ශ්‍රි පාද වන්දනාකරුවන්ගෙ වාහන මුදල් ගසා කැමේ මාෆියාවක්

55

ශ්‍රි පාද වන්දනාකරුවන් රැගෙන එන පුද්ගලික වාහනවලින් නල්ලතන්නිය නගරයේ  පුද්ගලික රථ වාහන ගාල් වලින් අධික ලෙස  මුදල් අය කිරිම නිසා එම වාහන වල අයිතිකරුවන් සහ රියදුරුවරුන් දැඩි අසිරුතාවයකට පත් වි  සිටි.

මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ රථගාලක් වශයෙන් ලියාපදිංචි කිරිමකින් තොරව  නල්ලතන්නිය නගරයේ ස්ථාන කිහිපයක රථ වාහන ගාල් කිහිපයක් ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු විසින් ශ්‍රි පාද වන්දනා වාරයේදි පවත්වාගෙන යනු ලබයි.

කිසිදු පොදු පහසුකමක්වත් නොමැතිව පවත්වාගෙන යන  මෙම රථ ගාල තුල බස් රථයක් ගාල් කිරිම  සදහා රු 500 ක් ද, කුඩා බස් රථයක් සදහා රු 450 ක්ද වැන් රථයක් සදහා රු 350 ක්ද, ත්‍රිරෝද රථයක් සදහා රු 250 ක්ද, යතුරුපැදියක් සදහා රු 200 ක් වැනි විවිධ මිල ගණන් යටතේ මෙම පුද්ගලික රථගාල් වලින් මුදල් අයකරන අතර, එම රථගාල් වල ඇතුල් කරන සැම වාහනයක වගකිම එම රථගාල් පවත්වාගෙන යන අය විසින් භාර ගැනිමක් සිදු නොකරයි.

එම රථගාල් වල ගාල් කරන සියළුම වාහන වල රියදුරා අනිවාර්යයෙන්ම වාහනයේ හෝ රථගාලේ  රැදි සිටිය යුතු බවටද එම රථගාල් පවත්වාගෙන යන අය විසින් නිතියක් පනවා ඇත.

සුළු වේලාවකට වුවද එම රථගාල් වලට රථවාහන ඇතුල් කර ගාල් කර තබන  රථ වාහනවලින් ඉහත සදහන් මුදල් අය කරනු ලබන්නේද බලහත්කාරයෙනි.

ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් මස්කෙලිය ප්‍රාදේශිය සභාව මගින්ද පවත්වාගෙන යන පොදු රථ ගාල තුලද මෙවැනිම ආකාරයට ගාල් කරන වාහන සදහා විවිධ මිල ගණන්  යටතේ අධික මුදලක් අය කරන බවද පැවසේ.

ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් අය කිරිමකින් රථ වාහන ගාල් කිරිමට පොදු රථ ගාලක් ඉදි කර දිමට හෝ මෙසේ අධික ලෙස අය කරන මුදල් අවම කිරිමට යම් වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස අදාල බලධාරින්ගෙන් වන්දනාකරුවන් රැගෙන එන පෞද්ගලික වාහන වල රියදුරන් සහ අයිතිකරුවන් කියා සිටියි.

මෙම ගැටළුව සම්බන්ධයෙන් අප මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ ලේකම් එම්.රාජවිරන් මහතාගෙන් අප කල විමසුමකට ඔහු කියා සිටියේ  තම ප්‍රාදේශිය සභාව මගින් පවත්වාගෙන යන පොදු රථ ගාලේ ගාල් කරන රථ වාහන සදහා අධික මුදලක් අයකරන්නේ නම් ඒ පිලිබදව සොයා බැලිමක් සිදු කරන බවයි.

නල්ලතන්නිය නගරයේ පෞද්ගලික රථගාල් කිසිවක් තම ප්‍රාදේශිය සභාවේ ලියාපදිංචි වි නොමැති බවත්, නල්ලතන්නිය නගරයේ සිදු වන මෙවැනි අකටයුතු පිලිබදව සොයා බැලිමට  තම ප්‍රාදේශිය සභාවට බලතල ලබා ගැනිම සදහා මධ්‍යම පළාත් අණ්ඩුකාරවරයා සහ මධ්‍යම පලාත් පලාත් පාලන කොමසාරිවරයා සමග සාකච්ඡා කර අතුරු ව්‍යවස්ථාවක් සකස් කර එම අතුරු ව්‍යවස්ථාව  ඉදිරියේදි ගැසට් කිරිමට පියවර ගන්නා බවද  එම සභාවේ ලේකම්වරයා කියා සිටියා.



55 COMMENTS

  1. This blog is obviously cool as well as diverting. I have discovered helluva useful things out of this source. I ad love to visit it again soon. Cheers!

  2. These kinds of Search marketing boxes normally realistic, healthy and balanced as a result receive just about every customer service necessary for some product. Link Building Services

  3. This blog is without a doubt interesting and informative. I have picked up many handy things out of this blog. I ad love to go back again soon. Thanks a lot!

  4. Wow! This can be one particular of the most useful blogs We have ever arrive across on this subject. Actually Great. I am also an expert in this topic so I can understand your hard work.

  5. It is common to find the ornamental painting and sculptures with shapes depicting a unique mix of different aspects of the artist’s religious, physical and cultural background.
    A vector path, it doesn’t matter what the twists and turns are,
    will be more elastic and scalable. It is maybe the most worldwide of mediums, in its practice plus
    its range.

  6. I just couldn’t go away your website prior to suggesting that
    I really loved the usual information an individual supply on your
    visitors? Is going to be again ceaselessly to check up on new posts

  7. I simply want to tell you that I am just newbie to blogs and really enjoyed your blog site. More than likely I’m going to bookmark your site . You really have terrific writings. Thank you for revealing your web page.

  8. Thanks for the sensible critique. Me & my neighbor were just preparing to do a little research on this. We got a grab a book from our local library but I think I learned more from this post. I am very glad to see such great info being shared freely out there.

Comments are closed.