අසූචි වලට අසූචි එකතු වුණා වගේ මරා – සිරා එකතු වුණා – රටට කරපු මේ විනාශයට සිරිසේනට වන්දි ගෙවන්න වෙනවා

2

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් ආර්ථික, දේශපාලනමය සහ සංස්කෘතික වශයෙන් රටට සිදුකළ හානියේ වන්දිය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ගැනීම වෙනුවෙන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ධූරකාලය අවසන් වූ පසුව ඔහුට එරෙහිව නඩු පවරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමියෝ පවසා සිටියා.

අද (28) කොළඹ දි පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ මේ බව සඳහන් කර සිටියා.

“රට වැරදි පැත්තකට යනවා , රට විනාශ විශය කරා යනවා කියලයි ඔක්තොම්බර් 26 වැනිදා මේ ඊනියා වෙනස සිදුකළේ. දැන් මාසයකට වඩා කල් ගිහින් තියෙනවා. රට හැදිලද ,ජාත්‍යන්තර කීර්තියක් ඇතිවෙලාද, ජාතික සමගිය වර්ධනය වෙලාද කියලා මේ ඊනියා ආණ්ඩුවේ ශේෂ පත‍්‍රය පරීක්ෂා කරන්න දැන් රටේ ජනතාවට පුලූවන්.”

“දැන් රට යන්නේ අනික් පැත්තටයි. ආර්ථිකය, සංවර්ධනය, රුපියල ආදි සියල්ලක්ම දැන් අනික් පැත්තට යනවා. අමාත්‍යාංශ වැඩ සිද්ධ වෙන්නේ නැහැ. පත් විම් උසස් විම් දෙන්නේ නැහැ. දැන් රට එක තැන් පල් වෙන තත්ත්වයක් තමයි තියෙන්නනේ.”

“මේ අය රට ගන්න ඇත්තම අරමුණ වුණේ ඔවුන්ගේ පටු අරමුණ ඉටු කරගැනීම සඳහායි. මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඊළඟ වතාවෙත් ජනාධිපති වෙන්න ඉටුනොවන සිහිනයක් තිබුණා. ඒ නිසා තමයි ඔහුගේ හතුරා වූ මහින්ද රාජපක්ෂත් එක්ක එකතු වුණේ. අසූචි වලට අසූචි එකතු වෙනවා වගේ අද සිරිසේනයි රාජපක්ෂයි එකතු වෙලා ඉන්නවා.”

“මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ නඩු ටික යටගහගන්න තමයි මේ අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත්තේ. මේ අයගේ අරමුණු රටේ පොදු මහජනතාවගේ අරමුණු නෙමෙයි.සිරිසේන මහතා අද ජාත්‍යන්තරය පිළිගන්නේ නැහැ. අඩුම තරමින් මේ රාජපක්ෂ සිරිසේන දෙන්නට මාලදිවයිනෙන්, ස්වාසිලන්තයෙන්වත් පිළිගැනිමක් නැහැ.”

“සිරිසේන මහත්තයට අද රනිල් වික‍්‍රමසිංහ මහතා පිලිබඳ හිනමානයක්  ඇති වෙලා තියෙනවා. ඒ නිසා තමයි මෙයා කියන්නේ මට ගැලපෙන කෙනෙක් තෝරලා එවන්න කියලා. එයාගේ මට්ටමෙන් බලපුවහම අපිට තේරුම් ගන්න පුළුවන් කොයි වගේ අගමැතිවරයෙක්ද මෙයාට අවශ්‍ය වෙන්නේ. ලංකා ඉතිහාසයේ පමණක් නෙමෙයි ලෝක ඉතිහාසයෙවත් ජනාධිපතිවරයෙක් මේ වගේ තත්තවයකට පත් වෙලා නැහැ.”

“මහින්ද රාජපක්ෂ මහතාගේ නඩු වළක්වන්න සිරිසේන මහතා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු මාරු කළා. පොලිස් කොමිසම එම මාරුව අවලංගු කළා. ඔහු දැන් තේරුම් ගන්න  ඕන 19ට අනුව පොලිස් නිලධාරියෙක්වත් මාරු කරන්න බැරි බව. එහෙව් එකේ මෙයා කොහොමද රටේ අගමැති මාරු කරන්නේ.”

“ජේ. ආර් ජයවර්ධන මහතා 78ට අනුව තමයි කටයුතු කළේ. ප්‍රේමදාස, චන්ද්‍රිකාත් එහෙමයි කටයුතු කළේ. මහින්ද රාජපක්ෂ මහතා වුනත් ව්‍යවස්ථාව උල්ලංඝණය කරනවා වෙනුවට  එයාට  ඕන සංශෝධන ඉදිරිපත් කළා. නමුත් සිරිසේන මහතා තමන්ට නැති බලතල පාවිච්චි කරමින් වැරදි ගොඩක් කරමින් සිටිනවා.”

“මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙදර ගියාම අනිවාරයෙන්ම මේ කරපුවට වන්දි ගෙවන්න වෙනවා. රටේ මූලික නිතිය උල්ලංඝණය කරමින් සිරිසේන මහතා කටයුතු කළා.සිරිසේන මහතාගේ ධූර කාලය අවසන් වූ ගමන් ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය  කළා කියන පදනම මත  චෝදනා එල්ල කරලා අධිකරණ ක‍්‍රියාමාර්ග ගන්න අපි කටයුතු කරනවා”

Loading…



2 COMMENTS

Comments are closed.