මාධ්‍ය ආයතන වහල් ආයතන වෙලා… අයිතිකරුවන් වහලුන් වෙලා…

4

එජාපයේ අරගලය අවසන් වන්නේ අගමැති ධුරය පමණක් නොව ජනාධිපති ධුරයත් ප්‍රජාතන්ත්‍රවාදි ලෙස ලබාගෙන යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

අද (24) ගාල්ල උළුවිටිකේ පැවති එජාප ගාල්ල දිස්ත්‍රික් සංවිධානයේ රැස්විමට එක්වෙමින් මන්ත්‍රීවරයා සදහන් කළේ අද මාධ්‍ය ආයතන වහල් ආයතන බවට පත්ව ඇති බවත් අයිතිකරුවන් වහලුන් බවටද පත්ව ඇති බවයි.

“දැන් තියෙන්නේ හැංගිමුත්තම් ආණ්ඩුවක්. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එජාපය සමග දේශපාලන පක්ෂ එකට එකුවෙලා ඉන්නවා. ආණ්ඩුවෙන් තව තුන්දෙනෙක් හතර දෙනෙක් පස් දෙනෙක් එන්න ඉන්නවා. ප්‍රජාතන්ත්‍රවාදිව මේ අරගලය විසදාගන්න වෙනවා. ආණ්ඩුක්‍රම වි්‍යස්ථාව අනුව අගමැති ඉවත් කරන්න බැහැ.19 වැනි සංශෝධන අනුව අගමැති ඉවත්කරන්න ඔහු මිය ඕන. නැතිනම් මන්ත්‍රි ධුරය නැතිවෙන්න ඕනෑ.”

“26 වැනිද නිති විරෝධිව අගමැතිවරයෙක් පත් කළා .පත් කිරිම ව්‍යවස්ථා විරෝධියි. නිවස බදු දුන්නේ වසර 05කට නමුත් ගිවිසුම මැද්දෙ.න් කැඩුවා හොරෙන් වෙන කෙනෙක් පත් වෙනවා. ව්‍යාජ කෙනෙක් පත්වෙනවා මේ ව්‍යාජ අගමැති ඉවත් කරන්න නිතියට අනුව කටයුතු කරන්න වෙනවා. නිත්‍යානුකුල ක්‍රමවේදයකට අනුව තමයි එය කළ යුතු වන්නේ…”



4 COMMENTS

  1. “I will right away grab your rss as I can not find your e-mail subscription link or e-newsletter service. Do you’ve any? Kindly allow me recognize so that I could subscribe. Thanks.”

Comments are closed.