“අපිට සටන් කරන බල්ලෝ නැහැ….” අමෙරිකානු තානාපතිනියගෙන් සැර කතාවක්

5

ලංකාව කෙරෙහි ඇති ජාත්‍යන්තර විශ්වාසය හා අවධානය පලුදු කර ගනිමින් රට ආර්ථික, සමාජිය, සංස්කෘතික බිද වැටීමකට යාම වලක්වා ගැනීම සඳහා ඉතා කඩිනම් හා වගකීමක් සහිතව දේශපාලන විසඳුමකට යාමට අවශ්‍ය බව ලංකාව වෙනුවෙන් පත් වූ නව අමෙරිකානු තානාපතිනිය Alaina B. Teplitz පවසනවා.

මාධ්‍ය වෙත සිය ප්‍රථම සාකච්ඡාව ලබා දෙමින් ඇය පවසා සිටියේ මිත්‍රයෙක් හා පාර්ශවකරුවෙක් ලෙස ලංකාවේ නායකයන්ට විනිවිදභාවයකින් යුත් කඩිනම් දේශපාලන විසඳුමක් කරා යාම සුදුසු යැයි යෝජනා කරන බවයි.

“අපිට සටන් කරන බල්ලෝ නැහැ. ඒ වගේම අපි දේශපාලන අර්බුදවලට කැමැත්තක් දක්වන්නේත් නෑ. අපි බලාපොරොත්තු වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගරු කරමින් ගෙන යන ක්‍රියාමාර්ගයන් සහ විනිවිදභාවයකින් යුත් නීත්‍යානුකූල රජයක් පිහිටුවීමයි.” ඇය පවසා සිටියා.

“ජනතා ඡන්දයෙන් පත් වු නියෝජිතයන්ට මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රාමුව තුළ විසඳා ගැනීමට ඉඩ ලබා දිය යුතුයි. දේශපාලන නායකයන්ට හා ජනාධිපති සිරිසේන මෙම අර්බුදය විසඳා ගැනීමට වගකීමෙන් සහභාගි විය යුතුයි. එසේම ව්‍යවස්ථානූකුල පත් වූ නීත්‍යානුකූල රජයක් විසින් රට පාලනය කළ යුතු අතර ප්‍රජාතන්ත්‍රවාදී ආයතන වලට ඉහළම ගෞරවය ලබා දිය යුතුය.”

“ලංකාව සිය දේශපාලන කීර්තිනාමය නැවත ප්‍රතිස්ථාපනය කිරීමේ වගකීම හා අවස්ථාව ලබා ගත යුතු අතර එය දේශපාලන ලෙස අභියෝගයට ලක් කිරීම හරහා එම තත්ත්වය අඩු වනු ඇත.” ඇය පෙන්වා දුන්නා.

Loading…

5 COMMENTS

  1. I’ve been surfing online greater than 3 hours lately, yet I never found
    any fascinating article like yours. It is pretty value sufficient for me.
    In my opinion, if all web owners and bloggers
    made good content as you did, the net will be much more useful than ever before.
    Hi there, i read your blog from time to time and i own a similar one and i was just curious if you get a lot of spam comments?
    If so how do you protect against it, any plugin or anything you can suggest?
    I get so much lately it’s driving me mad so
    any assistance is very much appreciated. It is perfect
    time to make some plans for the future and it’s time to be happy.
    I have read this post and if I could I desire to suggest you
    some interesting things or suggestions. Perhaps you can write next articles referring to this article.
    I desire to read even more things about it!
    http://foxnews.net

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here