දෙමළ සංධානයට තව දුරටත් විපක්ෂයේ ඉඩක් නෑ

122

දෙමළ සංධානය අනිවාරයෙන්ම ආණ්ඩුවේ පාරශවකරුවෙක්.  ඒ නිසා තව දුරටත් දෙමළ සංධානයට විපක්ෂයේ වාඩි වී විපක්ෂයට වෙන් කරන විවාද කාලය කමිටු නියෝජන ලබා දෙන්න පුළුවන් කමක් නැති බව පිිවිතුරු හෙළ උරුම නායක නීතිඥ උදය ගම්මන්පිල පවසනවා.

“දෙමළ සංධානයේ නායක සම්බන්දන් මහතා විපක්ෂ නායක ධූරය දැරූ සමයේ ලෝක වාරතා ගණනාවක් පිහිටෙව්වා. ආණ්ඩුවේ අයවැයකට කිසිම සංශෝධනයක් ඉදිරිපත් නොකර කොන්දේසි විරහිතව එයට සහය දැක්වූ ලෝක ඉතිහාසයේ ප්‍රථම විපක්ෂ නායකවරයා සම්බන්දන්.එතුමා ඒ හපන්කම වරක් දෙවරක් නොවේ හතර වතාවක් කළා.  ඒ වගේම අගමැතිට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් වුණාම ඊට එරෙහිව ඡන්දය පාවිච්චි කළ ලෝක ඉතිහාසයේ ප්‍රථම සහ එකම විපක්ෂ නායකත් සම්බන්දන් . දැන් විපක්ෂනායකකමත් ගැලවී ගිහිල්ලා මොනවද එතුමන්ලා කරන්නේ.”

“පසුගිය සිකුරාදා යාපනයේ පැවැති රැස්වීමක දී මාවෙයි සේනාධිරාජා මන්ත්‍රිතුමා කිව්වා අපූරු කතාවක්.  එජාප ආණ්ඩුව කැබිනට් තීන්දු ගැනීමට පෙර ඒ පිළිබඳ දෙමළ සංධානය සමග සාකච්ඡා කරන යාන්ත්‍රණයක් පිහිටුවා තිබෙනවාලු.  ඒ වගේම උතුරු පළාත් සංවර්ධනය අගමැති අතට ගත්තේ දෙමළ සංධානයේ ඉල්ලීමටලු.  උතුරු පළාත් සංර්වධන කටයුතු සිදු වන්නේ දෙමළ සංධානයේ අවශ්‍යතා පරිදිලු.  කැබිනට් තීන්දු ගන්න දෙමළ සංධානය සම්බන්ධ වෙනවා නම් උතුරු පළාත් සංර්වධන අමාත්‍යාංශය මෙහෙයවීම කරන්නේ ඒ අය නම් දෙමළ සංධානය අනිවාරයෙන්ම ආණ්ඩුවේ පාරශවකරුවෙක්.  ඒ නිසා තව දුරටත් දෙමළ සංධානයට විපක්ෂයේ වාඩි වී විපක්ෂයට වෙන් කරන විවාද කාලය කමිටු නියෝජන ලබා දෙන්න පුළුවන් කමක් නෑ.  ලංකා ඉතිහාසයේ කිසිම දේශපාලන පක්ෂයක් මේ වගේ දෙබිඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරලා නෑ.  ඒ නිසා කතානායකතුමා හමු වෙලා වහාම දෙමළ සංධානය ආණ්ඩුවේ පාර්ශවකරුවෙකු ලෙස සලකන මෙන් ඉල්ලීම් කිරීමට බලාපොරොත්තු වෙනවා.”

“කතානායකතුමා මෑතකදී ඔන්න එක තීරණයක් නම් කොන්ද කෙලින් තියාගෙන දෙමළ ජාතික සන්ධානයේ බලපෑම්වලට යටත් නොවී ගත්තා.  ඒ තමයි විපක්ෂනායකධූරය මහින්ද රාජපක්ෂ මැතිතුමාට ලබා දීමේ තීරණය. මේ තීරණයේ දී එතුමන් ස්වාධීනව කටයුතු කරනවාද නැද්ද කියන පරීක්ෂාවක් කරන්න පුළුවන්.”

122 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here