ගෝඨාගේ නඩුව ජනවාරි 22 සිට දිනපතා විභාගයට…….!

17

වීරකැටිය, මැදමුලනේ ඩි.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු හත් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන 22දා සිට දිනපතා විභාග කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (17) නියෝග කළා.

අධිකරණය විසින් මෙම නියෝගය ගනු ලැබුවේ සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ උදෑසන කැඳවූ අවස්ථාවේදිය.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස නම් කොට ඇත්තේ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ප්‍රසාද් හර්ෂණ ද සිල්වා සහ එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කළ භද්‍රාවතී කමලදාස, සුධම්මික  ආටිගල, සමන් කුමාර ගලප්පත්ති , ඩී මෙන්ඩිස් සාලිය සහ මල්ලිකා කුමාරි සේනාධිර යන අයයි.

එසේම නඩුව පවතින කාලය තුළ විදේශ ගත වීමට බලාපොරොත්තුව සිටින නඩුවේ සාක්ෂිකරුවන්ට ඒ පිළිබඳව අධිකරණය දැනුවත් කරන ලෙස ද අධිකරණය මෙහිදි වැඩිදුරටත් විභාග කළා.

17 COMMENTS

  1. I do accept as true with all of the concepts you have
    introduced to your post. They’re very convincing and can certainly work.
    Still, the posts are too quick for beginners.
    May just you please lengthen them a bit from next time?
    Thanks for the post.

  2. I just want to say I am just beginner to blogging and site-building and honestly liked you’re blog. Most likely I’m going to bookmark your blog post . You surely come with fabulous writings. Regards for revealing your webpage.

Comments are closed.