ලංකාව සම්බන්ධයෙන් වන සාකච්ඡාත් IMF අත්හරී

2

ශ්‍රී ලංකාවට මීළඟ ණය වාරිකය ලබාදීම පිළිබඳ සාකච්ඡා කල් දමා ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ප්‍රකාශයකයෙකු රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.

එම පුවත් සේවය ඊයේ (20) කරන ලද විමසීමකට අනුව එම ප්‍රකාශකයා මෙලෙස පවසා ඇතැයි වාර්තා වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් පසුගිය සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔවුන් ශ්‍රී ලංකාවට ලබාදෙන ණය මුදල පිළිබඳ පස්වන ආර්ථික කාර්යසාධන සමාලෝචනය සිදු කළ අතර එම කරුණු ඔක්තෝබර් මාසයේ පැවැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම් අතරවාරයේදී සාකච්ඡාවකට ලක්විය. එම එකඟතාවයෙන් පසු ව ශ්‍රී ලංකාවට අනුමත කරන ලද ණය මුදලේ අවසන් වාරිකය ලබාදීම පිළිබඳ අධ්‍යක්ෂ මණ්ඩල සාකච්ඡාව නොවැම්බර් මස මැදදී පැවැත්වීමට නියමිතව තිබූණි.

 



2 COMMENTS

Comments are closed.