ව්‍යාවස්ථා අර්බුදයේ වින්නැහිය

1

පෞද්ගලික එදිරිවාදිකම් නිසා රට විනාශ මුඛයට යාමට ඉඩ නොදිය යුතුය. ජනතාවගේ ස්වභාවය පාලනය කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි.

සියල්ල කරළියට පැමිණියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ අතර පැවති පෞද්ගලික එදරිවාදිකම් කූට ප්‍රාප්තියට පත් වීමත් සමගය. ජනාධිපතිවරයා අගමැතිවරයා බලයෙන් පහකොට, ඔහුගේ ප්‍රබලම දේශපාලන සතුරා වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව එම තනතුරට පත් කිරීම නිසා මුළු රටම අර්බුදයක වෙළාගත් බව සමස්ත ජනතාවම හොදින් දැනගත්තේය. ඔක්තෝම්බර් 26 වෙනිදා නැවත කඩිමුඩියේ අගමැති දිවුරුම් දීම නිසා අර්බුදය නිර්මාණය වූ බව ඉන්දයානු මාධ්‍ය වාර්තා කළේය.

ජනාධිපතිවරයා මෙහිදී භාවිතා කළ උපාය වූයේ, පැවති හවුල්කාර ආණ්ඩුවේ එක් පාර්ශ්ව කරුවකු වූ එක්සත් ජනතා නිදහස් සන්ධානය නිල වශයෙන්, විනාඩි කිහිපයකට පෙර ආණ්ඩුවෙන් ඉවත් වීමත් ඉන් පසුව පැවති ආණ්ඩුව තවදුරටත් ව්‍යාවස්ථානුකූල නොවේය යන තර්කයයි.

ජාතික ආණ්ඩුවකට 30 කට වැඩි සංඛ්‍යාවක් කැබිනට් අමාත්‍යවරුන් තබාගත හැකි වුවද එය බිඳවැටුණු විට ව්‍යාවස්ථාවට අනුකූලව කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව අඩු කළ යුතු වේ. මෙය වික්‍රමසිංහ අගමැතිවරයා සමග සාකච්ඡා කොට උපදෙස් පරිදි කළ යුතු වුවද තම අභිමතය පරිදි ක්‍රියා කිරීමට ව්‍යාවස්ථාවෙන් බලය ඇති බව කියමින් අත්තනෝමතිකව ක්‍රියා කරන්නට ජනාධිපතිවරයා පෙළඹුණේය.

ශ්‍රී ලංකාවේ රාජාණ්ඩුවක් තිබුණේ නම් අධිරාජ්‍යයකු මෙන් අභිමතය පරිදි බලය පරිහරණය කරන්නට හැකියාව තිබෙන නමුත් චර්යා ධර්ම පද්ධතියක් යටතේ ඊට සීමා පැනවෙන බව කිහිපවරක්ම ම විසින් සඳහන් කර ඇත. එහෙත් ශ්‍රී ලංකාව ජනරජයකි. ජන රජයක් යටතේ අභිමතය පරිදි බලය පරිහරණය කිරීම ගැන කතා කිරීම මූලධාර්මික කරුණු වැරදියට වටහා ගැනීමකි. එසේ වන්නේ ජන රජයක ජනාධිපතිවරයා ජනයාගේ පැවැත්ම පාලනය කරන්නා පමණක් වන නිසාය. පැවැත්ම උදෙසා අනෙක් අයට නැති බලයක් ඔහුට හිමි නොවේ.

එම නිසා ජනරජ ව්‍යාවස්ථාව යටතේ ජනාධිපති ලෙස දිවුරුම් දී ඇති තැනැත්තා අනෙකුත් වගකිවයුත්තන්ගෙන් නිසි උපදෙස් ලබාගත යුතු වේ. දැනට මතුව ඇති ගැටලුවේදී ඒ සඳහා නිසි වගකීම දරනු ලැබූයේ අග්‍රාමාත්‍ය වික්‍රමසිංහයි.

