ව්‍යවස්ථාවට පයින් ගසා … මහින්ද චීනය සමඟ හොර රහසේ ගැසූ රු.මි. 10386ක ගිවිසුම රොයිටර් හෙළි කරයි

6

දැඩි දේශපාලන අර්බුදය මධ්‍යයේ කොළඹ වරායේ පුළුල් කිරීමේ කටයුතු සඳහා කියමින් රජය, චීන සමාගම් සමඟ ගිවිසුම් දෙකකට බ්‍රහසතින්දා (නොවැ. 29) අත්සන් තබා ඇති බව රොයිටර් පුවත් සේවය අනාවරණය කරයි.

ඔවුන් පෙන්වා දෙන්නේ රජයේ නීත්‍යානුකූල භාවය පිලිබඳ උසාවියේ ප්‍රශ්න කෙරෙමින් තිබියදී සහ මෙම ගිවිසුම් වල නීත්‍යානුකූල භාවය සැක සහිත තත්වයක තිබියදීත් මේ අවස්ථාවේම මෙම ගිවිසුම් අත්සන් කිරීමට චීනය දැඩි උනන්දුවක් දක්වා ඇති බවයි.

එසේම ශ්‍රී ලංකාවේ නව රජයක් තිබෙන බව ජාත්‍යන්තරය තවමත් පිළිගෙන නොමැති අවස්තාවක මෙම ගිවිසුම් අත්සන් තබා ඇති බවද රොයිටර් පුවත් සේවය පෙන්වා දෙයි.

ඩොලර් මිලියන 50කට වඩා (රුපියල් මිලියන 9000කට වඩා) වටිනා මෙම ගිවිසුම විවාදයට තුඩු දෙන මහින්ද රාජපක්‍ෂ මහතාගේ කැබිනට්ටුව විසින් අනුමත කර ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

මෙය වඩාත් මාධ්‍යයෙන් වසන් කරමින් සිදුකළ ගනුදෙනුවක් බව පෙන්වා දෙන රොයිටර්ස් පුවත් සේවය පවසන්නේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ කැබිනට් අමාත්‍යවරයෙකු එම තොරතුරු රොයිටර් පුවත් සේවයට තහවුරු කළ බවයි.

ජයා බහාලුම් පර්යන්තයේ (Jaya Container Terminal -JCT) ගැඹුරු දිය නැංගුරම් පහසුකම් පුළුල් කිරීම සඳහා කියමින් චයිනා හාබර් ඉංජිනියරින් (China Harbour Engineering) සමාගම සමඟ අත්සන් තැබූ ගිවිසුමේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 32 ක් (රු.මි.5760) බවත් එම ව්‍යාපෘතිය සඳහාම දොඹකර 03ක් මිලදී ගැනීම සඳහා ෂැංහයි ෂෙන්හුවා හෙවී ඉන්ඩස්ට්‍රීස් (Shanghai Zhenhua Heavy Industries) සමාගමත් සමඟ ඇමරිකානු ඩොලර් මිලියන 25.7 ක (රු.මි.4626) ගිවිසුමකට අත්සන් තබා ඇති බවත් රොයිටර් පුවත් සේවය පෙන්වා දෙයි.

එසේම චීනයේ ණය උගුලට හසුව සිටින ශ්‍රී ලංකාව වර්තමානය වනවිට චීනයට පමණක් ඩොලර් බිලියන 08ක් ණය වී තිබෙන බවද එවැනි තත්වයක තවත් මෙම රුපියල් මිලියන 10386ක් වටිනා මෙම ගිවිසුම් වලට අත්සන් තැබීමට රාජපක්‍ෂ ආණ්ඩුව කටයුතු කර ඇති බවද එම පුවත් සේවය පෙන්වා දෙයි.

එම පුවතට අදාළ රොයිටර් ලින්ක් එක පහතින්

Sri Lanka signs port deals with China amid political upheaval

Loading…

6 COMMENTS

  1. With a great eye and taste for delineation, you may make an atmosphere impeccable for just about any exercises
    linked to feasting room. in April 22, 1560, he was quoted saying:” Your Majesty, you’re invincible and support the world in awe. Matisse also had become the king of the Fauvism and was famous inside art circle.

  2. Leonardo lived in his own measured rhythm, and try to cared about
    the standard of his paintings completely ignoring time it will take to achieve the task.
    If this is an issue of yours too, then you should learn concerning the best strategies to
    procure such things. The beginning of Leonardo’s
    life was committed to art and painting in particular.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here