බමුණ..! මට කළ අවලාද, බැණුම්, නිග්‍රහ සියල්ල ඔබට බාරයි….

6

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වෘත්තිකයෝ සංවිධානය මෙහෙයවන ලද විවෘත සංවාද අවස්ථාවට සහභාගි වෙමින් 2018.12.05 දින කොළඹ, ගාලූ මුවෙදාර හෝටලයේ දී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ  කළ කතාව

“මේ කතා කරන්නේ බිත්තර ආප්ප පුච්චන තාච්චියයි. අපි සියලූ දෙනාම එකතුවී ආප්පයක් පිච්චුවා. අපි බලාපොරොත්තු වුණේ ප්‍රජාතන්ත්‍රවාදය, දූෂණය ගැන විභාග කිරීම, සංවර්ධනය හා සංහිදියාව මේ පිළිබදව මට ප්‍රථමයෙන් කථා කළ කථිකයෝ තුන්දෙනාම අදහස් පළකළ නිසා ඒ ගැන මා වැඩි අවධානයක් යොමුකරන්න බලාපොරොත්තු වන්නේ නැහැ.”

“ඔක්තෝම්බර් 26 වැනිදා ඇතිවූ සිද්ධිය පිළිබදව බොහෝ දෙනෙක් මවිතයට පත්වුණා. අපි ඡන්දය දී පත්කරගත්ත ජනාධිපතිවරයා මෙවැනි වැඩක් කරන්නේ කෙසේද කියා බොහෝ දෙනෙක් කල්පනා කළා.”

“2015 දී අපි මේ ගමන ආරම්භ කලේ යහපත් සමාජයක් ඇතිකිරීම සදහායි. ඔබට යහතින් ජීවත් විය හැකි සමාජයක් ඇති කිරීමටයි. ඒ මාවතේ අපි ගමන් කළා. එහි අපේ අඩුපාඩුකම් තිබුණා. අපිට ඇතැම් දේ ඉටුකිරීමට නොහැකි වූණා. ඔබ අපට ෙදාස් කිව්වා. එලෙස ඔබ අපිට ෙදාස් කිව්වේ පැරණි ක්‍රමයට ගමන් කරන්න නොවෙයි. ඔබ අපේක්ෂා කළ අනාගතයට ගමන් කිරීමටයි. ඔබ බලාපොරොත්තු වූ ඒ අනාගතය ගොඩනැගිය යුතුයි.”

“ඔක්තෝම්බර් 26 වැනිදා ජනාධිපතිවරයා ගත් පියවර නිසා ඇතැම් අය සිතුවා එතැනින් සියල්ලම අවසන් කියා. මා අගමැති ධූරයට පත්ව ඒ මුළු කාලය පුරාවටම  රෑ දෙකක් පමණක් අරලියගහ මැදුරේ ගතකර ඇති නිසා එදින රැය අරලියගහ මන්දිරයේ ගතකළ යුතු යැයි මා කල්පනා කළා.”

එලෙස අරලියගහ මන්දිරයේ රැය පහන්කර උâසන වන විට විශාල ජනකායක් එහි පැමිණ සිටියා. ඔබ මේ සටන අත්හරින්න ලෑස්ති වුණේ නෑ. ඔබ සටන ඉදිරියට ගෙන ගියා. සමාජ මාධ්‍ය ජාලා මගින් කළු මාධ්‍ය පරාජය කිරීමට හැකිවන පරිදි පුළුල් ව්‍යාපාරයක් ආරම්භ කළා. එමගින් ඔබේ හඬ එළියට ආවා. ඒ පුද්ගලයෙක් වෙනුවෙන් හෝ එක් පක්ෂයක් වෙනුවෙන් වත් නොවෙයි. ඔබ එය කලේ ඔබේ අයිතිවාසිම් ආරක්ෂා කර රට දියුණු  කිරීමට බව අප පිළිගත යුතුයි.”

“2015 ජනවාරි 08 දින ඔබේ විශාල බලාපොරොත්තුවක් තිබුණා. එය සුනු විසුණු වී යනවා දැකීමට ඔබ සූදානම්ව සිටියේ නැහැ. ඔබේ ඒ බලාපොරොත්තු සඵල කිරීම සදහා ඔබ සමග ඉදිරියට යෑමට  අප සූදානම් බව කිව යුතුයි.”

