අපරාධ වලින් බේරෙන්න රාජපක්ෂලා සිරිසේන සමඟ දැමූ ඩීල් වල ප්‍රතිඵල මෙන්න……

8

ලසන්ත වික්‍රමතුංග, කීත් නොයාර් ඇතුළු මාධ්‍යවේදීන්ට හිංසා කිරීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර යවා තිබෙනවා.

සේවයේ අවශ්‍යතා මත යැයි සඳහන් කරමින් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට මීගමු කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා ස්ථාන මාරු කර තිබේ.

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම, උපාලි තෙන්නකෝන්, කීත් නෝයාර් සහ නාමල් පෙරේරා යන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ට වධ හිංසා කිරීම ගැන විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ ද නිශාන්ත සිල්වා බව මෙහිදි විශේෂයෙන්ම මතක් කළ යුතුය.

එසේම කොළඹ දී තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය ගැනත්, එම තරුණයක් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ ප්‍රධාන සැකකරුවකුට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රැකවරණය ලබා දුන්නැයි කියන සිද්ධිය ගැනත් විමර්ශන පවත්වන්නේ ද නිශාන්ත සිල්වා ය.

එල්ටීටීඊ සංවිධානය සිදු කළ අපරාධ 60ක ආසන්න විමර්ශන සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මෙන්ම යාපනයේදි ශිවලෝගනාදන් විද්‍යා දැරිය අපයෝජනය කර මරා දැමීම සම්බන්ධ නඩුවේ විමර්ශන පවත්වා ඇත්තේ නිශාන්ත සිල්වා විසිනි.



8 COMMENTS

  1. You could certainly see your enthusiasm in the article you write.
    The world hopes for more passionate writers such as you who
    aren’t afraid to mention how they believe. At all times go after your heart.

  2. Xin chào tôi là Ngô Minh Hoàng. Tôi
    đã mua và sử dụng sản phẩm bên shoptinhyeu247.com.

    Và cảm thấy sản phẩm của shop rất có hiệu quả.
    Khi mua sản phẩm Bao cao su – Gel kéo dài thời gian quan hệ
    Durex thì thấy hiệu quả rất tốt.

Comments are closed.