යුද්ධයේ අන්තිම පැය 48 තුල පමණක් අතුරුදහන් වූ සංඛ්‍යාව 500ත් පනී!

4

ජාත්‍යන්තර අපරාධ අධිකරණ වලට සාක්ෂි ගොනු කිරීම සම්බන්ධයෙන් විශේෂඥතාවක් උසුලන සම්මානලාභී විද්‍යාඥ කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් මියගිය ජනකාය ගණනය කිරීම ආරම්භ කර තිබේ.

ඇමරිකා එක්සත් ජනපදයේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර මූලස්ථාන කොටගත් මානව හිමිකම් දත්ත විශ්ලේෂක සමූහය (HRDAG) මුල පුරා ඇත්තේ ජගත් මානව හිමිකම් නීතිවේදිනී යැස්මින් සූකාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) සමග හවුල්වෙමින් මෙම සංගනනය ක්‍රියාත්මක කරමින් සිටි.

එම සංවිධාන දෙක විසින් පසුගිය මාසයේ ගණනය කර තිබූ පරිදි ශ්‍රී ලංකාවේ යුද්ධයේ අන්තිම පැය 48 තුල පමණක් අතුරුදහන් වූ සංඛ්‍යාව 500 ඉක්මවන බව මේ වන විට අනාවරණය කර තිබේ.

මේ අතර ඥාතීන්ට, මිතුරන්ට සහ අසල්වාසීන්ට කතාකොට මළගියඇත්තන්ගේ නම් එකතු කරගෙන තමන්ට සපයන ලෙස ඉල්ලා සිටින HRDAG සහ ITJP ඒ දත්ත ලේඛනගත කිරීම පහසු කරනු පිණිස ආකෘති පත්‍රයක් සහ උපදෙස් අන්තර්ජාලයටඇතුල් කර තිබේ.

itjpsl@gmail.com හෝ info@hrdag.org ඊමේල් ඔස්සේ විස්තර එවන ලෙසඉල්ලා සිටින එම සංවිධාන දෙක තොරතුරු වල මුලාශ්‍ර සහ විස්තර සපයන්නන් පිළිබඳ කරුණු රහසිගතව තබාගන්නා බවට සහතිකවෙයි.

4 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here