රනිල්,පක්ෂ නායකයින් හෙට උදැසන 8.30 ජනපති හමුවෙයි… බහුතරය පෙන්වා UNF දිවුරුම් ප්‍රකාශයක් ජනපතිට යවයි..

1

එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් 113කගේ බහුතරය බලය අනුමත කරමින් ඊට අදාළ දිවුරුම් ප්‍රකාශයක් අද රාත්‍රීයේ ජනාධිපතිවරයාට ලැබිමට සලස්වා තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කලා.ඒ අනුව එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ට හෙට උදැසන 8.30ට ජනාධිපති ලේකම් කාර්‍යාලයට පැමිණේන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැනුම් දි තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුලු එක්සත් ජාතික පෙරමුණේ නායකයන් සියලුම දෙනා එම අවස්ථාවට සහභාගි වන බව එක්සත් ජාතික පෙරමුණේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයේකු අප විශේෂ වාර්තාකරු සමග පවසා තිබේ.

ව්‍යවස්ථා විරෝධි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථා විරෝධී බවට, මන්ත්‍රීවරු 122 දෙනෙකුගේ අත්සන් ලේඛනයක් සහිත ලිපියක් ඉදිරි ක්‍රියාමාර්ග සඳහා කතානායකවරයා විසින් ජනාධිපතිවරයාගේ අවධානයට යොමුකල අතර මේ වනවිට ඒ සම්බන්ධයෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඇතැමුන් විවිධ ප්‍රකාශ කලද එවා සත්‍ය නොවන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු මේ වනවිට තහවුරු කර තිබේ.

Loading…

1 COMMENT

Comments are closed.