මහින්ද කළේ මහ මෝඩ වැඩක්….

5

“මහින්ද කළේ මහ මෝඩ වැඩක්. ඔහුට කවුරු උපදෙස් දුන්නද කියලා තේරෙන්නේ නැහැ. ඔහුගේ නීතිඥවරුන්ද මේ උපදෙස් දී තිබෙන්නේ කියන ප්‍රශ්නය තියෙනවා. කාලයක් මමත් ඔහුගේ නීතිඥවරයා ලෙස කටයුතු කළා. ඒ කාලේ මම දුන් උපදෙස් ඔහු නිවැරදිව ක්‍රියාත්මක කළා.” යැයි ජනාධිපති නීතීඥ ගෝමින් දයාසිරි පවසයි.

අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලයේ තනතුරු දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අද(03) නිකුත්කළ අතුරුතහනම් නියෝගයට අනුව අනුව මේ වන විට අග්‍රාමාත්‍යවරයෙකු හෝ කැබිනට් මණ්ඩලයක් නොමැති බව පෙන්වාදෙන ජනාධිපති නීතීඥ ගෝමින් දයාසිරි සදහන් කළේ මේ වනවිට රටේ දේශපාලන තීන්දුවක් ගැනීමට බලය ඇති පුද්ලයා ජනාධිපතිවරයා බවද සදහන් කලා.

“මේ වනවිට රටේ ඉතාම අස්ථාවර තත්වයක් නිර්මාණය වී ඇති බවත් විධායක ජනාධිපතිවරයා ලෙස මෛත්‍රිපාල සිරිසේනට තීරණ ගැනීමේ බලය පැවරී ඇති බවත් එසේම මේ මොහොතේ ජනාධිපතිවරයා ඉතා නිවරදි තීන්දු ගතයුතු අවස්ථාවක් යැයි ද නීතීඥ ගෝමින් දයාසිරි පෙන්වා දෙනවා.

පසුගිය ඔක්තෝබර් 26 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමඟ එක්වී මහින්ද රාජපක්ෂ සිදුකළේ අඥාන ක්‍රියාවක් බවයි නීතීඥ ගෝමින් දයාසිරිගේ අදහස වන්නේ.

Loading…

5 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here