ගැසට් සිරිසේන සති සිරිසේන වෙයි…. අධිකරණ තින්දු ගැන මතය ජනතාවගේ කරේ ගහයි

4

රටේ ඇති දේශපාලන අර්බුදය හා නොසන්සුන්තාවය ඉදිරි සතිය තුළ සම්පූර්ණයෙන් අවසන් කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන පවසයි.

කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේදී අද (4) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ විශේෂ සම්මේලනය අමතමින් ජනාධිපතිවරයා සදහන් කර සිටියේ තමන් ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂකයා වීමට 2014 වසරේ ගත් තීරණය මෙන්ම පසුගිය ඔක්තෝබර් 26 වැනිදා ගත් තීන්දුව ද නිවැරදි දේශපාලන තීන්දුවක්

ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණය ඉදිරියේ පවරා තිබූ නඩු කිහිපයකට අතුරු තහනම් නියෝග ලැබී ඇති නමුත් තවමත් අවසන් තීන්දුවක් ලැබී නැතැයි කී ජනාධිපතිවරයා එම දේශපාලන නඩු පිළිබඳව අධිකරණය ලබාදෙන අවසන් තීන්දු තීරණ තමන් ගෞරවයෙන් භාරගන්නා බව ද මෙහිදී සඳහන් කළේය.

නමුත් ජනතාව අධිකරණය පිළිබඳව දරන මතය විවිධාකාර බව ජනාධිපතිවරයා පැවසීය.

Loading…

4 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here