ජාතික රෝහලේ සායනික කුණු ගැටලුව ඔඩු දුවයි…..හෙදියන් ඇතුළු කාර්යය මණ්ඩලයට ඩෙංගු!

9

ජාතික රෝහලේ බරපතළ ගැටළුවක් බවට පත්ව ඇති සායනික අපද්‍රව්‍ය විධිමත් ලෙස බැහැර කිරිමට බලධාරීන් ක්‍රියා නොකිරීම නිසා ජාතික රෝහල් පරීශ්‍රය තුළ ඩෙංගු රෝගය උත්සන්න වී ඇති බව සමස්ථ ලංකා හෙද සංගමය චෝදනා කරනවා.

එම සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක සඳහන් වන්නේ මෙම හේතුව නිසා හෙද හෙදියන්ට ඩෙංගු රෝගය වැළදී ඇති බවත් එහෙත් තවමත් බලධාරීන් මදුරුවන් බෝවන ස්ථාන හදුනා ගැනීමට අපොහොසත් වී ඇති බවත් ය.

එම නිවේදනය පහතින්,

පසුගිය ඔක්තෝබර් මාසයේදී බරපතල තර්ජනයක් ලෙස ශ‍්‍රී ලංකා ජාතික රෝහල තුළ මතුව ආ සායනික අපද්‍රව්‍ය බැහැරලීමේ ක‍්‍රියාවලිය නැවතත් රෝගීන්ට, කාර්යමණ්ඩලයට හා පරිසරයට බරපතල ගැටලූ ඇතිකරවමින් තිබේ.

මේ වනවිට ඉතා විශාල අපද්‍රව්‍ යප‍්‍රමාණයක් ජාතික රෝහලේ අපස්මාර ගොඩනැගිල්ල පිටුපස ගොඩගසා තිබේ. මේවා මාස එකහමාරක පමණ කාලයක සිට එකතු වූ මිනිසුන් ගැවසෙන ස්ථානවල නොතැබියයුතු අවදානම් ගණයේ කසළය. මේවා තුළ ශල්‍යාගාරවලින් ඉවත්කරන කුඩා ශරීර කොටස්, ලේ, සැරව මිශ‍්‍රිත ගෝස්පුළුන්, ග්ලවුස්, ඉඳිකටු, ශල්‍යබ්ලේඞ් තල හා සිරින්ජර ආදියවේ.

පසුගිය කාලයේදී බරපතල ගැටලූවක් බවට පත්වූ සායනික අපද්‍රව්‍ය ගැටලූවට ඉවත්කිරීමට අදාළව විධිමත් වැඩ පිළිවෙලක් සැකසීමට සෞඛ්‍ය බලධාරීන්ට තවමත්නොහැකි වී තිබේ.

මෙහි අවදානම පිළිබඳව ජනමාධ්‍ය සහ සමස්ත ලංකා හෙද සංගමය සෞඛ්‍ය බලධාරීන්ට පෙන්වා දුන්නද, එහිදී සෞඛ්‍ය ඇමතිවරයා ගෙන් නිකුත් වූයේ අවලාදාත්මක ප‍්‍රකාශයන්ය. පසුගියමාස 02 ක කාලය තුළ පැවැති දේශපාලන බල අරගලය තුළ සෞඛ්‍ය සේවාව තුළ ජනතාවට සෘජුව බලපෑ ගැටලූ සමාජගත නොවූ තත්ත්වයක් තුළ සායනික අපද්‍රව්‍ය ගැටලූව මෙන්ම ජාතික රෝහලේ ප‍්‍රධාන විකිරණ අංශයේ පටකවේදීය පරීක්ෂණ සඳහා භාවිතා කළඉඳිකටු නොමැතිවීම තුළ රෝගීන් විඳින පීඩාව, විකිරණ අංශයේ  යන්ත‍්‍රය මිලදී ගැනීමේ ටෙන්ඩර් අර්බුදය ඇතුළු බොහෝ සෞඛ්‍ය සේවාවේ ගැටලූ ජනතාවගේ අවධානයට ලක් නොවීය.

