ආයෝජකයන් බිලියන ගණනින් රටේ මුදල් ඉවත්කර ගනී… සංචාරක කර්මාන්ත සමතලා වෙයි…. සිරිසේන -මහින්ද ජුන්ටාව රට කම්බස් කරයි…

1

ඔක්තෝබර් 26 වැනි දා සිට ගතවූ සති තුනකට ආසන්න කාලයේදී රුපියල් බිලියන 30කට වැඩි මුදලක් විදෙස් ආයෝජකයන් වෙළෙඳපොළෙන් ඉවත් කරගෙන ඇති බව reuters පුවත් සේවය අනාවරණය කරනවා.

රටතුක සිදුවු ව්‍යවස්ථා කුමන්ත්‍රණය හේතුවෙන් ඇති වූ දේශපාලන අස්ථාවරත්වයක් සහ අවිනිශ්චිත තත්ත්වය මෙසේ ආයෝජන ඉවත් කරගැනීමට හේතුවූ බව විශේෂඥ පෙන්වා දෙන බවද reuters පුවත් සේවය සදහන් කර තිබේ.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් කිරිම හරහා මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත්කර ගැනිමත් ඊට අනුරූ කැබිනෙට්ටුවක් පත්කර ගැනිමත් අවස්ථා දෙකකදි පාර්ලිමේන්තුවේදි අති බහුතරයකින් මහින්ද සහ කැබ්නෙට්ටුව පරාජය විමත් හේතුවෙන් ජාත්‍යන්තරව ශ්‍රි ලංකා ආණ්ඩුව සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති බව තහවුරු වි තිබේ.

මේ වනවිට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හේවත් IMF රටේ ආර්ථික මට්ටම ඉහළ නංවාලීම කොන්දේසියක් බවට පත් කොට ගනිමින් ලබා දීමට නියමිතව තිබු මෙම ණය මුදලේ ප්‍රමාණය ඩොලර් බිලියන 1.85ක මුදල නතර කර දමා තිබේ.ඊට අමතරව ඇමරිකා එක්සත් ජනපදය ලබාදිමට නියමිතව තිබු ඇමරිකන් ඩොලර් මිලියන 490ක මුදලක්,ජපානය ලබාදිමට නියමිතව තිබු ඇමරිකානු ඩොලර් බිලියන 1.4 ක මුදලක්, ලබාදිම නතර කර දමා තිබේ.

මීට අමතරව එක් මසක් තුල රුපියල කඩා වැටිම හේතුවෙන් රුපියල් බිලියන 100ක මුදලක් පාඩු ලබා තිබේ.මේ වනවිට ශ්‍රී ලංකා රුපියල තවදුරටත් වාර්තා ගත ලෙස පහත වැටුණු අතර එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 178.26 ක් ලෙස දැක්විණි.

මේ අතර සංචාරක ක්ෂේත්‍රය බරපතල ලෙස කඩා වැටි ඇති අතර මසක් ඇතුලත හොටල් වෙන්කරව ගැනිම් අවලංගු කර ගැනිම හෙතුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 50ක් මුදලක් රටට අහිමි වි තිබේ.

මිට අමතරව GSP+ අහිමි විමේ අවදානමකට ලක්ව ඇති අතර යුරෝපා සංගමය හරහා යුරෝපා මත්ස්‍ය වෙළදපලට මත්ස්‍ය අපනයන කිරිමේ අවස්ථාවද අහිමි විමේ අවදානමකට ලක්ව තිබේ.

මෙම දේශපාලන අස්ථාවරත්වය ඉක්මනින්ම විසදා ගැනිමට අසමත් වන්නේ නම් එක්සත් ජාතික සංවිධානයට මානව හිමිකම් මුල්කර ගනිමින් සම්බාධක පැනවිමේ තත්ත්වයක්ද උදාවෙමින් තිබේන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සදහන් කර ඇත්තේ.

Loading…

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here