“මේ සිද්ධියෙන් පසු සියළු දෙනාගෙන් මා විමසා සිටියා මා නැවත ගෙදරට යන්නද කියා. නමුත් ඒ හැමෝම කියා සිටියේ ඔබතුමා ගෙදර නොගිහින් මේ සටන අවසන් වනතෙක් අප සමඟ ඉදිරියට යා යුතු බවයි. එවැනි ශක්තියක් අපේ ජනතාව තුල තිබෙනවා. විශාල පිරිස් අපේ රැස්වීම්වලට සහභාගි වුණා. අප සමග සිටින අනෙක් පක්ෂවල අයත් රැස්වීම්වලට සහභාගි වුණා. මේ තුලින් අපට පැහැදිලි වන්නේ ගතවූ අවුරුදු තුන තුළ දී අපි ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර තිබෙන බවයි.”

“මට ඉහතදී අදහස් දැක්වූ ජයම්පතී වික්‍රමරත්න මැතිතුමා ප්‍රකාශ කළ පරිදි මේ රට ඉදිරියට ගෙන යෑම සඳහා අපි අලූත් රාමුවක් ඇතිකළා. ව්‍යවස්ථාදායක සභාව නියම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවක් බවට පත්කළා. ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කළා. එදා ස්වාධීන කොමිෂන් සභා ඇතිකරන විට අපේම ඇතැම් අය අපට බලය යෙදවීමට නොහැකි වන බව ප්‍රකාශ කළා. නමුත් කතානායතුමත්, අපිත් ඒ අවස්ථාවේ ප්‍රකාශ කළේ රට සහ ජනතාව වෙනුවෙන් මේ ක්‍රමවේදය අත්හදා බලමු කියායි.”

“ඕනෑම ආණ්ඩුවක බලයට සීමා තිබිය යුතුයි. ඇමෙරිකාවේ ජනාධිපතිතුමාට හිමිව තිබෙන බලතලවලත්, සීමා තිබෙනවා. අපට සීමා නැතිව ඉදිරියට යන්න බැහැ. අප එය ඇතිකළ යුතුයි.”

“මෙ රටේ පොලිස්පති, නීතිපති, විනිශ්චයකාරවරු පත්කිරීමට අපි නිසි ක්‍රමවේදයක් ස්ථාපිත කළා. එම තනතුරු එම ක්‍රමවේදයට අනුව පත්කළ යුතුයි. ඒ ක්‍රමවේදයට සුදුසු නැති පුද්ගලයින් ඉදිරිපත් වුණානම් ඒ හැම අවස්ථාවකම අපි කියා සිටියේ ඒ ගැන යළි සලකා බැලිය යුතු බවයි.”

“2015 ට පෙර මේ රටේ අධිකරණය දෝෂාභියෝගයට ලක්කළා. එමගින් බොහෝ දේ ඉවත් කළා. දිනපතා ජංගම දුරකථනයෙන් කතාකර මේ නඩුව ගැන මොකක්ද කරන්නේ කියා විමසනවා. එලෙස පැවති අධිකරණය අපි ස්වාධීන කළා. 2015 පසු මම හෝ මගේ එක් ඇමතිවරයෙක්වත් කිසිම විනිශ්චයකාරවරයෙකුට කතාකර බලපෑම් කර නැහැ. ඒ ගැන මා ආඩම්බර වන බව කිව යුතුයි.”

“අපිට විරුද්ධ නඩු තීන්දු දෙනවා නම් ඒ නඩු තීන්දු සඳහා අභියාචනා කළ හැකි නීතියක් රටේ තිබෙනවා. ඒ සම්බන්ධව පාර්ලිමේන්තුවේදීද අපේ අදහස් ප්‍රකාශ කළ හැකියි. එවැනි පසුබිමක කවුරුවත් අධිකරණයට බලපෑම් කළ යුතු නැහැ. මේ ශක්තිය නිසා අධිකරණය පොලිසිය වැනි ආයතන සියල්ලම අද ස්වාධීනව ක්‍රියා කරනවා. මේ ආයතන තවත් ශක්තිමත් කළ යුතුයි.”

