ජනවර්ගවල ආගමික, සංස්කෘතික උරුමයන්ට ගරු කරමින් එක්සත්ව දිවිගෙවමු!

21

සරු අස්වැන්නක් ලබාදීමට ප්‍රමුඛ වූ සූර්ය දිව්‍යරාජයා නමදිමින්, ඒ සඳහා උපකාරී වූ ගවයින් ඇතුළු සමස්ත සොබාදහමට කෘතවේදීත්වය පිරිනමමින් පළමු අස්වනු මංගල්‍යය සැමරීම කෘෂිකාර්මික ජන සමාජවල දුරාතීතයේ සිට පැවත එන ප්‍රමුඛ ආගමික පිළිවෙතකි.

එබඳු ආගමික පිළිවෙතක් ලෙස දකුණු ඉන්දියාවෙන් ඇරඹුණු තෛපොංගල් උත්සවය මේ වන විට ලොව පුරා දමිළ ජනතාව මහත් හරසරින් සමරන ඉතා වැදගත් ආගමික, සංස්කෘතික උලෙළක් බවට පත්ව ඇත.

තෛපොංගල් උත්සවයේ සියලූ චාරිත්‍ර වාරිත්‍ර මිනිසා සහ සොබාදහම අතර සහජීවනය අර්ථවත් කරන අතරම මානව සමාජයේ සාමය, සතුට සහ සෞභාග්‍යය අරමුණු කරගනිමින් ඉටුකෙරේ. මෙය දමිල ජනතාවට පමණක් නොව සමස්ත ලෝකවාසී ජනතාවට සමානාත්මතාව සහ කෘතවේදීත්වයේ අගය කියා පාන උත්සව අවස්ථාවකි.

වාර්ගික, ආගමික අන්තවාදී බලවේග පරදවා ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කළ වටපිටාවක මෙවර තෛපොංගල් උත්සවය සමරන්නට ලැබීම සතුටට කරුණකි. විවිධ ජනවර්ගවල ආගමික, සංස්කෘතික උරුමයන්ට ගරු කරමින් එක්සත්ව දිවිගෙවීමේ අගය අවධාරණය කරමින්, තෛපොංගල් උත්සවය සමරන සහෝදර දමිළ ජනතාවට මාගේ හෘදයාංගම සුභාශිංසන පිරිනමමි.

රනිල් වික්‍රමසිංහ

අග්‍රාමාත්‍ය

2019 ජනවාරි 14



21 COMMENTS

  1. Terrific work! That is the type of info that should be shared across the net. Disgrace on Google for no longer positioning this put up higher! Come on over and seek advice from my web site. Thanks =)

  2. I just want to say I’m very new to blogs and definitely savored this web blog. Likely I’m going to bookmark your website . You absolutely have outstanding writings. Thanks for sharing your web site.

Comments are closed.