ඒ තුළ අහිංසක රෝගීන් මෙන්ම රෝහල් සේවකයාද බලවත් පීඩාවකට පත්ව ඇත. කුණු ගැටලූවට විසඳුම් නොමැති තත්ත්වය තුළ ජාතික රෝහලේ ඩෙංගු රෝගය ද හිස ඔසවමින් තිබේ. අද වනවිට හෙද නිලධාරීන් තිදෙනෙකු ඩෙංගු රෝගය වැළඳීමෙන් නේවාසිකව ප‍්‍රතිකාර ලබති. තවත්  සේවකයින් පිරිසකට ඩෙංගු රෝගය වැළඳී තිබේ. මේ තත්ත්වය තුළ ජාතික රෝහලේ සේවය කරන හෙද/හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය බරපතල අවදානමකට මුහුණපාසිටී. මීට පෙරදී  ඇමතිවරයා ඇතුළු සෞඛ්‍ය බලධාරීන් තරඟයට මෙන්ඩෙංගු ශ‍්‍රමදාන, ඩෙංගු තුරන් කිරීමේ සති නම් කළ ද අද වනවිට ඔවුනට ඒවා අමතකව ඇති තත්ත්වයක් දක්නට ඇත.

මෙරට සෞඛ්‍ය සේවාවේ මහ ගෙදර වන ශ‍්‍රී ලංකා ජාතික රෝහල තුළ ඩෙංගු රෝගය හිස එසවීම ඉතා බරපතලය. තවමත් එම ඩෙංගු මදුරුවන් බෝ වූ ස්ථාන හෝ සොයාගෙන නොමැති තත්ත්වයක් තුළ ජාතික රෝහලේ අනිකුත් හෙද/හෙදියන් ඇතුළු සමස්ත කාර්යමණ්ඩලයත්, රෝගීනුත් ඩෙංගු වැළඳීමේ අනතුරකට ද මුහුණ පා සිටී.  එබැවින්, සායනික කුණු ගැටලූවත්, අත්‍යාවශ්‍ය උපකරණ මිලදී ගැනීමත් ජාතික රෝහල තුළ මතුව එමින් ඇති ඩෙංගු පැතිරීම වැළැක්වීමටත්  අදාළව කඩිනම්  ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, රෝගී වූ හෙද නිලධාරීන්ට අවශ්‍ යසියලූ ප‍්‍රතිකාර හා පහසුකම් ලබා දීමටත්  වහා පියවර ගන්නා ලෙස සෞඛ්‍ය ඇමතිවරයා ඇතුළු සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලාසිටිමු.

ස්තූතියි.

මෙයට,

එච්.එම්.එස්.බී. මැදිවත්ත

වැඩ බලන සභාපති

9 COMMENTS

  1. An intriguing discussion is definitely worth comment.

    There’s no doubt that that you need to publish more on this subject, it
    may not be a taboo matter but usually folks don’t speak about such topics.

    To the next! Best wishes!!

  2. I not to mention my buddies were found to be examining the nice helpful tips located on the website then immediately got a terrible suspicion I never expressed respect to you for those tips. Most of the young men became as a consequence passionate to see them and have now simply been taking pleasure in them. I appreciate you for actually being indeed thoughtful and for settling on these kinds of ideal resources most people are really desirous to be informed on. Our honest regret for not expressing appreciation to earlier.

  3. I must convey my admiration for your generosity for individuals who should have help on that issue. Your very own dedication to getting the solution all-around came to be unbelievably invaluable and have constantly permitted guys much like me to attain their endeavors. Your entire important publication implies a great deal a person like me and a whole lot more to my mates. Best wishes; from everyone of us.

  4. I am glad for commenting to let you be aware of what a fine experience my wife’s daughter encountered going through the blog. She mastered a good number of details, which included what it’s like to possess a great coaching mindset to make certain people easily learn certain grueling issues. You undoubtedly did more than my desires. Many thanks for giving those good, dependable, explanatory and easy guidance on the topic to Tanya.

  5. Thank you so much for giving everyone an exceptionally nice opportunity to check tips from this website. It’s always so good and as well , jam-packed with amusement for me and my office mates to search your blog minimum 3 times per week to see the fresh secrets you have. And lastly, I’m certainly pleased with all the staggering techniques you give. Certain 1 ideas on this page are surely the finest we have all had.

  6. I definitely wanted to write a brief word in order to express gratitude to you for the nice secrets you are writing here. My extensive internet search has now been recognized with reliable facts and strategies to go over with my co-workers. I ‘d repeat that many of us readers actually are very much lucky to be in a wonderful place with very many special individuals with good ideas. I feel extremely blessed to have come across your entire webpages and look forward to many more excellent minutes reading here. Thanks a lot again for everything.

  7. My spouse and i have been really delighted Albert could complete his web research by way of the precious recommendations he made in your web page. It’s not at all simplistic just to choose to be giving freely helpful hints that some other people may have been trying to sell. Therefore we figure out we need the writer to appreciate for this. The most important illustrations you’ve made, the easy website navigation, the relationships your site make it possible to foster – it’s got most fabulous, and it is leading our son in addition to the family know that that matter is cool, which is certainly rather serious. Thank you for all!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here