සියවස් ගණනාවක කළු ග‍‍ඟෙන්, කැළණි ග‍‍ඟෙන් මුහුදට ගිය වැලි කන්ද අපි වරාය නගරයේ තැන්පත් කළා…

30

වසර 03 ක් ඇතුළත සියළු දෙනාට ඇහුම්කන් දෙමින් වරාය නගරයේ ගොඩකිරීම් අවසන් කිරීම යහපාලන රජය ලබාගත් ජයග‍්‍රහණයක් බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.

අමාත්‍යවරයා  මෙම අදහස් පළ කර සිටියේ වරාය නගරයේ ගොඩකිරීම් අවසන් කිරිම වෙනුවෙන් පැවැති විශේෂ උත්සව අවස්ථාවට සහභාගී වෙමිනි. හෙක්ටයාර් 269 ක බිම් ප‍්‍රමාණයක් පිළිසැකසුම් මේ වන විට සම්පූර්ණ කර ඇති අතර වරාය නගරයේ දෙවෙනි අදියර සඳහා සියළු කටයුතු සූදානම් කර ඇත.එම උත්සවය සඳහා චීන තානාපති චෙන්ග් ෂුයේයුවාන් ඇතුළු පිරිසක් සහභාගී විය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

අද ශ‍්‍රී ලංකාවේ සංවර්ධන ඉතිහාසයේ ඉතා වැදගත් අවස්ථාවක්. අපේ වරාය නගර ව්‍යාපෘතියේ පළමු පියවර අද නිමා වෙනවා. සියළුම ආකාරයේ වැලි රැගෙන ඇවිත් මේ බිම ගොඩකිරීමේ කටයුතු අද අවසන් වෙනවා. අපි අද වැලි ගොඩ දැමීමට ගෙන ආ යන්ත‍්‍රයට ආයුබෝවන් කියන දවස. ඒ වගේම මේ ව්‍යාපෘතිය ගැන විවිධ අදහස් විවිද බිය ජනක තත්වයන් තිබුණා. ජාත්‍යන්තර වශයෙන් රටේ ආරක්‍ෂක තත්වය පිළිබඳව, රටේ ‍ස්වෛරීභාවය පිළිබඳව, පාරිසරික ප‍්‍රශ්න පිළිබඳව ඒ වගේම විශේෂයෙන්ම ධිවර ප‍්‍රජාවට තමන්ගේ වාසස්ථාන අහිමි වීම පිළිබඳව බිය ජනක තත්වයන් ඇතිකර තිබුණා.

අද සියවස් ගණනාවක් කළු ග‍‍ඟෙන්, කැළණි ග‍‍ඟෙන් මහ මුහුදට ගිය වැලි කන්ද නැවත අපි මෙතන තැන්පත් කර තිබෙනවා. කියුබික් මීටර මිලියන 70 කට අධික ප‍්‍රමාණයක්. ඒ මගින් අපි විශාල පරිසර බලයක් සෝදාපාලූවෙන් අපෙන් ඉවතට ගිය පරිසරයක් අපි නැවත ගොඩනගා තිබෙනවා. ඒ අතින් පරිසරයට ඉමහත් සේවයක් සිදු වී තිබෙනවා. ඒ වගේම අපි විශේෂයෙන්ම අපේ ධිවර ප‍්‍රජාව සහ ජෛව විවිධත්වය ආරක්‍ෂා කර ගැනීම සඳහා උපරිම ලෙස කටයුතු කර තිබෙනවා. තිබූ බියජනක තත්වයන් සියල්ලම දැන් නිම වී තිබෙනවා. ඒ වගේම මේ නිසා හෝදා පාලූව වැඩිවෙනවා කියා තිබුණා. ඒ සියළු තත්වයන් අපි දැන් මුදා හැර තිබෙනවා. ඒ වගේම අපි ඉදිරියේදී මේ චෛත්‍ය පාරට එනවා ගුවන් මගින් පාරක්, නව කැළණි පාලමේ සිට. එම මාර්ගය උමගක් මගින් අපි කොල්ලූපිටිය දක්වා ගෙනයන්න බලාපොරොත්තු වෙනවා. ඒ වැඩකටයුතු සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය ශඛ්‍යතා අධ්‍යනයක් කර තිබෙනවා. පරිසර අධ්‍යනය දැන් කරගෙන යනවා. එය අවසන් වූ වහාම එම වැඩකටයුතුත් අපි පටන් ගන්නවා.

