ඒකාධිපති වියරුව අධිකරණයටත් අත තියයි… ව්‍යවස්ථා සභාව නම්කල විනිසුරුවන් පත්කිරිම ජනපති මගහරි

2

නීතියේ අධිපත්‍ය සහ අධිකරණ ස්වාධීනත්වය පාලනය කිරීමට උත්සහ ගනිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් දැන් අනුමත කර ඇති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් දෙදෙනෙකු වෙත පත් වීම ලබා දීම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් කල් දමමින් සිටිනවා.

දැන ශ්‍රේෂ්ඨාධිකරණයේ ඈති වී තිබෙන පුරප්පාඩු පිරවීම සඳහා එස් තුරෙයි රාජා සහ ගාමිණි අමරසේකර විනිසුරුවන් දිවුරුම් ලබා දීමට සූදානම්න් සිටියද ජනාධිපතිවරයා එම පත් වීම ලබා දීමට සූදානම් නොමැති බවයි වාර්තා වන්නේ.

අභියාචනාධිකරණ විනිසුරුවන් ලෙස කටයුතු කරන මෙම විනිසුරුන් දෙදෙනා ඇතුළුව විනිසුරුවන් 4 දෙනෙකුගේ නාමයක් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යෝජනා කර තිබේ. එම එක් නිර්දේශිත නාමයක් වන්නේ විනිසුරු දීපාලි විජේසුන්දර වන අතර ඇය පසුගිය මහින්ද රාජපක්ෂ යුගයේ දි හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා වැරදිකරුවෙකු කිරීමට දේශපාලන ලෙස මෙහෙයවනු ලැබු නඩු තීන්දුව මගින් සරත් ෆොන්සේකා වැරදිකරුවෙකු කිරීමට සම්බන්ධ වූවෙකි.

තත්ත්වය එසේ තිබියදී දැනට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් නම් කර ඇති එහෙත් ජනාධිපතිවරයා පත් නොකරන එස් තුරෙයි රාජා සහ ගාමිණි අමරසේකර විනිසුරුවන් කිසිදු දේශපාලන පක්ෂපාතී බවක් පෙන්වා නොමැති ස්වාධින විනිසුරුවන් ලෙස වාර්තා වී ඇති විනිසුරුවන් දෙපලකි.

Loading…

2 COMMENTS

Comments are closed.