‘ඇමති ගෝලයන්ගෙන් ත්‍රිපෝෂ වලට වස’ පුවතේ ඇත්ත නැත්ත …

9

‘ඇමති ගෝලයන්ගෙන් ත්‍රිපෝෂ වලට වස’ ප්‍රවෘත්තිය සම්බන්ධව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න සිය අදහස් පලකර තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්නගේ ප්‍රකාශය –

‘එහෙම සිද්ධියක් ගැන මම දන්නෙ නැහැ.’

පුවත්පතක ප්‍රධාන පුවත, වෙබ් අඩවි ගණනාවක් පළ කළ පුවතක්, ෆේස්බුක් සමාජ ජාලයේ 4,000 ඉක්මවූ හුවමාරු වීම්.. මේ ගැන විෂය භාර ඇමතිවරයාගේ පාර්ශ්වයෙන් විමසීමක්වත් කළේ නැද්ද.. ?

‘නෑ. මං දන්න විදිහට නම් මොකුත් අහලා නෑ.’

ඒ කියන්නෙ බලධාරීන්ගේ මැදිහත්වීමත් මේකට තියෙනවා වගේද..?

‘එහෙම කියන්න බෑනෙ. මං ඔය ගැන බලන්නම්. හවසට කතා කරන්නකො.’

නීතිවිරෝධී වැඩ කරන අය බල බලා ඉන්නෙ නෑ. එතකොට පරීක්ෂණ වලට කොකා පෙන්නලා, කන්ටේනර් පෙට්ටි පන්නගන්නත් පුළුවන්..?

‘නෑ. එහෙම වෙන්නෙ නෑ.’

අදාළ ප්‍රවෘත්තිය –

ඇමති ගෝලයන්ගෙන් ත්‍රිපෝෂ වලට වස !

දරුවන්ට සහ ගර්භණී කාන්තාවන්ට ලබා දෙන ත්‍රිපෝෂ සදහා භාවිතා කරන ප්‍රමිතියෙන් තොර, ජාන වෙනස් කරන ලද සෝයා බෝංචි තොග නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වීමේ ජාවාරමක් පිළිබද තොරතුරු අනාවරණය වේ.

ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකුගේ සමීපතමයකු විසින් පවත්වාගෙන යන එස්.බී.එම්. ලංකා ට්‍රේඩින් සමාගම මගින් පසුගිය මැයි මාසයේ සිට මේ තොග ගෙන්වීම ආරම්භ කර ඇත. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව මේ වන විට මෙම ශරීරයට අහිතකර සෝයා බෝංචි කන්ටේනර් පෙට්ටි 55 ක් ගෙන්වා තිබේ. එයින් පෙට්ටි 40 ක් ව්‍යාජ රබර් මුද්‍රා යොදා පිටතට ගෙන ගොස් ඇත. මෙසේ නීතිවිරෝධී ලෙස නිදහස් කරගෙන ඇති සෝයා බෝංචි තොගයේ වටිනාකම රුපියල් කෝටි 11 කට ආසන්න ය.මෙයින් රුපියල් කෝටි 4 කට ආසන්න බදු ආදායමක් රේගුවට අහිමි වී තිබේ.

මෙරට ත්‍රිපෝෂ නිෂ්පාදනය සදහා යොදාගත හැක්කේ මෙරට නිෂ්පාදිත සෝයා බෝංචි තොග පමණි. ඒවාටද යෙදිය හැකි රසායන ද්‍රව්‍ය සීමා කර ඇත. මෙරට සෝයා බෝංචි අස්වැන්න අඩු වුවහොත් පමණක් විදේශ රටකින් අනුමැතිය ලබා දෙන තොගයක් අණ ගෙන්විය හැකිය. එහෙත් එම තොගයේ ජාන වෙනස් කර නැති බවත්, ඊට යොදා ඇති රසායන ද්‍රව්‍ය පිළිබදවත් අදාළ තොගය ගෙන්වන රටින් විශේෂ සහතිකයක් ලබාගත යුතුය. නීතිවිරෝධී ලෙස ගෙන්වා ඇති මෙම සෝයා බෝංචි තොග වලට එම සහතික කිසිවක් නැත. එසේ තිබියදී ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපතිවරයා විසින් ලිඛිතව රේගුවෙන් ඉල්ලා ඇත්තේ මෙම නීතිවිරෝධී සෝයා බෝංචි තොග නිදහස් කරන ලෙසය.

