පොට්ටු අම්මාන් මැරුණ විදිය ගැන ෆොන්සේකාගෙන් හෙලිදරව්වක්!

4

යුද්ධයේ අවසන් දිනයේදි පොට්ටු අම්මාන්ගේ ශරීරිය හමු නොවුනේ ඔහු මරාගෙන මැරෙන බෝම්බ කට්ටලයක් බැද දිවි නසා ගත් බැවින් බවත් ඔහු මියගිය බව කේපි විසින් තහවුරු කළ බවත් හිටපු යුධ හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසනවා.

ඊයේ (06) අරලියගහ මන්දිරයේදි පැවති මාධ්‍ය සාකච්ඡාව අමතමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

“පොට්ටු අම්මාන් ජිවතුන් අතර කියලා කරුණා අම්මාන් පැවසු කතාව ගැන කතා කරන්න කැමතියි. 2009 මැයි 19 වෙනි දින තමයි අවසන් සටන තිබුණේ නන්දිකඩාල් කලපුවේ කෙලවරක තිබුණේ. එතන තමයි අපිට ප්‍රභාකරන්ගේ, සුසෙයි වගේ නායකයන්ගේ මල සිරුරු හම්බවුණේ. එතැන පොට්ටු අම්මාන්ගේ බිරිඳගේ සිරුර හමුවුණේ නෑ. නමුත් පොට්ටු අම්මාන්ගේ බිරිඳගේ සිරුර හමුවුණා. ඔහුගේ බිරිද සයනයිඩ් කරල් තුනක් බෙල්ලේ බැඳ ගෙන හිටියේ. කරුණා අම්මාන් ඒ කාලයේ යුධ හමුදාවේ ආරක්ෂාව යටතේ කොළඹ තියාගෙන හිටියේ. කරුණා අම්මාන්ට යන්න තැනක් නැතුව, ඉන්න තැනක් නැතුව ඉන්න වෙලාවේ කරුණා අම්මාන් ආරක්ෂා කළේ අපි ආරක්ෂා නිවස්නයක තබාගෙන. මේ මරණ සිද්ධ වුණාට පස්සේ 19 වෙනිදා දවල් මම කරුණා අම්මාන් හෙලිකොප්ටරයකින් ඇරියා නන්දිකඩාල් කලපුවට. එයාව ඇරියේ විශේෂයෙන්ම ප්‍රභාකරන්ගේ සහ අනෙකුත් මියගිය නායකයින්ගේ මල සිරුරු හදුනා ගන්න. එතකොට කරුණා අම්මාන් ප්‍රභාකරන් හදුනා ගත්තා. සුසෙයි හදුනා ගත්තා, සුසෙයි ගේ බිරිදත් හිටියා. සයනයිඩ් කරල් එහෙම පැලදගෙන මිය ගිහිල්ලා එයා හදුනා ගත්තා. පොට්ටු අම්මාන්ගේ මිනිය හදුනා ගත්තා. ප්‍රභාකරන්ගේ වැඩිමහල් පුතා චාල්ස් ඇන්තනිගේ සිරුර හඳුනා ගත්තා. ඒ වගේ තව විශාල ප්‍රමාණයකගේ මල සිරුරු හඳුනා ගත්තා.”

“පොට්ටු අම්මාන්ගේ මළ සිරුර එතැන හම්බ වුණේ නෑ, නමුත් තමුන්නාන්සේලාට මතක ඇති කේ. පී සඳහන් කරලා තිබුණා ඊට පස්සේ අවස්ථාවක කේ. පී අවසන් සටන වෙන වෙලාවේ ප්‍රභාකරන්ලට කතා කළා, නන්දිකඩාල් කලපුවේ 75 පමණ පිරිසක් මියගියා. නන්දිකඩාල් කලපුවේ නැගෙනහිර පැත්තේ තමයි ප්‍රභාකරන්ගේ පුතා එක්ක මහ සටනක් තිබ්බේ. ප්‍රභාකරන් හදලා තියනවා උතුරු පැත්තට ගිහිල්ලා කලපුව දිගේ එතනින් පැනලා යන්න. එයා එක්ක පොට්ටු අම්මානුත් ඉදලා තියනවා. එතනදි පොට්ටු අම්මාන්ට වෙඩිල්ලක් වැදිලා තියනවා. ඊට පස්සේ එයා ලඟ තිබු මරාගෙන මැරෙන බෝම්බ කට්ටලය පුපුරුවාගෙන මැරිලා තියනවා. ඊට පස්සේ ප්‍රභාකරන් ආපහු ඇවිල්ල අර එයත් එක්ක හිටපු 75 දෙනාට එකතු වෙලා තියනවා. පොට්ටු අම්මාන් මේ සටනේ දිගටම හිටියේ ප්‍රභාකරන් එක්ක. ප්‍රභාකරන් දලා ඔහු පැනලා යද්දි කාටවත් හම්බවුණේ නෑ. ප්‍රභාකරන් දාලා ඔහු නොර්වේ ට පැනලා ගියා කියන එක අමුලික බොරුවක්. ඒ සටනේ අන්තිම මොහොත දක්වාම පොට්ටු අම්මාන් එක්ක හිටපු අය තමයි පොට්ටු අම්මාන්, සුසෙයි කට්ටිය. ඒ සියලු දෙනාම එතැනදි මිය ගියා. පොට්ටු අම්මාන්ගේ ශරීරිය අපිට හම්බු නොවුනේ අර කේ පි කියපු විදියට එයා විසින් බෝම්බයක් පුපුරුවා ගත්තා කියන දේ තමයි අපිත් විශ්වාස කරන්නේ. පොට්ටු අම්මාන්ගේ බිරිදගේ සිරුර තිබුණා එයාලා හැමෝම එල්ටීටීඊ සංවිධානයේ අන්තිමට ඉන්න නායකයෝ ටික. 65 දෙනෙක් විතර ආරක්ෂාවට හිටියා. පොට්ටු අම්මාන් මිය ගියා කියන එක අපි විශ්වාස කරනවා.”  හිටපු යුධ හමුදාපතිවරයා මෙහිදි පවසා සිටියා.

4 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here