අගමැතිවරයා පත්කළ පසුව බහුතරය සෙවීම.

ජනාධිපතිවරයාගේ උපාය වූයේ මහින්ද රාජපක්ෂ පත්කොට ඉන් පසු ඔහු හා එකතු වී පාර්ලිමේන්තුවේ බහුතරය සෙවීමට අවශ්‍ය කටයුතු කිරීමයි. රහසිගතව ලොකු ලොකු ගණන්වලට මන්ත්‍රීවරු විකිණීම ගැන ආරංචි සහ කටකතා පැතිර ගිය අතර රාජපක්ෂ කඳවුරට පනින්නන් සහ මුදලින් ගෙවන අල්ලස් මෙන්ම රිසි රිසි කැබිනට් තනතුරු දෙන බවට ද චෝදනා නැගුනේය. පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සාධාරණීකරණය කරමින් මන්ත්‍රීවරුනට මිලක් නියම වීම පිළිබඳව ජනාධිපතිවරයාම කරණු කියා සිටියේය. ඒ ආකාරයට ඔවුනට දඞුවමක් දෙන බව අගවමින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බව කීවේය.

කිහිප වාරයක් ඔහු වරින් වර රාජපක්ෂ රජයට අමාත්‍යවරුන් පත් කළේය. එහෙත් ඒ මගින් අදාළ බහුතරය එකතුකර ගත නොහැකි බව පසුව පෙනී ගියේය. මේ අතර බලයෙන් පහකරනු ලැබූ අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ, තමා තවමත් රටේ නීත්‍යානුකූල අගමැතිවරයා බව කියා සිටිමින් සිය නිල නිවස වූ අරලියගහ මන්දිරයෙන් නික්ම නොයා එහි රැඳී සිටියේය. මෙහි ප්‍රතිඵලය වූයේ ආණ්ඩුවක් නැති රටක අගමැතිවරුන් දෙදෙනෙකු පහළ වීමයි. මිනිසා විසින්ම නිර්මාණය කරගනු ලබූ මේ අවස්ථාවේ අර්බුදය නිසා දරුණු ආර්ථික ප්‍රතිවිපාක අත්විඳින්නට සිදුවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. එම ගැටලු ඉක්මනින් විසඳා ගත යුතු බව ද පුන පුනා කිව යුතු නැත.

එකක් කඩතොලු වසාගන්නට ගොස් බොහෝ කඩතොලු මතුවිය.

මෙය සිහිනුවණින් ක්‍රියා නොකොට එක වරදකින් තවත් වරදකට පැනීමකි. වික්‍රමසිංහ තම බලය ප්‍රදර්ශනය කරන්නට උත්සාහ කළ විට පාර්ලිමේන්තු සභා වාර කල් තැබිණි. ඉන්පසු මතුවූ යෝධ ජනතා විරෝධය සහ අන්තර් ජාතික විරෝධතා හමුවේ පාර්ලිමේන්තුව නැවත රැස්වන දිනය නියමිත දිනට වඩා දින දෙකකින් ඉදිරියට ගැනුණේය. නැවත සභාවාරය ආරම්භ කළ විට රාජපක්ෂ විශ්වාස භංග යෝජනාවෙන් පරදින බව පෙනෙන විට ව්‍යාවස්ථාවේ වෙන්කොට ගත් ප්‍රතිපාදනයකට මුවා වී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට තීරණය කළේය. මෙහිදී මැතිවරණයකට පවා දින නියම කරන ලදී. මෙහිදී ඔහු කළ වරද වූයේ ව්‍යාවස්ථාව සමස්තයක් සේ නොගෙන තමන්ගේ ක්‍රියාවට උදවුවෙන වගන්ති පමණක් ඉවහල් කර ගැනීමයි. ඔහු විසින් කරන ලද මෙම වරද ඔහුට සහය දෙමින් ඇතැම් නීතිඥවරු පවා අනුමත කළහ.

