අගමැතිකම ගන්න මහින්ද පස්සෙ දොරෙන් ගෙට පැන්නට මම කැමති නෑ….!

0

මහින්ද රාජපක්ෂ හොර පාරෙන් අගමැතිධූරය ලබා ගැනීමට තමා විරුද්ධ බවත් එලෙස පත්වීම කිසිම සාදාචාර සම්පන්න නොවන ක්‍රියාවක් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රොෂාන් රණසිංහ පවසනවා.

දිඹුලාගල නාමල් පොකුණ විහාරස්ථානයේ පැවැති ජන හමුවක් අමතමින් මන්ත්‍රිවරයා සඳහන් කළේ ගෞරවනීය විදියට ඉස්සරහ ‍දොරෙන් මහින්ද රාජපක්ෂ අගමැති වෙනවා දකින්න තමා ඉතා කැමැත්තෙන් සිටි බවයි.

“දිඹුලාගල ප්‍රාදේශීය සභා හිටපු සභාපති ජගත් සමරවික්‍රම මහතා ඇතුළු මෙහි පැමිණ සිටින මන්ත්‍රිවරු මමත් මහින්ද රාජපක්ෂ මහතාත් අමතක නොකර රාජ්‍ය බලය ඉදිරියේ දණගහන්නේ නැතිව මා සමඟ එකට සිටිය බව මම දන්නවා. ඒක මට කවදාවත් අමතක වෙන්නේ නෑ. ජපානෙට ගිය අවස්ථාවේ නාමල් රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ මැතිතුමා මගේ බිරියට කතා කරලා රොෂාන් මට සම්බන්ධ කරලා දෙන්න කීවාම මම කාටවත් කතා කළේ නැහැ.”

“මහින්ද රාජපක්ෂ මහතා බහුතරයක් සමඟ පිටුපස ‍ෙදාරෙන් අගමැතිකම ගත්ත එකට සදාචාරාත්මකව මම කැමැති නැහැ. 75%ක ජන බලයක් සමඟ මහින්ද රාජපක්ෂ මහතා ජන නායකයා කරන්න තමයි පොළොන්නරුවේ ජනතාව සමඟ මම විධායක ජනාධිපතිතුමාට විරුද්ධව සටනක් කළේ.”

“මහවැලි සංවර්ධන ඇමැතිකම ජනාධිපතිතුමා ළඟ තියාගෙන ජනතාවට වැඩ කරනවා වාගේම පොළොන්නරුවේ අහිංසක ජනතාවට සේවය කරන්න මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවක මහවැලි සංවර්ධන කැබිනට් ඇමැතිකම මට අවශ්‍ය බව නොබියව ප්‍රකාශ කරනවා. පොළොන්නරුවේ 50%ක් ජනතාව පොහොට්ටුවට කැමැතියි. පොහොට්ටුවෙන් මිසක වෙනත් ලකුණක් යටතේ ඡන්දය ඉල්ලන්න සූදානම් නැහැ. විධායක ජනාධිපතිතුමා සමඟ එතුමාගේ ආසනය තුළ මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගේ නායකයෙක් කරන්න සටන් කරපු බව මුළු ලංකාවම දන්නවා.” හිටපු මන්ත්‍රිවරයා සඳහන් කළා.

Loading…