නීතිපති ව්‍යවස්ථාව කැලි වලට කඩාගෙන …. අතුරු තහනම් නියෝගයක් බලාපොරොත්තුවෙන්!

1

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙන් වෙන් වශයෙන් අර්ථ්කතනය කරමින් ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීති නිළධාරි නීතිපති , ජනාධිපති නීතීඥ ජයන්ත ජයසූරිය ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් සියල්ල විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද ( 13) ඉල්ලා සිටියා.

අදාළ පෙත්සම් අද (13) අග විනිසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදු කර ඇති බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ 33 වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ සඳහන් වන ප්‍රතිපාදනවලට පරිබාහිරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා විශේෂ බලයක් එම වගන්තිය තුළින් ජනාධිපතිවරයාට හිමි වී තිබෙන බවද නීතිපතිවරයා සඳහන් කළේය.

නීතිපතිවරයාගේ කරුණු දැක්විම සම්බන්ධයෙන් අදහස් දැක්වු හිටපු අමාත්‍ය නීතිඥ රවුෆ් හකිම් …

Loading…

1 COMMENT

Comments are closed.