“කුමක් ද මෙහි තිබෙන ප්‍රශ්නය. මහානායක ස්වාමීන් වහන්සේගේ වැඩකටයුත්ත  විහාරාධිපති ස්වාමීන් වහන්සේ කරන්න යනවා කියා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ ප්‍රකාශ කළා. නමුත් මා එතුමාට මතක් කරන්නේ මේක මහානායක ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නයක්වත්, විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නයක්වත් නොවෙයි. මෙහි තිබෙන්නේ විනය පිටකයේ ප්‍රශ්නයක්. විනය අනුව වැඩකරනවාද නැද්ද කියන එකයි.”

“අපිට ලැබුණ වරමට අනුව යමින් අපි ව්‍යවස්ථාව සංශෝධනය කර විධායක ජනාධිපතිවරයා සතු බලතල සීමා කරමින් ජනාධිපතිවරයාත් ව්‍යවස්ථාවට යටත් කළා. මහානායක ස්වාමීන් වහන්සේ විනය පිටකයෙන් පිට වැඩ කරන්නේ නැහැ. නව සංශෝධනය මගින් අපි ජනාධිපතිව පාර්මේන්තුවට  යටත් කළා. මහානායක ස්වාමීන් වහන්සේ කාරකා සභාවෙන් පිට වැඩකරන්නේ නැහැ. දැන් විනය පිටකයත් ඉරා දමලා. කාරක සභාවත් පැත්තකට දාලා ක්‍රියා කිරීම තමා මේ සිද්ධ වී තිබෙන්නේ. අපට අවශ්‍ය වී තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔබේ අයිතිය ආරක්ෂාකර දීමටයි.”

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන පුද්ගලයා අගමැති වශයෙන් පත්කරගෙන ඔහුට ආණ්ඩුව ගෙනයෑමට අවස්ථාව දිය යුතුයි. ඒ ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ සභිකයින් 225 දෙනාගෙන් 2/3 එකගනම් ඡන්දයකට යා හැකියි. ඒ අනුව අපි හැමෝම ඉල්ලා සිටින්නේ ව්‍යවස්ථාවට අනුව වැඩකරන ලෙසයි.”

“පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු 225 දෙනාම එක මතයකට පැමිණ ඉල්ලූවත් අගමැතිකම රනිල්ට නොදෙන බව ජනාධිපතිතුමා ප්‍රකාශකර තිබෙනවා. එය මගේ ප්‍රශ්ණයක් නොවෙයි. එය ජනාධිපතිවරයාගේ ප්‍රශ්ණයක්. පාර්ලිමේන්තුවට පයින් ගසා මන්ත්‍රිවරු 225ට ඇහුම්කන් නොදී, ව්‍යවස්ථාවට පටහැනිව යෑමට ජනාධිපතිවරයා උත්සාහ ගන්නවා.”

“හැම විටම රටක් ව්‍යවස්ථාවට අනුව වැඩකටයුතු කළ යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදී රටක් ප්‍රජාතන්ත්‍රවාදයට අනුව ක්‍රියාකළ යුතුයි. අපි සැමවිටම ක්‍රියා කරන්නේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අනුවයි. ඒ ප්‍රජාතන්ත්‍රවාදී බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයෙන් අපි තවත් ශක්තිමත් කළා. ඒ අනුව පාර්ලිමේන්තුවේ බහුතරය විසින් අගමැති තෝරා පත්කර ගත්තා පමණක් නොව ඒ අගමැතිවරයා විසින් ඇමති මණ්ඩලයද නම් කරනවා. 1978 ව්‍යවස්ථාවට අනුව ඇමති මණ්ඩලය නම් කිරීමේ බලය තිබුණේ ජනාධිපතිවරයා සතුවයි. ඒ කාර්යය ද දැන් අගමැතිවරයා යටතට පත්කර තිබෙනවා.”

“මේ අනුව අද පාර්ලිමේන්තුවට අගමැතිවරයා තේරීමේ බලයත්, මුදල් බලයත් හිමිව තිබෙනවා. ඒ ක්‍රමවේද දෙක ඔස්සේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තවත් ශක්තිමත් වුණා. අද රට පාලනය කරන්නේ විධායක ජනාධිපති නොවෙයි. රට පාලනය කරන්නේ කැබිනට් මණ්ඩලය. ආණ්ඩුව මෙහෙයවන්නේ කැබිනට් මණ්ඩලයේ තීරණය අනුවයි. එවැනි පසුබිමක පාර්ලිමේන්තුවට ඇහුන්කන් නොදී යන්නේ කෙසේද? මම ව්‍යවස්ථාව පිළිපදින්නේ නැහැ. මම පාර්ලිමේන්තුව උවමනා නැහැ කියා ජනාධිපතිවරයා දැන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා.”

