පෞද්ගලික ආරවුලකට පාසල් සිසුවෙකුගේ වම් අත කපා වෙන් කරලා

11

හැටන් පොලිස් වසමට අයත් යුන්ෆිල්ඩ් වතුයායේ පහල කොටසේ පදිංචිව සිටි පාසල් සිසුවෙකුට පහර දි තියුණු ආයුධයකින් සිසුවාගේ වම් අත කපා වෙන් කල සැකකරුවෙකු හැටන් පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

පාසල් සිසුවා සහ සැකකරු අතර පෞද්ගලික ආරවුලක් සම්බන්ධයෙන් ඇති වුවේ යැයි කියන බහින් බස් විමක් දුර දිග යාමෙන් පසු සැකකරු ඊයේ (13) රාත්‍රි 10 ට පමණ පාසල් සිසුවාට පහර දි සිසුවාගේ වම් අත කපා වෙන් කර ඇති බවයි හැටන් පොලිසිය  පැවසුවේ.

සැකකරු සහ තුවාල ලැබු සිසුවා එකම නිවාස පේලියක පදිංචිකරුවන් බවද පැවසේ.

බරපතල ලෙස තුවාල ලැබු සිසුවා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු සිසුවා වැඩි දුර ප්‍රතිකාර සදහා පේරාදේණිය ශික්ෂන රෝහල වෙත මාරු කර යවා ඇත.

බරපතල ලෙස තුවාල ලැබු සිසුවා හැටන් කොටගල ප්‍රදේශයේ ප්‍රධාන දමිල පාසලක උසස් පෙල විෂය හදාරන 18 හැවිරිදි සිසුවෙකු බවයි පොලිසිය පැවසුවේ.

පාසල් සිසුවාගේ අත කපා වෙන් කර තුවාල සිදු කල සැකකරුගේ නිවස අද (14) උදැසන වතු කම්කරුවන් පිරිසක් විසින් පහර දි අලාභ හානි සිදු කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන බව හැටන් පොලිසියේ නිලධාරියෙකු පැවසිය.

සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරික්ෂණ පවත්වයි.

හැටන් රංජිත් රාජපක්ෂ

 

 



11 COMMENTS

  1. Hello! Someone in my Myspace group shared this website with us
    so I came to take a look. I’m definitely loving the information. I’m bookmarking and will be tweeting this to my followers!

    Outstanding blog and wonderful design and style.

  2. I just want to say I’m newbie to blogging and site-building and really loved this web page. Probably I’m want to bookmark your website . You surely have fantastic well written articles. Kudos for sharing your web-site.

Comments are closed.