31න් පස්සේ පඩිත් නෑ… ෆෙන්ෂන් එකත් නෑ… මෛත්‍රී, තවත් උඩ බලාගෙන ඉන්න

3

නීත්‍යනුකූල රජයක් නොමැති නිසා දෙසැම්බර් 31න් පස්සේ රටේ පඩි ගෙවන්න, ෆෙන්ෂන් ගෙවන්න ක්‍රමයක් නෑ. 148 වගන්තිය අනුව රාජ්‍ය මූල්‍ය පාලනය තියෙන්නේ පාර්ලිමේන්තුවට. මේ වෙනකම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පිළිගන්න පුලුවන් ආණ්ඩුවක් පත් කරලා නෑ. අපි ජනාධිතිවරයාගෙන් ඉල්ලන්නේ රනිල් වික්‍රමසිංහ මහතා අද හවස් වන විට අගමැතිවරයා ලෙස පත් කරන ලෙසයි. යැයි අද විවාදයට එක්වෙමින් මංගල සමරවිර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියා.

“රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙයි විශ්වාසය ඇතැයි සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යෝජනාව මම ස්ථිර කරනවා. 48 සිට අපේ රට විවිධ දේශපාලන අර්බුද වලට මුහුණ දීලා තිබෙනවා. අපේ රටේ නායකයන් දෙදෙනක් ඝාතනය කළා. හැට දෙකේ හමුදා කුමන්ත්‍රණය වගේම ඉන් පසු දකුණේ තරුණ කැරලි දෙකක් තිබුණා. ඉන් පසු යුද්ධය පැවතුනා. ඔක්තෝබර් 26 වැනි දා සිදු වුණා වගේ ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයක් වෙලා නෑ. ඔක්තෝබර් 26 වැනි දා ශ්‍රී ලංකාවේ කළු සිකුරාදා ලෙස නම් කරාවි. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට නීත්‍යනුකූල අගමැතිවරයා සහ නීත්‍යනුකූල ඇමැති මණ්ඩලය නීති විරෝධී ලෙස අයින් කළා. ඒ තත්ත්වය නිසා රට මේ වන විට විනාශයේ දොරකඩට ඇවිත් තියෙන්නේ.”

“මම දැක්කා අපේ ජනාධිපතිතුමා. මොකද අපියි එතුමා දිනෙව්වේ. දකුණෙන් මාතර දිනවලා දුන්නා. ජනාධිපතිතුමා ශ්‍රීලනිප සම්මේලනයකට ගිහින් කිව්වා ජර්මනියේ ආණ්ඩුවක් නැතිව මාස ගණනක් තිබ්බා කියලා. මෙය සම්පූර්ණ අසත්‍යක්. ජර්මනියේ මහ මැතිවරණ්‍යක් තිබ්බා. කිසිම පක්ෂයකට එහින් බහුතරයක් ලැබුණේ නෑ. මෙයාලා මාස ගණනක් බහුතරය හදාගන්න විවිධ පක්ෂ සමඟ සාකච්ඡා තිබ්බ එක ඇත්ත. නමුත් ඒ හැම මොහොතකම ආණ්ඩුවක් තිබ්බා. ඇන්ජලා මර්කස් හා කැබිනට් මණ්ඩලය දිගටම පවත්වාගෙන නෑ. ස්වීඩනයේ තවමත් මහ මැතිවරණයෙන් පස්සේ ස්ථාවර රජයක් නැති වුණත් හිටපු අගමැතිවරයා හා ඇමැති මණ්ඩලය දිගටම කටයුතු කරනවා. ”

“රටට විනාඩියකටවත් නායකයෙක් නැතිව නොසිටින්නට ජර්මන් පාර්ලිමේන්තුවට විශ්වාස භංග යෝජනාවක් ගේනවා නම් විශ්වාස භංගය පැරදුණොත් එන නායකයාගේ නමත්. එකෙන් පිළිගන්නවා කිසිම රටකට දවසක් නෙමෙයි පැයක්වත් ආණ්ඩුවක් නැතිව නොතිබිය යුතුයි කියලා. මේ වනකොට සති හයක් තිස්සේ ආණ්ඩුවක් නොමැති වීමේ ඵල විපාක දැනටමත් අපට පේන්න පටං අරගෙන තියෙනවා. ”

“2015 ජනවාරි රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත් වෙද්දි එජාපයට මන්ත්‍රීවරුන් 48ක් පමණක් තිබ්බත් ඒ කාලේ ඉදිරිපත් පළමු අයවැයට තුනෙන් දෙකටත් වඩා වැඩි ඡන්ද ලැබුණා. ඒ කාලේ 19 වැනි සංශෝධනය ඉදිරිපත් කළා. ඒකට ඡන්ද තුනෙන් දෙකකටත් වඩා ලැබුණා. දිගින් දිගටම ස්ථාවර ශක්තිමත් රජයක් තිබ්බා. මේ අවුරුද්දේ රනිල් වික්‍රමසිංහ අගමැතිට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ගෙනාවා. එය නීත්‍යනුකූල ක්‍රමයක්. ඒ විශ්වාස භංගයට පක්ෂව ඡන්ද ලැබුණේ 76යි. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා වෙනුවෙන් ඡන්ද 122ක් ලබාගෙන අපි එය පරාජයට පත් කළා. 2015 ජනවාරි මාසේ අට වැනි දා තෙක් 2018 ඔක්තෝබර් 26 වැනි දා තෙක් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට පුළුවන් වුණා ආණ්ඩුව ශක්තිමත්ව පවත්වාගෙන යන්න.”

“රට තුළ ජත්‍යන්තර පරීක්ෂණයක් වලක්වන්නත් අපි ක්‍රියාමාර්ග ගත්තා. 2015 සිට අපිට කළ සියලුම දේ ඇති ලියැවිල්ලක් මම සභාගත කරනවා. සමහරු කියනවා එයා ජීඑස්පී ප්ලස් දිනා ගත්තා කියලා. එයා දන්නේ නෑ ජී එස්පී ප්ලස් ලැබුණේ කොහොමද කියලවත්.”

“එදා බැරක් ඔබාමා ශ්‍රී ලංකාවට කිව්වේ ගුඩ් නිවුස් කන්ට්‍රි කියලා. ප්‍රජාතන්ත්‍රවාදය වැඩියෙන් ස්ථාපිත කළ රට කියලා. ඒ නිසයි අපට සහන රැසක් ලැබුණේ. ”

“2013 වසරේ රජයේ ආදායම මිලියන 1132ක් වුණා. ණය වාරීක ගෙවීම 1163යි. ආදායමට වඩා ණය ගෙවන්න තිබ්බා. විදේශ ජංගම ගිණුමේ 3.4 හිඟයක් පැවතුණා. ද්විත්ව හිඟය නිසා ආර්ථිකය අඩපන වෙලා තිබ්බා. අපනයන අංශය කඩා වැටෙමින් තිබුණා. අපි රජය භාර ගත්තට පස්සේ 2017 වසර තමයි වැඩියෙන්ම අපනය කළ වර්ෂය වුණේ. 2018 වන විට රාජ්‍ය ආදායම සියයට 15.6කින් වැඩි කරන්න හැකි වුණා. රාජපක්ෂ යුගයේ ණයක් තිබෙනවා ඩොලර් බිලියනයක ණයක්. මේ ණය ගෙවන්න පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍යයි. ඒ සඳහා රටේ නීත්‍යනුකූල අගමැතිවරයෙක් සහ ඇමැති මණ්ඩලයක් අවශ්‍යයි.”

Loading…

3 COMMENTS

Comments are closed.