එසේ වුවද ව්‍යාවස්ථාව යනු තමන්ට අදාළ කොට පමණක් පරිශීලනයට ගන්නා පරිශීලන ග්‍රන්ථයක් නොවේ. එය සමස්ත ජාතියම ඉරණම තීන්දු කරන ලියැවිල්ලකි. එය පියවා ගත යුත්තේ සමස්ථයක් ලෙස සලකාය. එම ව්‍යාවස්ථාවේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඇති සාමාන්‍ය බලතල අවුරා තබන වගන්ති කිහිපයක් ඇත. පාර්ලිමෙන්තුව ප්‍රථම දින සිට අවුරුදු හතර හමාරක් ගත වන තුරු විසුරුවා හරින්නට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් සම්මත කරගෙන එය ජනාධිපතිට ඉදිරිපත් කළ යුතු වෙයි.

යම් අයකු සමස්ථයක් ලෙස සලකා ව්‍යාවස්ථාව කියවා බලනවිට එවැනි අවුරා තැබීමේ වගන්ති ඊට ඇතුලත් කොට ඇත්තේ මන්ද යන්න පැහැදිළිව අවබෝධ කර ගනු ඇත. එසේ කොට ඇත්තේ යම් තරමක කාලයක් පුරා ප්‍රතිපත්ති සමුදායක් බාධාවකින් තොරව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරලනු සඳහාය. එසේ වූ, පාර්ලිමේන්තු බල කාලය අවම වශයෙන් අවුරුදු හතර හාමාරක් විය යුතුය. තමාට අවශ්‍ය අදාළ වගන්ති පමණක් කියවාගෙන, තමන්ට තහනම් කිරීම් පනවා ඇති කොටස් නොසලකා හැරීම ජනාධිපතිවරයා විසින් නොකළ යුත්තකි. ඔහුට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අවශ්‍ය නම් ඔහු කළ යුතුව තිබුණේ ව්‍යාවස්ථාව අනුව තුනෙන් දෙකක බහුතරයකින් තමන් හට බලය ඉල්ලා සිටීමය.

අත්තනෝමතිකව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් අර්බුදය දිග්ගැසීමය.

පාර්ලිමේන්තුව අත්තනෝමතික ලෙස විසුරුවා හැරීම නිසා, ජනාධිපතිවරයාගේ ක්‍රියාව ව්‍යාවස්ථාවට එකග වේද යන්න විමසමින් එය පිළිනොගත් පාර්ශ්ව ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරියට යාම දක්වා අර්බුදය දිග් ගැසුණේය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් විය. දෙසැම්බර් මස මුලදී මීට අදාළව පූර්ණ විභාගයක් පැවැත්වීමට අධිකරණය බලාපොරොත්තු වෙයි.

මේ අතර වාරයේදී පාර්ලිමේන්තු සභාවාරය ජනාධිපතිවරයාගේ පෙර නියෝගය මත ඇරඹුණු පසුව, පාර්ලිමේන්තුවේ යම් නීතියක් සම්මත කරන එක්තරා ක්‍රමවේදයක් අනුගමනය කොට, එනම් කථානායකවරයා අසන හඞ අනුව රාජපක්ෂ සහ ඔහුගේ රජය කෙරේ විශ්වාස භංග වී ඇති බව පළ කෙරෙන යෝජනා දෙකක් බහුතරයෙන් සම්මත කරන ලදී. ව්‍යාවස්ථාව අනුව එවැනි විශ්වාස භංග යෝජනාවක් බහුතරයෙන් සම්මත වූ විට පවතින රජය ඉබේම විසුරුවා හැරෙන්නේය. එවිට එම විසුරුවා හැරීමෙන් පාර්ලිමේන්තුව බහුතර විශ්වාසය දිනාගත හැකි තවත් අයකු පත් කිරීමට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කෙරේ. එහෙත් ජනාධිපතිවරයා තවත් වරදක් කරමින්, එම විශ්වාස භංග යෝජනා ප්‍රතික්ෂේප කොට, වඩාත් නිශ්චිත ක්‍රමවේදයක් භාවිතයෙන් එම යෝජනා නැවත සම්මත කරගන්නා ලෙස දන්වා සිටී.

