මගේ දැඟලිල්ල අඩුවක් නෑ

0

උදාරි කවදාද ලංකාවට ආවේ?

දැන් වැඩි දවසක් නැහැ

කෝ සැමියා?

සැමියාව සිංගප්පුරුවේ තියලා ආවේ. මොකද එයාට නිවාඩු නැහැ. එයත් එක්ක ආවොත් උපරිම දවස් දෙක තුනක් තමයි ඉන්න පුළුවන් වෙන්නේ.

දිගටම ලංකාවේ නවතිනවා කියන්නේ?

ඔව්. මේ පාර ලංකාවට ආවේ දිගටම නවතින්න බලාගෙන. අවුරුදු දෙකක් ක්‍ෂේත‍්‍රයෙන් සමුගෙන හිටියා.

දැන් වැඩ පටන්ගන්න ද සුදානම්?

නැතුව. ආපහු වැඩ පටන්ගන්න සුදානම්.

වැඩ තියේවි කියලා හිතෙනවාද?

ඔව්. අනිවාර්යෙන්ම. තාවකාලිකව සමුඅරගෙන හිටපු කාලසිමාව තුළදීත් මට ආරාධනා ලැබුණා. දැන් ඒ වගේ දහගුණයකින් නිර්මාණවලට ආරාධනා ලැබෙනවා.

අම්මයි, දුවයි ලංකාවේ නවතිනවට සැමියා කැමැති වුණාද?

ඇත්තටම ඔහුගෙන් මට ලැබෙන දායකත්වය වචනයෙන් කියා නිම කරන්න බැහැ. පුදුම විදිහට මාව තේරුම් අරගෙන ඉන්නේ.

රඟපාන්න සුදුසු සිරුරක් තියෙනවා කියලා හිතනවාද?

මොකද නැත්තේ.

දැන් අම්මා කෙනෙක්. ආපසු සංසලා වගේ වෙන්න පුළුවන්ද?

පැහැදිලිවම පුළුවන්. මොකද මම ඒ අභියෝගයට මුහුණ දීලා ඒ අභියෝගය ජයගෙන තිබෙනවා. දැන් අම්මා කෙනෙකුට තියෙන සිරුරක් නෙමෙයි මට තියෙන්නේ.

ආපහු පෙම්වතිය වෙන්න පුළුවන්?

ඔව්. මට ආපහු ලැබුණේ පෙම්වතියගේ චරිත තමයි.

මොනවාද ඇඟ හැඩට තියා ගන්න කරන්නේ?

පෝෂ්‍යදායි ආහාර වේලක් අරගෙන හොඳට ව්‍යායාම් කරනවා.

අම්මා කෙනෙක් වෙලත් කෙල්ල කාලේ ඇඳපු ඇඳුම් තමයි තාමත් අදින්නේ?

මගේ වයසේ හැටියට මම විලාසිතා කියන දේ හුඟක් අනුගමනය කරනවා. අම්මා වුණා කියලා මට රෙද්ද හැට්ටය, චිත්තය ඇදගෙන ඉන්න වුවමනාවක් නැහැ. මම ඒ පටු රාමුවෙන් මිදුණු අම්මා කෙනෙක්.

ඒකෙන් මිදෙන්න සැමියා ඉඩ දුන්නාද?

ඔහුගේ කැමැත්තත් එවැනි පටු රාමුවෙන් මිදිලා ඉන්න එකට.

ඒකද තවමත් විසේකාරකම් වලින් අඩුවක් නැත්තේ ?

අම්මා කෙනෙක් වුණා කියලා මගේ විසේකාරකම්, දැඟලිල්ල අඩුවක් වෙලා නැහැ.

සැමියා මොකද ඒ ගැන කියන්නේ?

ඔහු කැමැති නැහැ මම තැන්පත්වෙලා ඉන්නවාට. සංසලා කියන චරිතයට තමයි. එයා කැමැති. දඟකාර උදාරිට තමයි සැමියා කැමැති.

