මරා-සිරා ආණ්ඩුව රටේ ආර්ථිකය වළදලා ඉවරායි…..!!!!! රුපියල තව තවත් පහළට……

2

ශ්‍රී ලංකා රුපියල ඊයේ දිනයේදී පස්වන වරටත් වාර්තාගත ලෙස පහළ ‍ගොස් තිබෙනවා. ණය ශ්‍රේණි පහළ දැමීමත් සමඟ ආයෝජකයන් විසින් තැන්පත් කළ මුදල් ඉවත් කර ගැනීම හා පවතින දේශපාලන අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දීමට නියමිතව තිබූ ණය ආධාර සම්බන්ධ සාකච්ඡා ප්‍රමාද වීම එයට හේතුව වී තිබෙනවා.

පසුගිය සඳුදා අමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව ශ්‍රී ලංකා රුපියල් 180.50ක් වූ අතර මේ වන විට එය රුපියල් 180.50ක අගයක් වාර්තා කර තිබෙනවා.

මේ අතර පසුගිය අඟහරුවාදා මූඩිස් ආයතනය 2010 වසරේදී ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම් ඉහළ දැමීම ආරම්භ කළ පසු ප්‍රථම වරට පසුගිය අඟහරුවාදා මෙරට ණය ශ්‍රේණිගත කිරීම් පහළ දමා තිබුණා. ඒ පවතින දේශපාලන අර්බුදය හමුවේ දැනටමත් ශ්‍රී ලංකාවේ  ආර්ථික ගැටළු උද්ගත වී ඇති බවට චෝදනා කරමින්. මෙම ශ්‍රේණිගත කිරීම් පහළ දැමීමත් සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ණය වාරික සම්බන්ධ සාකච්ඡා කල් දැමීමේ තීරණයක් ද ගෙන තිබෙනවා.

පාර්ලිමේන්තුව තුළ විශ්වාසභංග යෝජනා දෙකක් මගින් සම්මත වූ පසුවත් සිය ධුරයෙන් ඉවත් නොවන මහින්ද රාජපක්ෂ හා ඔහුගේ රජයට  කිසිදු විදෙස් රටකින් සුබ පැතීමක් හෝ පිළිගැනීමක් ලැබී නැහැ. රජයක් ලෙස හඳුනාගෙන නැති  ඊනියා රජයක් හමුවේ දිනෙන් දින ශ්‍රී ලංකාවේ ආර්ථීකය අර්බුදයට ලක්වෙමින් තිබෙනවා. ආයෝජකයන් මෙහිදි ශ්‍රී ලංකාවේ දේශපාලන තත්වය පිළිබඳ සිය දැඩි අවධානය යොමු කර ඇති අතර බහුතර බලය තිබුණද ජනාධිපති විසින් පිළි නොගන්නා අගමැතිවරයෙක් ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක් ද , කිසිදු බහුතර බලයක් නොමැතිව ජනාධිපතිවරයාගේ කැමැත්ත මත පමණක් පත් වූ අගමැතිවරයෙක් ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක්  හමුවේ ශ්‍රී ලංකාව අතරමංව ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පවසනවා.

පසුගිය ඔක්තෝබර් 26 වනදා ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම 4%ක් වූ අතර එය මේ වන විට 17.3%ක් වී තිබෙනවා. ඊයේ දිනයේ  විදේශිකයන් රුපියල් මිලියන 52.9ක් වටිනා කොටස් විකුණා දමා ඇති අතර  ඔක්තොබර් 26 වනදා දේශපාලන කුණාටුව හැමීමට පෙර ඔවුන් කොටස්වෙළෙඳපොලේ කොටස් බිලියන 7.9ක් වටිනා කොටස් විකුණුම්කරුවන් බවට පත්ව තිබුණා.

එසේම මහබැංකු වාර්තා අනුව පසුගිය ඔක්තෝබර් මස 25 වනදා සිට නොවැම්බර් 21වනදා දක්වා බැඳුම්කර වෙළෙඳපොලේ රුපියල් බිලියන 29ක කොටස් ඉවත් කරගෙන තිබෙනවා.  මේ වසරේ රාජ්‍ය සුරැකුම්පත් වලින් බිලියන 118.8ක් සහ කොටස්වලින්  බිලියන 17.3ක කොටස් ඉවත් කරගෙන ඇති බව මහබැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙනවා.

එසේම පසුගිය ඔක්තෝබර් 26 වැනිදා අර්බුදය දිග හැරීමත් සමඟ වසර පහක රජයේ බැඳුම්කර පොලී අනුපාත ඒකක 85කින් ඉහළ ගොස් තිබෙනවා. මේ අතර කොළඹ කොටස් මිළදර්ශකය ඊයේ දිනයේදී 0.48% සිට 5,971.41දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය පසුගිය සතියේ 0.41%ක් ලෙස ද  ඊට පෙර සතියේ 0.39%ක් ලෙස අඩු වූ අතර මේ වසරේ එම බිඳ වැටීම ප්‍රතිශතයක් ලෙස ගත් විට 6.3%ක අගයක් පෙන්නුම් කරනවා.

අඟහරුවාදා වන විට කොටස් වෙළෙඳපොල පිරිවැටුම රුපියල් මිලියන 460.8ක අගයක් වාර්තා කළා. එය මේ වසරේ රුපියල් මිලියන 833.6ක් වන දෛනික සාමාන්‍යය අගයටත් වඩා පහළ අගයක් වනවා.

(රොයිටර්ස්)



2 COMMENTS

Comments are closed.