වික්‍රමසිංහ කණ්ඩායම ඉන් ජයගත් විට නීතිය නොතකන රාජපක්ෂ කණ්ඩායම පාර්ලිමේන්තු සැසියට බාධා කළහ. මේ හරහා පාර්ලිමේන්තුව තුළ මතුවුණ අරාජික බව ශ්‍රී ලංකා ජනයා මෙන්ම පිටස්තර ජනයාද සියැසින් දැකගත්හ. බොහෝ විදේශ සේවා නිලධාරීහු ට්වීටර් පණිවුඩ මගින් ඒවා බාහිර ලෝකයාට යැවූහ. මතුවූයේ අතීශය කණගාටු දායක තත්වයකි.

මේ සියල්ල රජ්‍ය පාලනය භාරව ඉන්නා ජනාධිපතිවරයාට එරෙහි විශ්වාස භංග වීම පල කරන්නක් ලෙස නිගමනය කළ හැකි වේ. වරදේ බරපතල කම පිළිබඳව පුර්ණ අවබෝධයක් නොමැතිව ක්‍රියාකිරීම ජනාධිපතිවරයා විසින් කරන්නා වූ තවත් වරදකි.

වික්‍රමසිංහ අතින් වැරදි කෙරී ඇති හෙයින් ඔහුද වරදින් මිදෙන්නේ නැත.

ජනාධිපතිවරයාට වික්‍රමසිංහට නොකැමතිවන්නට ඕනෑ තරම් හේතු ඇත.

ප්‍රසිද්ධ මහ බැංකු වංචාව යට ගැසීමට වික්‍රමසිංහ දැරූ නිර්ලජ්ජ උත්සාහය ඉන් එකකි. 2015 පෙබරවාරි 27 වැනිදා මෙය සිදුවන විට ජනාධිපතිවරයා විදේශගතව සිටි අතර, මෙය ඔහු දැනගත් විට මෙම වංචාව පිළිබඳ සොයා බැලීමට කොමිසමක් පත්කරන ලෙස හෙතෙම තම ලේකම්වරයාට නියෝග කළේය. එහෙත් තමාට සමීප නීතිඥවරුන් තිදෙනකු මෙම සිදුවීම පරීක්ෂා කිරීම උදෙසා පත්කොට වික්‍රමසිංහ, ජනාධිපතිවරයාව ඉන් ඉවත් කර තැබුවේය. එම විමර්ශන වාර්තාවෙන් මහ බැංකුවේ නිලධාරීන් කිහිප දෙනෙකු දැඩි දෝෂ දර්ශනයට ලක් කළ ද, වික්‍රමසිංහගේ හිතවාදියෙකු වූ මහබැංකුවේ අධිපතිවරයාට චෝදනාවලින් මුදවාලන චරිත සහතිකයක් දුන්නේය. ඔහු මහබැංකු අධිපතිවරයා ආරක්ෂා කරමින් අනුගමනය කළේ වරදට ගොළුවත රැකීමේ ප්‍රතිපත්තියකි.

