ආණ්ඩුවේ නායකයා අගමැතිවරයායි……, රට කරන්නේ ඔහුගේ ප්‍රතිපත්ති මතයි…!

8

ආණ්ඩුවේ ප්‍රධානියා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා බවත් ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්පාදනය කරන්නේ ද වික්‍රමසිංහ අගමැතිවරයා බවත් අමාත්‍ය පලනි දිගම්බරම් පවසනවා.

ඊයේ (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ දෙමළ සන්ධානයට අවශ්‍ය පරිදි රට මෙහෙයවන බවට පොහොට්ටුවේ පිරිස් චෝදනා කළද සුමන්තිරන්ට හා මාවෙයි සේනාධිරාජා අවශ්‍ය ලෙස රට පාලනය කිරීමට අගමැතිවරයා සූදානම් නැති බවයි.

“ඔවුන්ට ආණ්ඩුව ගෙන යන වැඩ පිළිවෙළට සහාය ලබා දිය හැකි බව ඇත්ත. නමුත් ඔවුන්ට අවශ්‍ය ලෙස මේ රට කරවනවා යැයි ප‍්‍රචාරය කිරීම ඉතාමත් අනතුරුදායකයි. ආණ්ඩුව කැබිනට් තීරණ ගන්නේ ඔවුන් සමග ඇති කර ගත් ඒකාබද්ධ යාන්ත‍්‍රණයකට කියලා හුඟක් තැන්වලදී කියලා තියනවා. මේක විශාල බොරුවක්. අවශ්‍ය නම් මටත් කියන්න පුළුවන් මේ ආණ්ඩුව කරවන්නේ අපියි කියලා. අපිටත් පාර්ලිමේන්තුවේ 6 දෙනෙක් ඉන්නවා. නමුත් අපි මේ ආණ්ඩුවේ කොටස්කාරයෝ විතරයි. අපිට අවශ්‍ය ජනතාවට සේවය කරන්න. ජාතිවාදය අවුස්සන්න සහජීවනයට අකුල් හෙළන්න අපට අවශ්‍ය නෑ. අපේ ආණ්ඩුවේ ප‍්‍රධානියා රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමා. අපි වැඩ කරන්නේ එතුමාගේ ප‍්‍රතිපත්ති ඉදිරියට ගෙන යන්න විතරයි.” අමාත්‍යවරයා සඳහන් කළා.



8 COMMENTS

  1. Have you finally wrote a good article, the spammers are running with it!
    This weigth loss program’s core strategies include meal planning, calorie shifting,
    and portion control. A good article in order to be have
    a great title.

  2. I just want to tell you that I am just newbie to weblog and absolutely loved this page. Most likely I’m want to bookmark your blog post . You surely have beneficial stories. Thanks for revealing your web-site.

Comments are closed.