රුපියල් 1000ක් වැටුප් ඉල්ලා හැටන් නගරයේ හර්තාල

1

හැටන් නගරයේ වෙළද ප්‍රජාව අද (26) දිනයේ පෙ.ව.10 .00 සිට ප.ව 1.00 දක්වා හර්තාල් ව්‍යාපාරයක් පැවැත් විමට කටයුතු කළා .ඒ අනුව නගරයේ සියළු වෙළදසැල් වසා දැමිමටත් කළු කොඩි ඔසවා තිබෙන අයුරුත් දක්නට පැබුන අතර ත්‍රිරෝද රථ හා කුලි රථ ධානවයෙන් ඉවත්වි මේ සදහා එක්ව සිටියහ.

වතු කම්කරුන්ගේ දෛනික වැටුප රුපියල් 1000/- දක්වා ඉහළ නැංවීම සදහා වතු හාම්පුතුන්ගේ සංගමය මෙතෙක් පියවරක් නොදැක්විමට එරෙහිව මෙම හර්තාල් ව්‍යාපාරය පවත්වන් ලැබීය.එමෙන්ම වෙළද ව්‍යාපාරිකයින් හා සේවකයින්, ත්‍රීරෝද රථ හා කූලි රථ රියදුරන් හැටන් නගරයේ ප්‍රධාන විදීය දෙපස සිටගෙන සිටිමින් සිය විරෝධතාවය දැක්වූහ.

මෙම විරෝධතාවයට සමගාමීව මස්කෙළිය, සාමිමලේ, නල්ලතන්නිය, නොර්වූඩ් යන නගරවල වෙඳසල්ද අද පෙරවරුවේ සිට වසා දමා වතු කම්කරුවන්ගේ උද්ඝෝෂණය සඳහා සහාය දක්වා තිබුණි

මස්කෙලිය ගාමිණි බණ්ඩාර

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here