“ජනාධිපතිවරයා ගත් මේ ක්‍රියාවට පාර්ලිමේන්තුව යටවී නැහැ. අපේ ප්‍රතිචාරය අප ලබාදී තිබෙනවා.  ඊනියා අගමැතිවරයාට හා ඇමති මණ්ඩලයට එරෙහිව පාර්ලිමේන්තුවේ දී අප විශ්වාසභංග යෝජනාවක් සම්මත කළා. දැන් මුදල් වියදම් කිරීමට හැකියාවක් නැහැ. මේ තත්වය මත දෙසැම්බර් මාසයෙන් පසු ආණ්ඩුව ගෙනියන්නේ කෙසේද? තවදුරටත් මේ අයට  ආණ්ඩුව ගෙනියන්න බැහැ.”

“අපි ඇතිකර තිබෙන ක්‍රමවේදයට අනුව පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන කණ්ඩායම ආණ්ඩුව ඉදිරියට ගෙන ගොස් නීති හා මුදල් පණත් සම්මත කර ගත යුතුයි. අපි ඔක්තෝම්බර් 25 දින මුදල් පනතක් සම්මත කර ගත්තා. අද තියෙන මේ ඊනියා ආණ්ඩුවට එය කරන්න බැහැ. පාර්ලිමේන්තුවේ තිබෙන ඒ බලය කතානායක තුමා ආරක්ෂා කළා. එතුමගේ ක්‍රියාකලාපය අප අගය කළ යුතුයි. පාර්ලිමේන්තුවේ අදහස් ප්‍රකාශ කිරීම හා ඒ අයිතිය ආරක්ෂා කිරීම කතානායකතුමාගේ යුතුකමක් වෙනවා. ඒ කාර්යයට එතුමා නිසියාකාරව ඉටු කළා.”

“17 වැනි ශතවර්ෂයේදී බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ මහජන මණ්ඩලයේ කතානායක ලෙන්තල් කළ ප්‍රකාශය මට සිහිපත් වෙනවා. ෙ මට ඇහෙන්නේ මේ සභාව මට නියෝග කරන දේයි. මට පෙනෙන්නේ මේ සභාව නියෝග කරන දේයි. මම කතා කරන්නේ මේ සභාව මට නියෝග කරන දේයි. එසේනම් ඒ අනුව කරූ ජයසූරිය කතානායක තුමා ක්‍රියාකර තිබෙනවා. මේ අය මේ සම්ප්‍රදාය දන්නේ නැද්ද. එදා ඒ සම්ප්‍රදාය ආරක්ෂා කරන්න තමා බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුව ක්‍රියාකලේ.”

“අද අපේ පාර්ලිමේන්තුවට නිශ්ශබ්දව ඉන්නේ නැහැ. අපේ පාර්ලිමේන්තුව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය හානිකරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ ශක්තිය නිසා පාර්ලිමේන්තුව ඉදිරියට යනවා. අනෙක් පැත්තෙන් අධිකරණය ක්‍රියා කරනවා. පරිපාලන තන්ත්‍රය ක්‍රියා කරනවා. එසේ නම් අපි අද කළ යුත්තේ අපේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ලංකාවේ යලි ස්ථාපනය කිරීමයි.”

“පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ සටන කිසිදු බලවේගයකට යට කිරීමට අපි ඉඩ දේන්නේ නැහැ. එය ශක්තිමත්ව අප ඉදිරියට ගෙන යනවා. නමුත් එතැනින් මේ සටන නිමකරන්නේ නැහැ. මේ සටන පුද්ගලයෙක් වෙනුවෙන්වත්, පක්ෂයත් වෙනුවෙන්වත් ආණ්ඩුවක් වෙනුවෙන්වත් නොව රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන්.”

