කරු අගවිනිසුරුවරයාට ලිව්වා කියන ලියුම පස්සේ ඉන්නේ ජනාධිපති මාධ්‍ය ඒකකයයි…….

2

පසුගිය දා කතානායකවරයා විසින් අගවිනිසුරුවරයා වෙත යොමු කළ ලිපියක් බව පවසමින් සමාජ මාධ්‍ය ජාලා සමහර මාධ්‍ය තුළ සංසරණය වූ ලිපිය හා සම්බන්ධ ක්‍රියාවලිය පිටුපස ජනාධිපති මාධ්‍ය අංශය පිරිස සිටින බව මාධ්‍යවේදී චතුරංග ද අල්විස් පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (28) පැවති ප්‍රජාතන්ත්‍රවාදය සදහා මාධ්‍ය පෙරමුණ විසින් සංවිධානය කළ මාධ්‍ය හමුව අමතමිනි.

“අපි පහුගිය 26 වෙනිදා ඉදලා හැරිලා බැලුවාම දැන් වෙනකොට මාසයයි දින දෙකක් ගෙවිලා තියනවා, මේ රටේ මාධ්‍යවලට මොකද වෙලා තියෙන්නේ. රාජ්‍ය මාධ්‍,ය පෞද්ගලික මාධ්‍ය ඒ වගේම සමාජ ජාලා හා වෙබ් ක්‍රියාකරුවෝ. අපි පහුගිය වසර පුරාවටම මේ රටේ ජනතාවට කිව්වා විශේෂයෙන්ම මේ රටේ වෙබ් හා සමාජ මාධ්‍ය ජාලා පිටිපස්සේ ආණ්ඩුවේ වරප්‍රසාද ලබන කණ්ඩායම් ඉන්නවා. ඔවුන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන්න කටයුතු කරනවා කියලා. අපි බොහෝම පැහැදිළිව දැක්කා කතානායකවරයා අගවිනිසුරුවරයාට යැව්වා කියන ලිපිය. ඒ පිළිබඳව පරික්ෂණ සිදු වෙමින් පවතිනවා. හැබැයි ඒකෙන් තහවුරු වෙලා තියනවා ඒ ලිපිය ලිව්වේ ජනාධිපති මාධ්‍ය ඒකකයට සම්බන්ධ පුද්ගලයෝ කියලා. ඔවුන් පඩි ලබනවා ජනාධිපති මාධ්‍ය ඒකකය හරහා මේක ඉතාම බරපතළ තත්ත්වයක්. අපි පසුගිය 26 වෙනිදාට යෙදුණු අවසන් කාල පරිච්ඡේදය තුළ දැක්කා ආන්ඩුව විසින් යම් යම් පුද්ගලයන්ට විවිධ වරප්‍රසාද ලබා දෙමින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන්න උත්සහ කරනවා.”

“අද වෙනකොට සමාජ මාධ්‍ය ජාලා හරහා එන පුවත තමයි ප්‍රමුඛ පුවත වෙලා තියෙන්නේ. අද සියළුම මාධ්‍ය වලට ඒක ලොකු අභියෝගයක් වෙලා තියෙන්නේ. ඒ ප්‍රමුඛ පුවත තමයි ඒ පිටුපස හඹා ගෙන ගොස් රාත්‍රියේ හෝ දහවලේ ප්‍රධාන විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වල පුවතක් බවට පත් වෙන්නේ බොහෝ වෙලාවට. අපි දන්නවා වෙබ් වල පළ වන පුවත් දින දෙක තුනකට පස්සේ අසත්‍යතාව සොයා ගෙන ගිහිල්ලා පලවෙන්නේ මාධ්‍ය වල. මේ බලපෑම කරන නිසා තමයි ආණ්ඩුව පාර්ශවයෙන් විවිධ වරප්‍රසාද ලබා දුන්නේ. 2015 මහින්ද රාජපක්ෂ මහත්තයාව පැරැද්දුවාට පසේ මහින්ද මහත්තයා මැදමුලනට ගිහිල්ලා මොකද්ද කිව්වේ මාව පැරැද්දුවේ වෙබ්කාරයෝ සහ සමාජ ජාලා ක්‍රියාකාරියෝ කියලා. මෛත්‍රිපාල සිරිසේන මහත්තයා කිව්වේ මාව දිනෙව්වේ මේ සමාජ මාධ්‍ය ජාලා වෙබ් මාධ්‍ය ක්‍රියාකාරයෝ කියලා. දැන් මාසයක් දෙකක් තුළ දැන් ඒ කතාව අමතක වෙලා ගිහිල්ලා ඇති. ඒ නිසා අපි ඒ අයට කියා දෙන්න ඕන රාජ්‍ය මාධ්‍ය හා පෞද්ගලික මාධ්‍ය යම් පීඩනයක ඉන්නවා. මොකද ඔවුන්ට ඔවුන්ගේ දේපල පරිස්සම් කර ගන්න වෙලා තියනවා. නමුත් මතක තියා ගන්න මේ සංඛ්‍යාත, මේ රටේ සංඛ්‍යාත වල අයිතිය තියෙන්නේ මේ රටේ ජනතාවට, මේ රටේ පුරවැසියන්ට. ඉස්සර අපේ අම්මලා තාත්තාලා මේ සංඛ්‍යාත වලට ගෙව්වාට දැන් ගෙවන්නේ අපිටනේ. ටී වී දෙනවා, රෙදි සෝදන මැෂින් දෙනවා. ඒත් මතක තියා ගන්න මේ සංඛ්‍යාත අපේ, අපේ අයිතිය. මේ රටේ ජනතාවට බොරු කියනවා නම්, ඇත්ත වසන් කරනවා නම් ඊට එරෙහිව පෙනි සිටීමේ අයිතිය තියෙන්නේ මේ රටේ ජනතාවට. මේ රටේ මේ තියන ව්‍යාකූල බව නැති කරන්න පුළුවන් පැය 24 තුළ මාධ්‍යයට. කරන්න ඕන අගමැති කෑල්ල හලලා නම කියන එක. එතකොට එයාම යයි ගෙදර. ගෙදර ගිහින් බහුතරයට ඉඩ දෙයි.” ඔහු මෙහිදි පවසා සිටියා.



2 COMMENTS

Comments are closed.