ජනපති මේ සෙල්ලම වහාම නතර කල යුතුයි

14

“මේ අර්බුදය දීර්ඝ වෙන සෑම දිනයක් පාසාම රටේ සෑම පුද්ගලයෙකුටම රුපියල් 100ක පමණ අමතර වැය බරක්” දැරිමට සිදුවන බව පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා පවසනවා. මන්ත්‍රීවරයා මේ අදහස් පළකලේ මුහුණු පොතට (ෆේස්බුක්) විශේෂ ප්‍රකාශයක් ලබා දෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක

“පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා සමුළුව අමතා ජනාධිපතිතුමා ප්‍රකාශ කළා අර්බුදය දින හතකින් විසඳන බව ඒ වගේම මේ අර්බුදය නිර්මාණය කළේ රනිල් වික්‍රමසිංහ මහතා බවයි එතුමා චෝදනා කළේ. එතුමා විසින් මතක තබා ගත යුතු කරුණු කිහිපයක් තියෙනවා.

එකක් තමයි, මේ අර්බුදය දීර්ඝ වෙන සෑම දිනයක් පාසාම රුපියල් මිලියන 2000කට අධික ප්‍රමාණයක්, ඒ කියන්නේ මේ රටේ සෑම පුද්ගලයෙකුටම රුපියල් 100ක පමණ අමතර වැය බරක් මේ අර්බුදයේ නිර්මාපකයො විසින් ලබා දී ඇති බව. දුගී දුප්පත් ජනතාවට නම් මේක එක වේලක් කෑමට වැය වන මුදල. ඒ නිසා මේ ව්‍යවස්ථාව සමඟ, නීතිය සමඟ සිදු කරන මේ සෙල්ලම වහාම නතර කිරීමට ජනාධිපතිතුමා කටයුතු කළ යුතුයි.

ඇත්තටම මේ අර්බුදය නිර්මාණය කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. ඔහු එය නිර්මාණය කළේ රටේ ජනාධිපති අපේක්‍ෂකයා වීමේ අරමුණින්. ඒ පොහොට්ටු පක්‍ෂයේ අපේක්ෂකයා ලෙස. ඒ වගේම පසුගිය 14,15, හා 16 දිනවල, පාර්ලිමේන්තුවේදී මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලනයට එරෙහිව සම්මත කරන ලද විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාත් රාජපක්‍ෂ කල්ලියත් ප්‍රකාශ කළේ සමාන මතයක්. ඒ තමයි එය නීති විරෝධී බව. එය ව්‍යවස්ථාවට එරෙහි බව. එය පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වලට පටහැනි බව. මුලින් ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවේ මේ කිසිවක් සඳහන් නොවන බව. දෙවනුව ප්‍රකාශ කළේ හැන්සාඩ් වාර්තාව නිකුත් වූ පසු, එය වෙබ් අඩවියෙන් සියලු දෙනාට දැන ගන්නට සැලසුණු පසු එය කූට ලේඛනයක් බව.

කූට ලේඛන පිලිබඳ කුප්‍රකට ඉතිහාසයක් තිබෙන චරිත කිහිපයක් විසින් තමන්ට උප්පැන්න සහතික හොරට හදපු අය, තමන්ගේ නොවන චෙක්පත් වලින් ප්‍රකෝටි ගණන් වංචා කරපු අය, විවිධ අය වෙනුවෙන් ඇටෝනි බලපත්‍ර අරගෙන ඒවායින් ප්‍රකෝටි ගණන් ධනය උපයාගත් තක්කඩි රැලක් තමයි මේ කූට ලේඛන ගැන ජනතාවට කරුණු දක්වමින් ඉන්නේ. දැන් ඒ උගුලේ මහින්ද රාජපක්‍ෂ මහතාත් හසුවී හමාරයි.

කෙසේ වෙතත් අභියාචනාධිකරණය විසින් ලබා දුන් නඩු තීන්දුවත් ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් අතුරු තහනම් නියෝගයත් අප විසින් දිගින් දිගටම පුන පුනා ප්‍රකාශ කළ දේ, එනම් ජනාධිපතිවරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමත්, මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධූරයට පත් කිරීමත් සම්පූර්ණයෙන්ම නීති විරෝධී බව දැනටමත් සහතික කොට තිබෙනවා.

ඒ වගේම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බවත් ඒ අතුරු තහනම් නියෝගය මගින් කිසියම් දුරකට ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කොට තිබෙනවා.”



14 COMMENTS

  1. This work reveals a sort of poetic mood and everyone would
    easily be attracted by it. in April 22, 1560, he was quoted saying:
    ” Your Majesty, you’re invincible and retain the world in awe. As modern humanity exposes their tanned skin during vacations that like to show off their pictures in online community websites.

  2. I am sure this post has touched all the internet people, its really really fastidious post on building up new blog.
    These are in fact enormous ideas in on the topic of blogging.
    You have touched some nice factors here. Any way keep up wrinting.
    It is appropriate time to make a few plans for the longer term and it’s time to be happy.

    I’ve read this put up and if I may just I desire to
    recommend you some attention-grabbing issues or advice.
    Maybe you could write subsequent articles regarding
    this article. I want to learn more issues about it! http://cspan.org

  3. 519270 584456Intending start up a enterprise around the web involves revealing marketing plus items not only to ladies locally, yet somehow to several buyers who are web-based as a rule. e-learning 139383

  4. Today, you can find different widths available in the
    market such as 8, 9 and 10. It is crucial that you comprehend the differences,
    and it is more important to recognize that you will
    find many other RC accessories to adopt into consideration. They are indeed the most effective place to check in order to replace a part of your car or truck that is giving you trouble.

  5. Superb blog! Do yyou have any tops and hints for aspiring writers?
    I’m planing to start my own website soon but I’m a little lost on everything.Woulkd
    you advise starting with a free platform like WordPress or go foor a paid option? Thesre are soo
    many options out there that I’m completely overwhelmed ..
    Any suggestions? Cheers!

Comments are closed.