ඊට අදාළ කාරණා අතීශය බැරෑරුම් තත්වයක් දක්වා වර්ධනය වූ විට, 2015 අගෝස්තුවේ පැවති මහමැතිවරණයට ටික දිනකට පෙර ජනාධිපතිවරයාට රූපවාහිනියෙන් ජාතිය ඉදිරියට පැමිණ මේ පිළිබඳ කරුණු අනාවරණය කරන්නට සිදු වූයේය. ප්‍රශ්නයට මුහුණ දී සිටින මහබැංකු අධිපතිවරයා දිගින් දිගටම ආරක්ෂා කරන්නට ගොස් තමාගේ “මිස්ටර් ක්ලීන්” යන නම කැත කර ගන්නට එපා යැයි වික්‍රමසිංහට අවංකව අවවාද කරන්නට ඔහුට සිදුවූයේය. එහෙත් ඒ ගැන ඇහුම්කන් දීමක් සිදුවන බව පෙනුණේ නැත. විරුද්ධ පක්ෂය මෙය ජාතික ප්‍රශ්නයක් ලෙස මහමැතිවරණ සමයේ ජාතිය ඉදිරියට ගෙන ආවේය. දූෂණ විරහිත සමාජයක් ගොඩනගන බවට පොරොන්දු දෙමින් බලයට පැමිණි රජයකට එය හිස රදයක්ම විය. බොහෝ අයගේ විශ්වාසය අනුව එජාපයට පාර්ලිමේන්තු බහුතරයට වඩා ආසන පහක් හෝ හයක් අඩුවෙන් ලැබී තනිවම රජයක් පිහිටු වීම වැලකුණේ තමන් නිර්දෝෂී බව ඡන්දදායකයන්ට ඒත්තු ගැන්වීමට නොහැකි වූ නිසාය. ඒ අතර විවිධ ඡන්දදායකයෝ සිටියහ.

බැඳුම්කර වංචාව වසා ගන්නට දැරූ උත්සාහයන් අතීශය ප්‍රශ්නකාරී වීම.

වික්‍රමසිංහගේ අවාසනාවට බැඳුම්කර මගඩිය පිළිබඳ ආන්දෝලනය බරපතළ ලෙද නොකඩවා වර්ධනය වූයේය. කෙතරම් ගරුත්වයට හානි වුවද ඔහුගේ රජයට ඊට මුහුණ දෙන්නට සිදුවිය. ගොඩනැඟුණු අප්‍රසන්න තත්වය පිළිබඳ නොසතුටු සිතින් පසුවූ ජනාධිපතිවරයා මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව (මහජන ව්‍යාවසාය පිළිබඳ කමිටුව) හරහා නිවැරදි තොරතුරු සොයා බලන්නට උත්සාහ ගත්තේය. එහෙත් එම කමිටුවේ සිටි එජාප නියෝජිතයෝ කමිටු වාර්තාව අඩපණ කළහ. කමිටුවේ ජවිපෙ සාමාජිකයා ඒ පිළිබඳව අනුකම්පාව දැක්විම ප්‍රතික්ෂේප කළ විට එජප නියෝජිතයෝ වාර්තාවේ සඳහන් පණිවිඩය දියාරු කරන්නට තැත් කළහ. මෙහිදී ඔවුන් කළේ වාර්තාවේ පාද සටහන් (Footnotes) ඇතුලත් කොට එම වාර්තාව පමණක් නොව ඒ සමග වාර්තා දෙකක් එක්ව කියවිය යුතු වග සභාපතිවරයාට මතක් කර දීමයි.

මෙහිදී නැවත ඊට මැදිහත් වන්නට ජනාධිපතිවරයාට සිදුවූයේ වික්‍රමසිංහ විසින් මෙහෙයවනු ලැබූ එජාප නියෝජිතයන් කොප් වාර්තාව වසන් කරන්නට උත්සහ කළ නිසාය. ජනාධිපතිවරයා මැදිහත් වූයේ මේ සඳහා ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කිරීම කිරමිනි. බැඳුම්කර මගඩියට අදාළ එම කමිටුවේ වාර්තාව මේ වන විට නිකුත් වී තිබේ. එම වාර්තාවේ වංචාවට අදාළව වික්‍රමසිංහ ගැන හෝ ඔහුගේ ජ්‍යේෂ්ඨ අමාත්‍යවරුන් පිළිබඳ සඳහන් නොවන්නේ නමුත්, මහබැංකු අධිපතිවරයාත් ඔහුගේ බෑනා ඔහුගේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් විසිනුත් හවුලේ පවත්වාගෙන ගිය මූලික ගැනුම්කාර කොම්පැනියක් වංචාවට සම්බන්ධ වූ ආකාරය ඉන් අනාවරණය කර තිබේ. මහාබැංකු අධිපතිවරයාගේ ධූර කාලය නිමාවූ විට ජනාධිපතිවරයා ප්‍රකෝපකරමින් ඔහු නැවත පත් කිරීමට වික්‍රමසිංහ උත්සාහ ගත්තේය. ඔහුගේ කාලය තවදුරටත් දිර්ඝ කිරීම නවතා ජනාධිපතිවරයා, වික්‍රමසිංහගේ උත්සාහය ව්‍යාර්ථ කර දැමුවේය.

