ජර්මනිය සිරිසේනගේ රෙදි ගලවයි…..!

5

මාස 6ක පමණ කාලයක් ආණ්ඩුවක් නොමැතිව ජර්මන් චාන්සලර්වරිය විසින් රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කරවූ බවට ජනාධිපතිවරයා විසින් සිදුකර ඇති ප්‍රකාශය කරුණු විකෘතියක් බැවින් එයට සිය අප්‍රසාදය පල කරන බව මෙරට ජර්මන් තානාපති Jörn Rohde පවසනවා.

මෙම වසර මුලදී ජර්මනියේ චාන්සලර් ඇන්ජෙලා මර්කල් ද දේශපාලන අර්බුධයකට මුහුණ දී සිය බහුතර බලය ලබා ගැනීමට මාස 6ක් කාලයක් ලබා ගත්තා ය යන ප්‍රකාශය ජනාධිපතිවරයා සිය වාසිය සඳහා සිදු කරන ලද්දක් බවයි තනාපතිවරයා සඳහන් කරන්නේ.

මැතිවරණයකින් අනතුරුව ජර්මනියේ ඇතිවූ දේශපාලන වාතාවරණය හා පසුගිය ඔක්තෝබර් 26 වැනිදා ජනාධිපතිවරයා සිදුකළ කුමන්ත්‍රණය එකිනෙකට හාත්පසින්ම වෙනස් තත්වයන් බවත් ජර්මනියේ ඇති වූ තත්වය උදාහරණයට ගනිමින් ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් සිදු වූ ව්‍යවස්ථාමය අර්බුදය සාධාරණීකරණය කළ නොහැකි බවත් තානාපතිවරයා විසින් ජනාධිපතිවරයා වෙත ලිපියකින් දන්වා තිබෙනවා.

එසේම මේ පිළිබඳව සාකච්ඡා කොට කරුණු දැක්වීමට තමන් ජනාධිපතිවරයාගෙන් හමුවීමක් ඉල්ලා සිටියද තවම එයට ප්‍රතිචාරයක් හිමි නොවු බවයි තනාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

5 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here