“පසුගිය කාලයේදී මේ ඊනියා ආණ්ඩුවේ කණ්ඩායම පාර්ලිමේන්තුවට නිග්‍රහ වන ආකාරයට හැසිරුණ අයුරු අප පමණක් නොව මුළු ලෝකයම දුටුවා. මේ පාර්ලිමේන්තුව කෙරෙහි විශ්වාසයක් තැබිය හැකිද කියා අද ඡන්ද දායකියන්  අපෙන් විමසා සිටිනවා. මීට වඩා හොඳ පාර්ලිමේන්තුවක් හා හොඳ හැසිරීමක් අප බලාපොරොත්තු වෙනවා යැයි ඔවුන් ප්‍රකාශ කරනවා. ඡන්දදායකයින්ගේ මේ අදහස් අප පිළිගත යුතුයි.”

“අද පවතින මේ ක්‍රමය වෙනස් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරු ශක්තිමත් කර ඔවුන් නිසි මාර්ගයේ යොමු කරවීමට අවශ්‍ය සහයෝගය හා නව නීතිරීති පිළිබඳව අළුතින් සිතා  ක්‍රියාවට නැංවිය යුතුව තිබෙන බව කිව යුතුයි.”

“ඒවගේම පසුගිය කාලය තුළ පාර්ලිමේන්තු සම්ප්‍රදාය කඩකරමින් ඊට විරුද්ධව හැසිරුණු මන්ත්‍රිවරුන්ට එරෙහිව අවශ්‍ය පියවර ගත යුතුයි. මේ සියල්ල සිදුකළත් ප්‍රමාණවත් වන්නේ නැහැ. ජනාධිපතිගේ විධායක බලතල ඉවත්කළ යුතුයි. මේ ගමන අප ආරම්භ කලේ ඒ සිතුවිල්ල පෙරදැරිවයි.”

“නව ආණ්ඩුවේ වැඩකටයුතු ආරම්භ වීමත් සමග එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ විධායක ජනාධිපතිගේ බලතල අඩුකළ යුතු බව යෝජනා කළා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊට විරුද්ධ වුණා. සන්ධානයත් විරුද්ධ වුණා. ඒ අවස්ථාවේ ජනාධිපතිතුමාගෙන් විමසා සිටියේ ඔබතුමා මේ ධූරයට පත්කළේ විධායක ජනාධිපතිධූරය අහෝසිකරන බවට පොරොන්දු වී දැන් ඔබතුමා මේ සම්බන්ධව කුමක්ද දරණ ස්ථාවරය කියායි. එහිදි   ඔහු කියා සිටියේ නෑ නෑ මට දුන්න වරමේ මා සිටිනවා. මගේ පක්ෂයට එවැනි වරමක් නැති නිසා ඒ අයට ඕනෑ දෙයක් කළ හැකි බවයි.”

“මේ අනුව විධායක ජනාධිපතිධූරය අහෝසි කළ හැකි පාර්ලිමේන්තුවක් අප පත්කර ගැනීමට ක්‍රියාකළ යුතුයි. ඒ අනුව එය ජනමත විචාරණයකින් අනුමත කරමු යැයි මා ප්‍රකාශ කරනවා. මේ නිසා අපේ ඉදිරි ගමන අද තිබෙන කුමන්ත්‍රණය පරාජය කිරීමත් පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමද අරමුණු කර ගත යුතුයි.”

“ජනාධිපතිතුමා තමන්ට පාර්ලිමේන්තුව වැඩක් නැහැ කියා ප්‍රකාශ කළා. ඊනියා අගමැති මැර බලයෙන් රැදී සිටීමට උත්සාහ කළා. එක තහනම් නියෝගයකින් ඒ කාඩ් බෝඩ් මාලිගාව කඩන් වැටුණා.”

“ජනාධිපතිවරයා ගෙන තිබෙන ක්‍රියාමාර්ගවලට එරෙහිව මේ වනවිට අපි පියවර රැසක් ගෙන තිබෙනවා. අපි සියලූ දෙනා එක්ව දියත් කළ  සාමුහික ක්‍රියාමාර්ගය නිසා මේ අනීතික වැඩ පිළිවෙල තාවකාලිකව නවතා තිබෙනවා. අපි තව තල්ලූවක් දී මෙය සම්පූර්ණයෙන්ම නැතිකළ යුතුයි. ඒ සඳහා අප සියලූදෙනා එක්ව විශාල ජනබල මෙහෙයුමක් දියත් කළ යුතුයි. ඒ සඳහා ඔබේ ශක්තිය අවශ්‍යයි. අනෙක් සියලූ පාර්ශව සමඟ සාකච්ඡා කර වෘත්තීයවේදීන් එකතුවී ඔබේ දැනුමත් හැකියාවත් අපට ලබාදෙමින් මේ ගමන ඉදිරියට යා යුතුයි. ඒ සඳහා ඔබේ දැනුම හා හැකියාව නිරතුරුවම අප වෙත ලබාදෙන මෙන් මා ඔබෙන් ඉල්ලා සිටිනවා.”