ආර්ථික පතිපත්ති සම්පාදනයේදී ජනාධිපතිවරයාව පසෙකින් තැබීම.

ජනාධිපතිවරයා, වික්‍රමසිංහ නුරුස්සන්නට තවත් හේතුවක් තිබිණි. සියලුම ආර්ථික ප්‍රතිපත්තිමය තීරණ ගනු ලැබුවේ වික්‍රමසිංහ නායකත්වය දැරූ ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුවෙනි (CCEM) ඊට අදාළ සියලුම කරුණු ජනාධිපතිවරයාට දැනගන්නට ඉඩ තැබුවේ නැත. රටට අදාළව ගනු ලැබු බොහෝ තීරණ තමාට දැනගන්නට ලැබුණේ ඒවා කැබිනට් මණ්බල අනුමැතියට ඉදිරිපත් කළ විටදී පමණකැයි ඔහුට ප්‍රසිද්ධියේ මැසිවිළි නඟන්නට සිදුවූයේය.

ප්‍රධාන හවුල්කාර පාර්ශ්ව දෙකක් ඇති යහපාලන රජයක් කටයුතු කළ යුත්තේ එසේ නොවේ. එහෙත් ඒ පිළිබඳව ඉදිරිපත් වූ පැමැණිලි නොසලකා ජනාධිපතිවරයාට ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී දිගින් දිගටම නොසලකා හරිනු ලැබිණි. මෙම තත්වය දරාගත නොහැකි මට්ටමට ලංවූ විට (CCEM) ඉවත දමා අලුත් ජාතික ආර්ථික සභාව (NEC) පිහිටු වන්නට තීරණය කළේය. එහි සභාපතිත්වය ජනාධිපතිවරයා සතු විය.

මේ ආකාරයෙන් ජනාධිපතිවරයා සහ වික්‍රමසිංහ අතර ගොඩනැගුණු විරසකය දීර්ඝ ඉතිහාසයක් පුරා පැවත ආවෙකි. එය හදිසියේ ඔක්තෝබර් 26 දින මතුව විත් වික්‍රමසිංහව. ජනාධිපතිවරයා ඉවත් කරන්නට තීරණය කළා නොවේ.

පෞද්ගලික එදිරිවාදිකම්, ජාතික තලයේ කාරණාවලට ගාවා ගත යුතු නැත.

එහෙත් දැන් පෞද්ගලික විරසකය ජාතික විරසකයක් බවට පත්වී, ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික හවුල්කරුවන් ද ඊට මැදිහත් වී දැන් එය ගෝලීය විරසකයක් බවට පත්ව තිබේ.

රටේ ආර්ථිකය දැනටමත් දැඩි අර්බුදයකට ලක්වී අතීශය තීව්‍ර ලෙස එය පීඩා විඳින්නට පටන්ගෙන තිබේ. අද වන විට ආණ්ඩුවක් නොමැතිව රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයක් නොමැති තත්වයකට රට පත්ව තිබේ. මෙහිදී පවතින්නේ රාජපක්ෂ හිතවාදීන් ගොඩනගා නිවේදනය කරන ආර්ථිකයට හානිකර වූ දිගුකලක් නොපවතින රසකතා පමණකි. එය දියවැඩියාව උත්සන්න වී මැරෙන්න වැටී ඉන්නා ලෙඩෙකුට ග්ලූකෝස් පෙවීමක් හා සමානය.