ඊට අමතරව කඩුවෙල, රාජගිරිය, බත්තරමුල්ල පරිපාලන නගරය ඒ වගේම බේරේ වැව අවට ප‍්‍රධාන වාණිජ නගරය, මේ සියල්ල සම්බන්ධ කරන සැහැල්ලූ දුම්රිය සේවයත් මේ නව නගරයට ගමන් කරවන්න අපි කටයුතු කරනවා. බොහෝ දෙනෙක් බිය වී සිටියා මේකට විදුලිය, ජලය සපයන්නේ කොහොමද, මෙහි කසළ කළමනාකරණය කරන්නේ කොහොමද කියලා. ඒ ප‍්‍රශ්න සියල්ලම අපි දැන විසඳා තිබෙන බව කිව යුතුයි. මෙම ස්ථානයේ ඉතා කෙටි කාලයක් ඇතුළත නාගරික උද්‍යානයක් සියළු දෙනාටම ගොඩනැගෙනවා. ඒ වගේම ප‍්‍රධාන ඉඩම් කොටස් 4, ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය, ජාත්‍යන්තර පාසලක්, ජාත්‍යන්තර රෝහලක් සහ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවක් ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ කටයුතු පහසු දෙයක් නෙමෙයි වසර 3 ක් ඇතුළත සියළු දෙනාටම ඇහුම්කන් දෙමින් මේ කටයුත්ත කිරීම මේ යහපාලන රජය ලබාගත් විශාල ජයග‍්‍රහණයක්. මෙයට විරෝධය පෑ කිසිම කෙනෙක් අපි මර්ධනය කරන්න ගියේ නැහැ. ඒ හැම කෙනෙක් සමගම සාකච්ඡාවෙන් සම්මුතියෙන් මේ කටයුතු සාර්ථක කර ගන්න අපට හැකිවුණා. ඒ වගේම කිසිම කෙනෙක් සුදු වෑන් වලින් පැහැරගෙන යන්න සිදු වුණේ මෙම කටයුතු කරන්න. සියළු දෙනාම සමග සාකච්ඡුාවෙන්, ධර්මානුකූලව, අවිහිංසාවාදීව එම කටයුතු සිදු කර තිබෙනවා.

ඉදිරි කාලයේදී මෙහි ඉදිකිරීම් කටයුතුත් සිදු කෙරෙනවා. අනාගතයේ දරුවන්ට මේ රටේ පමණක් නෙමෙයි, ඉන්දියානු සාගරයේ ප‍්‍රධානම ආර්ථික මධ්‍යස්ථානය, ජවන ඇන්ජිම මෙතනින් ගොඩනැගෙනවා.

ඒ වගේම අපේ අමාත්‍යාංශය මගින් ඒකල ප‍්‍රදේශයේ ගොඩනගන ගුවන් නගරය, ඒ වගේම හෝමාගම ප‍්‍රදේශයේ ඉදිවන තාක්ෂණ නගරය. බත්තරමුල්ල ප‍්‍රදේශයේ ඉදිවන පරිපාලන නගරය, කෙරවලපිටිය ප‍්‍රදේශයේ ඉදිවන ප‍්‍රවර්ජන නගරය ඒ වගේම බේරේ වැව අවට ගොඩනැගෙන වාණිජ නගරය කියන මේ නගර සියල්ලත් සමග අපි බලාපොරොත්තු වෙනවා මේ කොල්ලූපිටියේ සිට දෙහිවල දක්වා තවත් වෙරළ නගරයක් ඉදිකරන්න. එම වෙළඳ නගරයත්, අපි දේශීය හා විදේශීය තාක්ෂණය යටතේ කරගෙන යන්න ශක්‍යතා අධ්‍යනයක කරගෙන යනවා. ඒ අනුව නව වෙරළක් අපට ලැබෙනවා මේ ඉදිරි දශකය ඇතුළත. එම ව්‍යාපෘතියත් මේ වන විට දියත් කර තිබෙනවා.