සෝයා බෝංචි තොග මෙරටට ගෙන්වීම සදහා එක් ආනයනකරුවකු පමණක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති අතර, එම ආනයනකරුටද සෝයා බෝංචි ගෙන්විය හැක්කේ සෝයා තෙල් නිෂ්පාදනයට පමණි. මෙරට විකිණීමට හෝ වගා කිරීමට සෝයා බෝංචි ගෙන්වීම සපුරා තහනම් ය.

එසේ තිබියදී අදාළ නීතිවිරෝධී සෝයා බෝංචි තොග ඉන්දියාවෙන් සහ මොසැම්බික් රාජ්‍යයෙන් ගෙන්වා ඇති අතර, මොසැම්බික් රාජ්‍යයෙන් ගෙන්වා ඇති එක තොගයක ඉන්වොයිසියේ පැහැදිලිව සදහන් කර ඇත්තේ බීජ ලෙස ය.

මේ තොගය ගෙන්වා ඇති සමාගමේ ලිපිනය වන්නේ 166/2 G, ඇල්විටිගල මාවත, කොළඹ 08 ය. එහෙත් මේ ලිපිනයේ එවැනි සමාගමක් නැත. සමාගමේ දුරකතන අංකය ලෙස සදහන් වන 0114 721020 අමතා මේ පිළිබද විමසීමට උත්සාහ කළද, එම අංකයට කිසිවකු පිළිතුරු දුන්නේ නැත.

වසරේ අවසාන කාලයේදී මෙරට සෝයා බෝංචි අස්වනු නෙළීම සිදු වේ. එම නිසා සාමාන්‍යයෙන් මේ කාලයේදී කිසිදු හේතුවක් මත සෝයා බෝංචි ආනයනය කිරීමට ඉඩ නොදෙන බව මේ පිළිබදව කළ විමසීමකදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් පැවසීය.

මේ වන විට නීතිවිරෝධී ලෙස ගෙන්වූ තවත් සෝයා බෝංචි කන්ටේනර් පෙට්ටි 15 ක් රේගුවේ රදවා ඇති අතර, එම තොග නිදහස් කරගැනීම සදහා ආණ්ඩුවේ ඉහළම පාර්ශ්වයන්ගෙන් බලපෑම් එල්ල වෙමින් පවතින බවත්, මේ නීතිවිරෝධී තොග වලට අදාළ විමර්ශන නතර කරන ලෙස තර්ජන එල්ල වෙමින් පවතින බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරයි.

(ශාලික විමලසේන)

9 COMMENTS

  1. With a great eye and taste for delineation, you may make an atmosphere
    impeccable for just about any exercises linked to feasting room.
    in April 22, 1560, he was quoted saying:” Your Majesty, you’re invincible and contain the world in awe. As modern humanity exposes their tanned skin during vacations that they like to show off their pictures in online community websites.

  2. Leonardo lived in the own measured rhythm, and try to cared
    about the caliber of his paintings completely ignoring time it will require to
    achieve the task. A vector path, it doesn’t matter what the
    twists and turns are, could be more elastic and scalable.
    It is maybe one of the most worldwide of mediums, at its practice and in its range.

  3. I am just writing to make you be aware of of the fabulous encounter our princess gained studying your web site. She mastered some details, with the inclusion of what it is like to have an incredible helping spirit to make folks just grasp some grueling topics. You actually exceeded her expected results. Many thanks for rendering such necessary, healthy, explanatory and in addition easy tips about this topic to Janet.

  4. Thanks so much for giving everyone an exceptionally breathtaking opportunity to discover important secrets from this web site. It can be so enjoyable and as well , packed with a great time for me and my office mates to search the blog really three times every week to learn the newest guidance you have. Of course, I’m so always contented concerning the breathtaking pointers served by you. Selected two tips in this posting are certainly the finest I have had.

  5. I precisely had to thank you very much once again. I’m not certain the things I would’ve implemented in the absence of the type of creative ideas revealed by you on such a situation. It previously was an absolute traumatic crisis for me, however , viewing a new skilled way you treated that took me to leap with contentment. I will be happy for the service and then pray you recognize what an amazing job you have been doing training many people with the aid of your site. More than likely you haven’t met all of us.

  6. I must get across my appreciation for your kind-heartedness for all those that really want guidance on this particular topic. Your personal dedication to getting the solution throughout became really good and have continuously empowered some individuals much like me to arrive at their targets. This insightful guidelines means much a person like me and a whole lot more to my office colleagues. Regards; from each one of us.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here