රාජපක්ෂලා 2010 ඡන්ද කොල්ල කෑ හැටි… ෆොන්සේකා පාර්ලිමේන්තුවේ අනාවරණය කරයි…

4

2010 ජනාධිපතිවරණයේදි එවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුලු කල්ලිය මැතිවරණය ඡන්ද කොල්ල කෑ අකාරයට අදාල සාක්ෂි අද පාර්ලිමේන්තුව හමුවේ 2010 ජනාධිපතිවරණයේ විපක්ෂයේ පොදු ජනපති අපේක්ෂක හිටපු හමුදාපති,ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අනාවරණය කළා.

ජනාධිපති පෙරේදත් මං ගැන කියලා තිබ්බා. 2010 ජනාධිපතිවරණයෙන් මම දිනුවා නම් පක්ෂ නායකවරුන්ව හම්බෙන්න ලැබෙන එකක් නෑ කියලා තිබ්බා. ජනවාරි 27 වැනි දා පාන්දර 2.02ට තේරීම් භාර නිලධාරී නිකුත් කළ ලියුමක් මම කියවනවා.

එච් එම් කේ හේරත් නියෝජ්‍ය පොලිස්පතිට ලියුමක් එවනවා.
ලිපිය කියවයි.

“ඡන්ද පෙට්ටි ගෙන ගිය නිලධාරීන්ට පහර දී ඇති බව හා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ ආරක්ෂකයක් ඉවත් කිරීම සිදු කර ඇති බව එම ලිපිය හරහා පෙන්වා දි තිබේ.”

එදිනම පාන්දර එවකට මැතිවරණ කොමසාරිස් දයානන්ද දිසානායක පොලිස්පතිට ෆැක්ස් එකක් ගහනවා. (ලිපිය කියවයි.)

මේ ලිපි අනුව පැහැදිලි වෙනවා මහින්ද දිනුවද, බලෙන් ගත්තද කියලා. මැතිවරණ කොමසාරිස්ට ආතතිය හැදුනද නැද්ද කියලා පේනවා. මම දිනුවා නම් මේ ජනාධිපති වගේ ව්‍යවස්ථාව කඩන්නේ නෑ. මේ වගේ වැඩ කරන්නේ නෑ. යූ ඇන්පි යෙන් දිනලා අනිත් පක්ෂෙට ගිහින් යූඇන්පියට ගහන්නේ නෑ. පැරදිලා ගිහින් මැදමුලනේ ජනේලේ එල්ලුණු කෙනාව යළිත් අගමැති කරන්නේ නෑ. මමත් සුමාන දෙකකට වරක් පිටරට යන්නෙත් නෑ. මම ඇමැතිවරයෙක් වෙලා අවුරුදු තුන හමාරක් වෙනවා. තවම එක වතාවක්වත් රජයේ මුදලින් පිටරට ගිහින් නැහැ.

කවුරුහරි කෙනෙක් ලව්වා පොතක් ලියවලා මගේ දුවගේ නමින් පොත් ප්‍රකාශයට පත් කරන්නෙත් නෑ. හැමදාම පණ බයේ අරයා මරයි මෙයා මරයි කිය කියා කියවන්නේ නෑ. මම පණ බයේ ජීවත් වෙන්නේ නෑ. එය ලෙඩක්. මම රංගේ කියලා සල්ලි දීලා කොටා බාන්නෙත් කෑ. මොරගහකන්ද වගේ තැනකට ගිහින් සන්ග්ලාස් දාලා ෆොටෝ ෂූට් කරන්නෙත් නෑ.

අපි ව්‍යවස්ථාව වෙනස් කරලා හරි ඇමෙරිකාවේ විදියට ජනාධිපතිවරයාගේ ඉඳන් ප්‍රධාන නිලධාරීන් මානසික පරීක්ෂාවට ලක් කරන්න පුලුවන් ක්‍රමවේදයක් හදමු.

Loading…

4 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here