දියවැඩියා රෝගියා එය ආසාවෙන් පානය කළද ඔහුට නොදැනීම එයින් එල්ලවන්නේ ජීවිත තර්ජනයකි. වික්‍රමසිංහ ආණ්ඩුව බලාපොරොත්තු වූ ලෙස 2019 වර්ෂයට අයවැයක් නොමැත. ඒ නිසා මූල්‍ය ශික්ෂණ ක්‍රියාදාමයක් පවත්වා ගැනීමේ යාන්ත්‍රණයක් පෙනෙන තෙක් මානයේ නැත. රාජපක්ෂ රජයෙන් අතුරු සම්මත ගිණුමක් සඳහා යෝජනාවක් ගෙන යනු ලැබුවොත් එය ඡන්දයකින් පරදින සෙයක් පෙනේ. මන්ද මෙම රජයට බහුතරයක් නොමැති බැවිනි. ඒ නයින් සලකා බැලූ විට ඔහුගේ රජය එසැණින්ම බිඳ වැටෙනු ඇත.

අයවැයක් හෝ අතුරු සම්මත ගිණුමක් නොමැතිව ශ්‍රී ලංකාවට, පවතින රාජ්‍ය ණය සඳහා කල් පිරීමට පෙර පොළී ගෙවාගත නොහැකි තත්වයක් දැනට උද්තග වී තිබේ. පෙනෙන ආකාරයට ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවට ගත් ණය ගෙවාගත නොහැකිව ළතවන්නට සිදුවේ. ජනාධිපතිවරයා සහ රාජපක්ෂවාදීන් අමු අමුවේ ව්‍යාවස්ථාව උල්ලංඝනය කළ නිසා විදේශ ආයෝජකයෝ දැනටමත් තැතිගෙන සිටිති.

දැනටමත් රටේ පවතින රන් ණය උදෙසා 2% සිට 5% දක්වා පරාසයක, අවධානම් දැරීමේ අධිවාරිකයක් මූල්‍ය වෙළෙඳපොළේදී එකතු කොට තිබේ. එහි තේරුම රාජපක්ෂ විසින් මෙහෙයවන රජයක් තිබුණත්, වික්‍රමසිංහ මෙහෙයවන රජයක් තිබුණත් මින් ඉදිරියට මෙතෙක් අප ලැබූ 6.5% පොළියට ණය නොලැබෙන බවයි. අපට ඉදිරියට ණය ලබාගත යුතු වන්නේ 9% සිට 10% දක්වා අධිකතර පොළියකටයි. මෙවැනි පොළියක් යටතේ ණය ලබාගෙන කල් පිරෙන්නට ආපසු ගෙවන්නට බලපොරොත්තු වීම තනිකර අදූර දර්ශී කටයුත්තකි.

ශ්‍රී ලංකාවේ අර්ථ විරහිත මාධ්‍ය සාකච්චා

ජනාධිපතිවරයා හා වික්‍රමසිංහ අතර පවතින මෙම පෞද්ගලික විරසකය විසින් මුළු ආර්ථිකයම විනාශ කොට තිබේ. එහෙත් මුද්‍රිත සහ ඉලේක්ට්‍රොනික මාධ්‍ය යන දෙආකාරයේම මධ්‍ය මගින් ප්‍රචාරය වන්නේ පක්ෂග්‍රාහී වැරදි තොරතුරුය. එසේ වුවද ජනාධිපතිවරයා විසින් මුදා හරිනු ලැබූ අර්බුධය තුළ ඇති අනියත ප්‍රතිඵල විනිවිද දැකගන්නට ඒ මගින් කිසිදු අවස්ථාවක් උදාවන්නේ නැත.

