මිනීමරුවන් රකින ආණ්ඩුවේ වැඩ මෙන්න…. අත් අඩංගුවට ගන්න කී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා කට උත්තර ගන්න කැදවයි

1

පුද්ගලයන් 11 දෙනකු කප්පම් ගැනීමට පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධ සැකකරුවකු රටින් පිට කළ බවට චොදනා ලැබූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රවින්ද්‍ර විජේගුණරත්න අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණ නියෝග දෙකක් තිබියදී ඔහුට කටඋත්තර දෙන්නට පැමිණෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දි ඇති බව වර්තා වේ.

එකී පුද්ගලයන් 11 දෙනා අතුරුදන්කිරීම සම්බන්ධ චෝදනා ලබා නඩුවක වරෙන්තුකරුවකු වූ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත්ට රැකවරණය දුන් බවට චෝදනා ලැබූ සහ අත්අඩංගුවට ගැනීමට නියම කළ හිටපු නාවික හමුදාපති සහ වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මෙසේ නොවැම්බර් 27 වැනිදා ප්‍රකාශ සටහන් කරගැනීමට කැඳවා තිබේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගැනීමට 27 වැනි දා උදෑසන 10.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ පෙනී සිටින ලෙස දන්වන ලිපිය ඊයේ (23) චූදිතයාට යොමු කළ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම චෝදනා සම්බන්ධයෙන් අධිකරනයට හෙළිකළ පසුව පසුගිය සැප්තැම්බර් මාසයේ ද පෙනී සිටින ලෙස චූදිතයා කැඳවූවත් නොපැමිණි බවත්, අත්අඩංගුවට ගන්නා ලෙස අවස්ථා දෙකකදී අධිකරණය නියෝග කර ඇත.

2007 වසරේ දී කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක තරුණයක් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් විවෘත වරෙන්තු නිකුත් කරනු ලැබ සිටි ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත් පසුගිය අගෝස්තු 13 වැනි දා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. එම සැකකරුට සැඟවීමට ආධාර අනුබල දීම හා ඔහුට පහසුකම් සැපයීම සම්බන්ධයෙන් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 29 වැනි දා කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න වෙත දැනුම් දුන්නේය. ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නම් සැකකරුට මැලේසියාවට පලා යෑම සඳහා නාවික හමුදාවේ ගිණුමකින් රුපියල් ලක්ෂ පහක් ලබා දී ඇති බවට තොරතුරු අනාවරණය වීයැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මීට පෙර අධිකරණයට දැනුම් දී තිබිණි. සැකකාර හෙට්ටිආරච්චි අත්අඩංගුවට ගැනීමට සොයද්දී ඔහු තට්ටු අටකින් සමන්විත නාවික හමුදාවේ නිලධාරී නිවස්නයක තුන් වැනි මහලේ කාමරයක නවාතැන්ගෙන සිටි බවට තොරතුරු අනාවරණය වී යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. දිනක් එම සැකකරු නිලධාරී නිවස්නයේ විදුලි සෝපානයෙන් පහළට ගමන් කරද්දී නාවික හමුදාවේ ප්‍රධානියකු හමු වූ බවටත්, එහෙ මෙහෙ ගිහින් පොලිසියට අහුවුණොත් මට කරන්න දෙයක් නැහැ යනුවෙන් එම හමුදා ප්‍රධානියා කී බවටත් තවත් ලුතිනන් කමාන්ඩර්වරයකු සාක්කි දී ඇතැයි එම රහස් පොලිසිය සඳහන් කරයි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 20 වැනි නාවික හමුදාපතිවරයා ලෙස රවීන්ද්‍ර විජේගුණරත්න ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමුවේ වැඩ බාර ගත්තේ 2015 ජූලි 11 වැනි දා ය. 2017 අගෝස්තු 22 වැනි දා ඔහු නාවික හමුදාපති ධුරයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ජනාධිපතිවරයා විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කරනු ලැබීය. එසේම ඔහු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ මැදිහත්වීම බාධාකාරී වී ඇති බවට පොලිස් නිලධාරිහු චෝදනා කර ඇත.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here