“අද මේ වැඩකටයුත්ත සංවිධානය කරමින් මේ ස්ථානයට පැමිණි ඔබ සැමට මාගේ ස්තුතිය පළකර සිටීමට මා මෙය අවස්ථාවක් කර ගන්නවා.”

“මගේ කතාව අවසන් කිරීමට පෙර තවත් වචන කිහිපයක් ඔබ හමුවේ තැබිය යුතුය කියා මා කල්පනා කළා. මොකක්ද ඊයේ (04) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්මේලනය පැවැත්වුණා. ඒ සම්මේලනය කැදවා තිබුණත්  එහි කාලය වෙන්වූයේ පක්ෂය ගැන කතා කිරීමට හෝ දිවංගත එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක ගැන කතානරන්නවත් නොවෙයි. එහිදී කතාකළේ රනිල් ක්‍රමසිංහ ගැනයි. මා එක දිනයකවත් ඔය පක්ෂයේ සාමාජිකත්වය අරන් නැහැ.”

“ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ සම්මේලනයේදී මම දේශපාලන කරුමයක් කියා කිව්වා. මට ෙදාස් කිව්වා. බැන වැදුනා. අවලාද නැගුවා. මට එල්ල කළ ඒ සියලූ චෝදනා මා ප්‍රතික්ෂේප කරනවා. මං මගේ සංස්කෘතිය අනුව ඊට පිළිතුරක් දීමට කැමතියි. අනෙක් අයගේ සංස්කෘතිය ගැන මට කියන්න බැහැ.”

“මගේ සංස්කෘතියට අනුව මා පිළිතුරු දෙන්නේ සංයුක්ත නිකායේ ආකෝෂ සූත්‍රයෙනුයි. බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වැඩසිටි කාලයක ආකෝෂ පරිබ්‍රාජක බමුණා ගොස් බුදුන් වහන්සේ මුණ ගැසුණා. ඔහු බුදුරජාණන් වහන්සේට බැන්නා. අවලාද නැගුවා. ෙදාස් කිව්වා. ඒ සියල්ලටම ඇහුම්කන්දී අවසානයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බමුණ ඔබට මිත්‍රයින් ඉන්නවාද, නෑâයින් ඉන්නවාද, දන්න අය ඉන්නවාද ෙ කියා ඇසුවා. එහිදි ආකෝෂ බමුණා කියා සිටියේ මට මිත්‍රයින්, නෑâයින් හා දන්නා අය සිටින බවයි. ඒ අය ඔබේ නිවසට පැමිණියාම ආහාර දෙනවද, සංග්‍රහ කරනවාද කියා බුදුන් වහන්සේ විමසා සිටියා. ඔව්. මට එලෙස සංග්‍රහ කරනවා කියා ආකෝෂ බමුණා ප්‍රකාශ කළා. කව්රුහරි ඒ ආහාර බාර ගන්නේ නැත්නම් අනුභව කරන්නේ නැතිනම් කාටද එය අයිති කියා බුදුන් වහන්සේ විමසා සිටියා. එය මට අයිතියි කියා ආකෝෂ බමුණා ප්‍රකාශ කලා.”

“ඒ අවස්ථාවේ මෙම ෙදාස් කිව්වේ නෑ. මට ෙදාස් කිව්වා. මා අවලාද කළේ නෑ. මට අවලාද කළා. මා නින්දා කළේ නෑ. මට නින්දා කළා. මේ අවලාද, නින්දා, සියල්ල බමුණා ඔබට භාරයි කියා බුදුරජාණන් වහන්සේ එදා දේශනා කළා. මටත් කියන්න තියෙන්නේ ඒකමයි.”

“බමුණ..! මට කළ අවලාද, බැණුම්, නිග්‍රහ සියල්ල ඔබට බාරයි.”

Loading…

 

6 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here