ආරක්ෂක මාණ්ඩලකි ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නගේ මැර ශරීරාක්ෂකයෝ මාධ්‍යවේදීන්ට පහර දෙයි!

2

පාසල් සිසුන් ඇතුළු තරුණයන් 11 දෙනකු අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස නම් කර සිටින ආරක්ෂක මාණ්ඩලකි ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට සම්බන්ධ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනෙන නඩුව වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් කිහිප දෙනකුට රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ශරීර ආරක්ෂකයින් විසින් අධිකරණ භූමියෙන් පිටතදී පහර දී තිබේනවා.

පහරකෑමට ලක් වූ මාධ්‍යවේදීන් අතර දෙරණ මාධ්‍යවේදීන් පිරිසක් ද වීම විශේෂයකි.

මේ සතියේම, මෙම නඩුවේ රවීන්ද්‍රට එරෙහිව සාක්කි දුන්  ද, ලෙෆ්ටිනන්ට් කමාන්ඩර් ලක්සිරිට මෙම ආරක්ෂක මැරයන් විසින්ම තුවක්කු බඳෙන් හිසට පහර දී තිබිණි. ලෙෆ්ටිනන්ට් කමාන්ඩර් ලක්සිරි ජීවිතාරක්ෂාව පිණිස නාවුක හමුදාවෙන් ඉල්ලා අස් වී දැන් දින කීපයකි.

මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අධිකරණ පොලිස් මුරපොළට පැමිණිල්ලක් කර ඇති අතර එම අවස්ථාවේදීම පහරදීම සම්බන්ධයෙන් ශරීර ආරක්ෂකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ලබන 05 වෙනිදා දක්වා රිමාන්ඩ් ගත කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මීට ටික වේලාවකට පෙර නියෝග කළා.


Loading…



2 COMMENTS

Comments are closed.