මාණ්ඩලික ප්‍රධානියාගේ ගෝලයන්ගේ මැර ප්‍රහාරය FMM හෙළාදකී

12

තරුණයන් 11 දෙනෙකු අතුරුදහන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම පිණිස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රවීන්ද්‍ර ගුණරත්න, අධිකරණය මගින් කල නියෝගයට අනුව අද කොළඔ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි අවස්ථාව ආවරණය කරමින් සිටි මාධ්‍යවේදීන්ට ඔහුගේ ආරක්ෂකයින් විසින් සිදුකරන ලද පහර දීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩිව හෙළා දකිමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

මාධ්‍ය නිවේදනය

2018 නොවැ 28

අධිකරණ කටයුතු වාර්තාකරණයේ නියලුන මාධ්‍යවේදීන්ට සිදුකළ පහරදීම හෙළා දකිමු.

තරුණයන් 11 දෙනෙකු අතුරුදහන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම පිණිස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රවීන්ද්‍ර ගුණරත්න මහතා, අධිකරණය මගින් කල නියෝගයට අනුව අද කොළඔ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි අවස්ථාව ආවරණය කරමින් සිටි මාධ්‍යවේදීන්ට ඔහුගේ ආරක්ෂකයින් විසින් සිදුකරන ලද පහර දීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩිව හෙළා දකියි.

වර්තමාන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා , ශ්‍රී ලංකා නාවික හමුදාවේ අණ දෙන නිලධාරී වශයෙන් කටයුතු කළ අවධියේ එනම්, 2016 දෙසැම්බර් මස හම්බන්තොට වරාය  ඉදිරිපිට පැවති ජනතා විරෝධතාවක් වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීයකුට පහර දී තර්ජනය කිරීම සම්බන්ධයෙන්ද චෝදනාවට ලක්වූවෙකි. එම නඩු විභාගය සමථයකට පත් වුයේ අධිකරණය ඉදිරියේ සමාව ගැනීමෙනි.

මහජනතාවට තොරතුරු වාර්තාකරණයේ නියැලී සිටින මාධ්‍යවේදීන්ට බාධාවකින් තොරව එම කටයුතුවල නියැලීමට ඇති අයිතිය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැතිය යුතු මුලික අවශ්‍යතාවයකි.බලධාරීන්, එම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝණය කිරීමෙන්   හා ඊට පරිසරය සැකසීමෙන් වැලකි සිටිය යුතු බව අපි දැඩිව අවධාරණය කරමු.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණයක් සිදු කොට සැකකරුවන්ට එරෙහිව නිතීය ක්‍රියාත්මක කරමින්, වෘත්තීය මාධ්‍යවේදීන්ගේ ගරුත්වය හා ආරක්ෂාව සහතික කරන මෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සියළු වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටී.

කැවුම්කරු 

සි.දොඩාවත්ත



12 COMMENTS

Comments are closed.