ජනාධිපතිතුමණි පුළුවන්නම් ජනවාරි 8න් පස්සේ ජනාධිපතිවරණයට යන්න එදාට අපේ තුරුම්පු පෙන්නම් – හකීම්ගෙන් මෛත්‍රිට අභියෝගයක්!

1

තමා වටේ සිටින ගොඩ පෙරකදෝරුවන්ගේ කතා අසා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය බවත් දැන් එම තීරණය ආපස්සට හරවා ගැනීමට නොහැකිව සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි රාවූෆ් හකීම් පවසනවා.

ඊයේ (15) එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කර තිබු විරෝධතාව අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

“විශ්වාසභංගයකට මුහුණ දෙන්න බැරිව තමන්ගේ ගෝල බාලයෝ ගිහිල්ලා ගහපල්ලා, ගහලා ගනිල්ලා කියලා උසි ගන්වලා හිමිට පාර්ලිමේන්තුවෙන් එලියට යන මැද මුලනේ මහ පෞරුෂත්වය දැකලා මට දුක හිතුණා සහෝදරවරුණි. නමුත් අපි ආඩම්බර වෙනවා. අද පාර්ලිමේන්තුවේදී කතා කරද්දි එතුමා කියනවා ජනතා පරමාධිපත්‍යය ජනතාව අතේලු. අපිට මහ මැතිවරණයට එකඟ වෙන්නලු. අපි කියනවා අපි මහ මැතිවරණයට එකඟයි. ඊට පෙර දැන් මුලින් ජනාධිපතිවරයාට නොයෙක් දේවල් කරන්න තිබුණා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර එතුමාටම අවේනික වූ එක අයිතියක් තිබුණා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරුණු විමසා කරන්න තිබුණා. එතුමාට ඒක කරන්න දුන්නේ නෑ. නිකම් ගොඩ පෙරකදෝරුවරුන් කිහිප දෙනෙක් කියන දේවල් අහලා පාර්ලිමේන්තුව විසුරුවා හැරලා දැ ඉතින් ආපස්සට හැරවෙන්න බැරුව දඟලනවා. අපි කියනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ඔබතුමාට තව එක දෙයක් කරන්න තියනවා. ඒ අයිතිය පාවිච්චි කරන්න ජනවාරි 8 න් පස්සේ ජනාධිපතිවරණය කලින් කැදවන්න පුළුවන්. කැඳවලා ඔබතුමා අපේක්ෂකයෙක් විදියට ඉදිරිපත් වෙන්න පුළුවන් . මම අභියෝග කරනවා ඔබතුමාට පුළුවන් නම් ජනාධිපතිවරණය කලින් කැඳවලා ඔබතුමා ඉදිරිපත් වෙන්න. අපි පෙන්නම් අපේ තුරුම්පු. අපේ තුරුම්පුව අපි පෙන්නලා කොහොමද ජනතාවගේ පරමාධිපත්‍යය ජනතාවට දෙන්නේ කියලා අපි ඔප්පු කරලා පෙන්නම් ජනාධිපතිතුමණි,”  මන්ත්‍රිවරයා පවසා සිටියා.



1 COMMENT

Comments are closed.