් ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ඇතුලු පක්ෂ එකට එකතු විය යුතු බවත් දයාසිරි ජයසේකර පෙන්වා දෙනවා.

තමා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වෙනුවෙන් හා එහි අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක වන බවත් මැතිවරණය ජයග‍්‍රහණය කිරීමේ අරමුණින් එක් එක් පක්‍ෂවලට යාම සහ ඒවායේ සාමාජිකත්වය ලබාගැනීමේ උවමනාවක් තමන්ට නැති බවත් තමන් කැපවන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉදිරිගමන වෙනුවෙන් පමණක් බවද දයාසිරි ජයසේකර පවසනවා.

Loading…