අම්මා කෙනෙක් හින්දා දැන් උදාරිට කටකතා හැදුණොත් බරපතලයි නේ?

රංගන ක්‍ෂේත‍්‍රයේ සිටින හැමදෙනාම කටකතා කියන දේ බලාපොරොත්තු විය යුතු දෙයක්. සියයට අනුනමයකටම කටකතා කියන දේවල් හැදෙනවා. ඒ අනුනමයෙන් එක්කෙනෙක්ගේ ගොඩට මාත් ඇති කියලා හිතනවා.

කොහොමද සිංගප්පුරුවේ ගෙවුණු ජිවිතය?

හරිම සුන්දරයි. පවුල් සංස්ථාව කියන දේ තරම් වටිනා දෙයක් නැහැ. මම ඒ වටිනාකම ඇත්තටම හුක්ති වින්දා වගේම විදිමින් ඉන්නවා. ඔහුගෙන් තාවකාලිකව හෝ සමුඅරගෙන මෙහාට වෙලා සිටිම දුකක්. සැමියා මාව බලන්න හැම මාසයකටම වරක් එනවා. ඉස්සරත් එහෙමනේ.

ජිවිතේ ඉස්සර තිබුණු සැහැල්ලූව තාමත් තියෙනවාද?

සැහැල්ලූව තියෙනවා. ඒ වුණාට වගකීම් වැඩිවෙලා.

හොඳ අම්මා කෙනෙක් වෙන්න පුළුවන් වෙයි කියලා හිතනාවද?

මම හොඳ අම්මා කෙනෙක් කියලා විශ්වාස කරනවා. මම අද වෙනකම් දරුවාගේ කිසිම දෙයකට කිසිම කෙනෙකුගෙන් උදව් අරගෙන කරලා නැහැ. දරුවාගේ හැමදෙයක්ම මගේ අතින් තමයි සිදුවෙන්නේ.

තනිකඩ ජිවිතයට වඩා මේ ජිවිතය හොඳයිද?

තනිකඩ ජිවිතයට වඩා පවුල් ජිවිතය හා මව් පදවිය ගොඩක් වටිනවා.

දරුවෙක්ගේ වගකිම් ගන්න බයක් හිතුනේ නැතිද?

ගොඩක් ලොකු බයක් දැනුණා. හැබැයි දැන් ඒ බය නැතිව ගියා.

අම්මා කෙනෙක් වුණු හින්දා උදාරිට තරුණ තරුණියෝ ආදරය කරන එක නැතිවේවිද?

ඔය කතාව හැම මාධ්‍යවේදිවෙක්ම මගෙන් අහපු ප‍්‍රශ්ණයක්. පායා එන්න හිරු සේ චිත‍්‍රපටය රඟපාලා තිරගත වෙන්න කලින් මම විවාහ වුණා. එතකොට ඇහැව්වේ ඔයාගේ ජනප‍්‍රියත්වයට විවාහය බාධාවක් නෙමෙයි ද කියලා. මම එදත් කිව්වේ නැහැ කියලා. අද මගෙන් අහනවා ජනප‍්‍රියත්වය ඉහළම ඉන්නකොට මවු පදවිය ලැබුවා කියලා. මම අදත් කියන්නේ ඒ ජනප‍්‍රියත්වය අදටත් අඩුවක් නැහැ කියලා.

හේතුව ?

මගේ පිනට වගේම වාසනාවට මා වටා ඉන්න පේ‍්‍රක්‍ෂකයන් හරි අවංකයි. ඔවුන් මම විවාහ වුණා කියලවත් මවක් වුණා කියලවත් මාව අතහැරලා යන්නේ නැහැ.

සාකච්ඡා කලේ දිනේෂ් විතාන
උපුටා ගැනීම මීවිත

udari-warnakulasooriya