ඒ නිසා අලූත් කොළඹ නගරයක් ඉදිකිරීම සඳහා වන මේ වැදගත් සුහුරු නගර ව්‍යාපෘතියේ පළමු පියවර සාර්ථකව අවසන් කිරීම ගැන චයිනා හාබර් සමාගමටත්, අපට නිරන්තරයෙන්ම මිත‍්‍රත්වයේ, සහෝදරත්වයේ ආයෝජනයේ ශක්තිය ලබාදෙන චීන රජයටත්, එහි ජනාධිපතිතුමා නියෝජනය කරන තානාපතිතුමාටත්, ඒ වගේම මෙයට සහයෝගය දුන් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලටත් අපගේ ස්තූතිය පුද කරනවා. අපේ ජනතාවට අනාගතයේ රන්වන් අනාගතයකට, විශේෂයෙන්ම මේ රට හැර යන වෘත්තීයවේදීන්ට ඉන්න හිතෙන රටක් අනාගතයේ ගොඩනැගෙයි කියන බලාපොරොත්තු වෙනවා.

 

30 COMMENTS

  1. Hi! This is my first visit to your blog! We are a collection of volunteers and starting a new project
    in a community in the same niche. Your blog provided us useful information to work on. You have done a marvellous job!

  2. Definitely consider that which you said.
    Your favourite justification seemed to be on the web the easiest factor to be
    mindful of. I say to you, I certainly get annoyed at the same time as people consider worries that they plainly do not know about.
    You managed to hit the nail upon the top and defined out the
    entire thing without having side effect , folks could
    take a signal. Will probably be back to get more.
    Thanks

  3. It’s in point of fact a nice and helpful piece of information. I’m glad that you simply shared this helpful information with us.

    Please stay us up to date like this. Thanks for sharing.

  4. Hey there, You have done a fantastic job. I’ll certainly digg it and
    personally recommend to my friends. I am sure they’ll be benefited from this web
    site.

  5. Hello just wanted to give you a quick heads up. The text in your article
    seem to be running off the screen in Internet explorer.
    I’m not sure if this is a format issue or something to
    do with internet browser compatibility but I
    thought I’d post to let you know. The design and style look great though!
    Hope you get the problem solved soon. Kudos

  6. Pretty section of content. I just stumbled upon your web site and in accession capital to assert that I get actually enjoyed account your blog posts.
    Any way I will be subscribing to your feeds and even I achievement you access consistently fast.

  7. I want to to thank you for this excellent read!! I certainly enjoyed
    every little bit of it. I have got you book-marked to
    check out new stuff you Woah! I’m really enjoying the template/theme
    of this website. It’s simple, yet effective.

    A lot of times it’s tough to get that “perfect balance” between usability and visual appeal.
    I must say you’ve done a great job with this.
    In addition, the blog loads extremely quick for me
    on Safari. Superb Blog! I am sure this article
    has touched all the internet users, its really
    really pleasant piece of writing on building up new webpage.
    http://www.cspan.net

  8. Hi, i think that i saw you visited my site thus i got here
    to return the want?.I’m trying to in finding things to improve my website!I assume its ok
    to use some of your concepts!!

  9. I love your blog.. very nice colors & theme.
    Did you design this website yourself or did you hire someone to do it for you?
    Plz reply as I’m looking to design my own blog and would like to find
    out where u got this from. kudos

  10. Hey there would you mind letting me know which hosting company you’re working with?
    I’ve loaded your blog in 3 completely different browsers and
    I must say this blog loads a lot faster then most.
    Can you suggest a good internet hosting provider at a honest price?
    Thanks, I appreciate it!

  11. I simply want to mention I am just all new to blogs and honestly liked this web site. Likely I’m going to bookmark your website . You definitely have fantastic posts. Appreciate it for sharing with us your web-site.

  12. Please let me know if you’re looking for a writer for your weblog.
    You have some really good posts and I feel I would be a good asset.

    If you ever want to take some of the load off, I’d really like to write some material for
    your blog in exchange for a link back to mine. Please send me an email if interested.
    Cheers!

Comments are closed.