අනුන්ට සමනලයා කියපු පොළොන්නරුවේ පාල මඩකළපුවේ හිරගෙදර කීර්තිපාලගේ සමනලයා…… – රංගේ බණ්ඩාර පාර්ලිමේන්තුවේ දි කියයි!

2

රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත රංගේ බණ්ඩාර අද (23) පාර්ලිමේන්තුවේදි අදහස් ප්‍රකාශ කර සිටියා.

“නායකයෝ ප්‍රසිද්ධ වේදිකාවල එක එක්කෙනාට අවලාද නොකිය යුතුයි.  සමනල කතා කිය කිය කිය අවලාද කිව්වා. ඔබතුමා දන්නවා 1970 71 යුගයේ මේ රටෙ ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ලක් තිබුණා ඒ කැරැල්ල තිබෙන අවස්ථාවේ දි පොලොන්නරුවේ එක පාල කෙනෙක් සභාපතිතුමණි, ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරුන්ට තේපැන් ඇදලා තියනවා, සිගරට් ගෙනියලා තියනවා, බීඩි ගෙනියලා තියනවා මේ වගේ පක්කලි වැඩ කරලා තියනවා. ඒ කරපු පුද්ගලයා පසුකාලීනව පොලිසිය අත්තඩංගුවට අරගෙන මඩකලපුවේ බන්ධනාගාරයේ රදවලා තිබුණා.”

“එදා බණ්ධනාගාරයේ හිටියා ජේෂ්ඨ හිරකරුවෙක් ඔහු කීර්තිපාල කියලා තැනැත්තෙක්. ඔහු සිරගත වෙලා හිටියේ රාජසිංහ රජ්ජුරුවන්ගේ ඔටුන්න හොරකම් කිරීමේ වරදට වැරදිකරු වෙලා. ඒ කිර්තිපාල තමයි මේ සිරකරුවන් ටික ඔක්කෝම කූඩුවලට දාලා හැන්දාවට වහන්නේ බන්ධනාගාර නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ. කීර්තිපාල සිරකරුට අනෙක් සිටකරුවෝ බලාගන්න අවස්ථාව ලබා දී තිබුණා. ඔහුට බාපනයක් ලබා දී තිබුණා ඇඟ හරහා පැළද ගන්න. එහෙමයි ඔහුගේ ජේෂ්ඨත්වය පෙන්නුවේ. මේක වැදගත් මේ රටේ සියළුම ජනතාවට. ඔහු කීර්තිපාල සියළුම සිරකරුවෝ කූඩු වලට ඇතුලත් කරලා අන්තිමේදි යනවා තමන්ගේ කුටියට ඒ යන්නේ, අර ජනතා විමුක්ති පෙරමුණ උදව් කළා කියලා කියන පාල එක්ක. ඒ පාල තමයි අර කීර්තිපාලගේ සමනලයා. එහෙම උදවිය එදා මුල් යුගයේ, ඔහු අවිවාහක යුගයේ, ඔහු තරුණ යුගයේ ඔහු එදා ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල ට සම්බන්ධ වෙලා හිටපු යුගයේ. ඔහු එදා කීර්තිපාලගේ සමනලයා වෙලා හිටපු උදවිය තව උදවියට මඩ ගැසීම අවලාද කිම අවනීතයි අශිෂ්ටයි, අප්‍රසන්නයි.” මන්ත්‍රිවරයා මෙහිදි පවසා සිටියා.

Loading…



2 COMMENTS

  1. 3AOz5t Wow, wonderful blog layout! How long have you been running a blog for? you make blogging look easy. The whole look of your site is great, let alone the content!

Comments are closed.