මෙම තත්වය ජනයා විග්‍රහ කර ගත යුතු ආකාරය ඉන්දියාවේ රාජ්‍ය සභා රූපවාහිනියේ පැහැදිළි කර දී ඇති ආකාරය හොඳ උදාහරණයකි. ශ්‍රී ලංකාව මුහුණ දී ඇති තත්වය එම රූපවාහිනී ආයතනය , බුද්ධිමතුන් තිදෙනෙකු ඉවහල් කරගෙන මෙහෙයවූ වැඩසටහනකින් අගතියෙන් තොරව, පක්ෂග්‍රාහී නොවී වැරදි තොරතුරු නැතිව විග්‍රහ කරන ලදී. රාජපක්ෂ රජය දැනට පිළිගෙන ඇත්තේ වැඩි ප්‍රසිද්ධියක් නැති බුරුන්ඩි රාජ්‍යයෙන් සහ කළාපයේ ප්‍රබල චීනයෙන් පමණක් ඔබ ඔවුන්ගේ අවධානයට ලක්විය. රාජ්‍ය නායකයා ලෙස සෙසු ලෝකයාම ඔහුව තනිකර දමා තිබේ. එය ඒ ආකාරයට නරඹන්නන්ගෙන් දැනුවත් බව සැබවින්ම වර්ධනය කොට තිබේ.

මේ සියල්ලෙන් ජනාධිපතිවරයා උගත යුතු පාඩම වන්නේ තම පෞද්ගලික වෛරය දියත් කිරීමෙන් රටේ සමාජ, දේශපාලන ආර්ථික රටාව විනාශ කිරීමේ අවධානම නොගත යුතු බවයි. රාජ්‍ය තාන්ත්‍රිකයකු විසින් තම කටයුතු මෙහෙය විය යුත්තේ ඒ ආකාරයට නොවේ. තමාට ජනාධිපතිවරයා සමග කටයුතු කිරීමේ කිසිදු අපහසුවක් නැතැයි වික්‍රමසිංහ කිහිප විටකදීම ප්‍රකාශ කිරීම ඔහුන්ගේ හොඳ නමට හේතු වී තිබේ. ඔහු රටේ නාමයෙන් අතීතය අමතක කිරීමට සූදානම්ය. එහෙත් ජනාධිපතිවරයා ඊට වෙනස් මගක යමින් වික්‍රමසිංහගෙන් පළිගැනීමේ චේතනාවෙන්ම සිටී.

ජනාධිපතිවරයාගේ මේ අකාර මුරණ්ඩු ක්‍රියා කලාපයෙන් සිදුවිය හැකි අවධානම අඩු කරගෙන ඔහු යහපත් රාජ්‍යතාන්ත්‍රිකයකු ලෙස කටයුතු කරන්නේ නම් ඔහු ඔක්තොබර් 26 ට පෙර පැවති තත්වයට ගොස් රටේ නිදහස් සාධාරණ මැතිවරණයක් පවත්වන තුරු බලයේ ඉන්නට අගමැතිවරයකු පත් කරගන්නට පාර්ලිමේන්තුවට ඉඩදිය යුතුය.

මේ වන විට රාජපක්ෂවාදීන් පාර්ලිමේන්තුව තුළ විදහා පෙන්වූ ප්‍රචන්ඩ මැර බලය හා භීතිය උපදවන ක්‍රියා කලාපය දුටු මහජනයා ඔහුන් යටතේ වන පරිපාලනයකින් නිදහස් හා සාදාරණ මැතිවරණයක් ලැබෙතැයි නොසිතනු ඇත.

ආචාර්ය ඩබ්ලිව් ඒ. විජේවර්ධන විසින් දිනපතා ඩේලි එෆ් ටී පත්‍රයට ඉංග්‍රීසියෙන් ලියන ලද ලිපියක සිංහල පරිවර්තනයකි.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here